ඔබත් මේ වැරදි පුරුදු සිදු කරනවද බලන්න
අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනා එදිනෙදා ජීවිතේදී සිදු කරන වැරදි පුරුදු කීපයක් ගැනයි… අපි නොදැනුවත්ව කරන සමහර දේවල් අපේ සෞඛ්‍යය නරක විදියට බලපාන්න පුළුවන්.
නිවැරදිව හිටගෙන ඉන්නේ මේ විදියට.
ගොඩක් දෙනෙක් කරන නරක පුරුද්දක් තමයි හිටගෙන ඉන්න කොට කොන්ද නවාගෙන ඉන්න එක අපි හිටගෙන ඉන්න වෙලාවට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන.
බෑග් එකක් එල්ලගෙන යන කොට මෙහෙම යන්න.
අද කාලේ පාසල් ළමුන් මෙන්ම රැකියාවලට යන තරුණ තරුණියනුත් backpack එකක් අරන් යන එක සාමාන්‍ය දෙයක් නමුත් ගොඩක් දෙනෙක් නිවැරදිව backpack එකක් රැගෙන යන විදිය දැනුවත් නෑ. වැරදි විදියට backpack රැගෙන යාමෙන් පසු කාලයකදී පිට කොන්දේ ආබද වුනත් ඇති වෙන්න පුළුවන්.
නිවැරදි විදියට වාඩි වෙන්න.
ගොඩක් දෙනෙක් පුටුවක වාඩි වෙන කොට කරන නරක පුරුද්දක් තමයි කොන්ද නවාගෙන හෝ බෙල්ල නවාගෙන වාඩි වෙන එක මේකනම් කිසිසේත්ම හොද දෙයක්නම් නෙමෙයි.
නිවැරදි විදියට නිදා ගන්න.
අප නිදා ගන්න විට භාවිත කරන කොට්ටය ගැන ගොඩක් වෙනවට සැලකිලිමත් වෙන්නේ නෑ.එක්කෝ ගොඩක් පුළුන් තියන පිම්බුණ කොට්ටයක් හරි එහෙමත් නැත්නම් පුළුන් අඩුවෙන් තියන පැතලි කොට්ටයක් තමයි භාවිතා කරන්නේ. එත් කොට්ටයක් තොර ගන්න කොට අපි බලන්න ඕන සාමාන්‍ය ප්‍රමාණයට පුළුන් තියන කොට්ටයක් තොරා ගන්න.එහෙම නොවුනහොත් පසුකාලීනව සෞඛ්‍යය ගැටළු ඇති වෙන්න ඒක බල පන්න පුළුවන්.
නිවැරදිව ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ මෙහෙමයි.
ගොඩක් වෙලාවට අපි කරන්නේ අත පහලට දාල දුරකතනය අල්ලාගෙන බෙල්ල නවාගෙන දුරකතනය දෙස බැලීමයි..නමුත් ඔබ කලයුත්තේ බෙල්ල නවන්නේ නැතුව අත ඉහලට ගෙන ඒමයි.
පරිගණකයක් ඉදිරිපිට වැඩ කරන විට.
පරිගණකයක් ඉදිරිපිට වැඩ කරන ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි එක්කෝ කොන්ද ඉදිරියට නවාගෙන පරිගණක තිරය දෙස බලාගෙන ඉන්නවා එහෙම නැත්නම් කොන්ද පිටුපසට නවාගෙන පරිගණක තිරයෙන් ඈත වීමට උත්සාහ දරනවා . මේ ක්‍රම දෙකම සුදුසු දෙයක්නම් නෙමෙයි.
බබෙක් වඩාගෙන ඉන්න විදිය.
බබෙක් වඩාගෙන ඉන්න කොට ගොඩක් කාන්තාවන් කරන දෙයක් තමයි ශරීරය දුන්නක් වගේ නවාගෙන ඉන්න එක . දරුවෙක් වඩා ගන්නවනම් ශරීරය කෙලින් තියාගෙන දරුවා වඩාගෙන ඉන්න එක තමයි නිවැරදි ක්‍රමය .
බර දෙයක් උස්සන කොට.