පසුගිය කාලයේ අපේ රටේ ගොඩ දෙනෙක් උනන්දු වුන දෙයන් තමයි වී.පී.එන් කියන්නෙ..ඒ වගේම මේගැන විවිද වැරදි ආරන්චිද සමාජයේ පැතිරුනා..ඉතින් අද අපි කතා කරන්න යන්නේ වී.පී.එන් ගැන ඇත්ත නැත්ත

අන්තර්ජාලය භාවිතා කරන විට තම පෞද්ගලිකත්වය රැක ගෙන ආරක්ෂාකාරී දත්ත හුවමාරු කරන්නට වීපීඑන් (VPN) හෙවත් වර්චුවල් ප්‍රයිවෙට් නෙට්වර්ක් (virtual private network) එකක් භාවිතා කළ හැක.

වී.පී.එන් ජාල

වී.පී.එන් ජාලයක් ඔස්සේ දන්ත යැවෙන්නේ එන්ක්‍රිප්ට් (encrypt) වීමෙන් පසුවය. මේ නිසා එම දත්ත වෙනත් අයෙකුගේ අතට පත් වුවද ඒවා කියවන්නට බැරිය. ඒවා කියවනු පිණිස ඩීක්‍රිප්ට් (decrypt) කළ යුතු බැවිනි. එසේ ඩීක්‍රිප්ට් කළ හැක්කේ එම විපීඑන් ජාලයටම සම්බන්ධ පරිගණකවලදී පමණි.

ආයතනයක් තුළ පිහිටි පරිගණක ජාලයක් හෙවත් ලෝකල් ඒරියා නෙට්වර්ක් (LAN – local area network) එකකදී එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත හුවමාරු කිර්ම බොහෝ ආරක්ෂාකාරීය. අවසර නොලත් පාර්ක්වයකට ඒ වෙත පිවිසිය නොහැකි බැවිනි. එහෙත් ආයතනයේ ඇති ජාලයම ඈත පිහිටි වෙනත් ආයතනික ජාලයක් හෝ පරිගණකයක් සමඟ හෝ සම්බන්ධ කළ යුත්තේය කියා සිතන්න. එවිට එම ජාල දෙක හෝ පර්ගණක හෝ අන්තර් ජාලය හෝ වෙනත් පොදු ජාලයක් ඔස්සේ හෝ එකිනෙක හා සම්බන්ධ කළ හැක. එවිට ආයතනික ජාලයේ තිබිය යුතු ආරක්ෂාවම අන්තර් ජාලය තුළදීත් එලෙසම රැක ගැනීම පිණිස විශේෂ උපාය යොදයි. මෙසේ උපාය යොදා සකසන ජාලයක් වී.පී.එන් ජාලයකි.

පරිගණක ජාලයක් භාවිතා කරන්නේ නැති වුවත් අන්තර්ජාලය භාවිතා කරන විටත්, තම පරිගණකය ඇති රට හෝ පරිගණකයේ අයිපී ලිපිනය හෝ අන්තර්ජාලය භාවිතා කරන ආකාරය හෝ අයුරු වෙනත් අයෙකුට හඳුනා ගත නොහැකි සේ ‘සඟවා’ තබා වැඩ කරන්නට වී.පී.එන් සේවයක් යොදා ගන්නට පුළුවන. පෞද්ගලික වීපීන් සේවා ලෙස මේවා හඳුන්වයි.

ටනල් බෙයා වැඩසටහන

වී.පී.එන් ජාලයක් සැකසීම පිණිස යොදන විශේෂ උපාය සියල්ල රැස් කර තැනු පෞද්ගලික වී.පී.එන් සේවා බොහෝ තිබෙයි. එසේම වී.පී.එන් පහසුකම සපයන වෙබ් සේවාද බොහෝ වෙයි. ටනල් බෙයා. (Tunnel Bear) යනු ඒවා අතන් ජනප්‍රිය වෙබ්

සේවාවකි. මෙහි නොමිලේ ලබා දෙන එකවුන්ට් එකක් සකසා ගත් විට මාසයකට මෙගාබයිට් 500 ක් තරම් දත්ත හුවමාරු කරන්නට පුළුවන. ටනල් බෙයා වැඩසටහන භාවිතා කර වීපීඑන් ස්වාව ලබා ගනු පිණිස tunnelbear.com යන වෙබ් අඩවියට පිවිසිය යුතුය. ඉන්පසුව එහි ඇති Get Started It’s Free නම් බන් එක ක්ලික් කළ යුතුය. දැන් තමා භාවිතා කරන සක්‍රිය ඊමේල් ලිපිනයක් සහ මෙහිදී භාවිතා කිරීමට වෙනත් පාස්වර්ඩ් එකක් ලබාදී ටනල් බෙයා වැඩසටහන ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන. මෙසේ ඩවුන්ලෝඩ් කරගත් පසු ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබිල් ක්ලික් කර එය ඉන්ස්ටෝල්වීමට ඉඩ හැරිය යුතුය.

ටනල් බෙයා වැඩසටහන ඉන්ස්ටෝල් කර ගැවීමෙන් අනතුරුව පළමු වරට ඒ වෙතට ඉබේ පිවිසෙයි. එහිදී Connect නම් පිටුව තුළ මූලික විස්තර දැක ගන්නට පුළුවන. තමා සිටින රට වශයෙන් පෙන්විය යුතු රට මෙතැනදී තෝරා දිය හැක. එසේ නොකළොත් Next බටින් එක ක්ලික් කළ විට නියම රට පෙන්වා අනෙක් විස්තරද දක්වයි. එකවුන්ට් එක ඇක්ටිව් කිරිම මෙසේ පියවර ඔස්සේ ඉදිරියට යොමුවීමෙන් පසුව Tunnel Bear වින්ඩෝ එක විවෘත වෙයි. දැන් එහි ඇති Log in නම් බන් එක ක්ලික් කළ යුතුය. දැන් මුලින් ලබා දුන් ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදී ටනල් බෙයා වැඩසටහනට ලොග් විය යුතුය. ටනල් බෙයා එකවුන්ට් එක සක්‍රිය හෙවත් ඇක්ටිව් කර ගැනීම පිණිස, සෙටප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා විට ලබා දුන් ඊමේල් ගිණුමට ලොග් විය යුතුය. එවිට Tunnel Bear නම් ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙනු පෙනේව්. දැන් එය විවෘත කර එහි ඇති Verify my account නම් බන් එක ක්ලික් කළ යුතුය. දැන් ටනල් බෙයා වැඩසටහන භාවිතා කරන්නට පුළුවන.