ගොඩක් දෙනෙක් ආසයිනේ ලස්සනට ඇදල පැලදල යන්න.ඒත් ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි කොහොමද නිවැරදි විදියට ඇදුමක් අඳින්නේ කියන එක. ඉතින් ඒකට මග පෙන්වීමක් කරන්න තමයි අද අපි උත්සාහ කරන්නේ.

කෝට් එකක් තෝරා ගන්නා නිවැරදි ක්‍රමය

ගොඩක් දෙනෙක් කෝට් එකක් තෝරා ගන්නාවිට කරන දෙයක් තමයි එක්කෝ තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා එකක් තෝරා ගැනීම, එහෙමත් නැත්නම් තමන්ට වඩා විශාල කෝට් එකක් තෝරා ගන්න එක. නමුත් නිවැරදි ක්‍රමය වන්නේ රූපයේ පෙන්වන පරිදි තමන්ට ගැලපෙන කෝට් එකක් තෝරා ගැනීමයි.

ටයි එකක් දාන කොට මේ ගැනත් හිතන්න

ටයි එකක් දාන කොට බෙල්ට් එකට ගොඩක් පහලට එන තෙක් හෝ බෙල්ට් එකෙන් ඉහලට වෙන්න දාන්න සුදුසු නෑ. නිවැරදි ක්‍රමය වෙන්නේ බෙල්ට් එකේ මට්ටම තෙක් ටයි එක පැලදීමයි.

කොලර් එකේ උඩ බොත්තම

කොලර් එකේ උඩ බොත්තම දාන කොට මතක තියා ගන්න ඕන දෙයක් තමයි යටින් තියන බැනියමේ කොටසක් පේන විදියට බොත්තම නොදා ඉන්න එක. එහෙම පේනවනම් බැනියම පොඩ්ඩක් පහලට කරන්න අමතක කරන්න එපා.

කෝට් එකේ බොත්තම් දාන විදිය

කෝට් එකක් අඳින කොට එකේ තියන බොත්තම් සියල්ල දාන්න අවශ්‍ය නෑ. මුලින් තියන බොත්තමද දාල කෝට් එකේ පහල කොටස සැහැල්ලුවෙන් තිබ්බට කමක් නෑ.

කෝට් එකේ අත් ගැන සැලකිලිමත්ද ?

කෝට් වල අත කොටසේ සමහර වෙලාවට වෙළද නාම ආදිය සදහන් වෙන්වා. ඉතින් අපි නොදැනුවත්වම ඒවා ප්‍රදර්ශනය වන ආකාරයට කෝට් එක පැළදගෙන යනවා. ඉතින් ඒ දෙය එතරම් සුදුසු නෑ.

කලිසම අඳින නිවැරදි ක්‍රමය

අපි සපත්තු දාල කලිසමක්  අඳින කොට සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තමයි කලිසම සපත්තු දෙකෙන් පහලට එන තෙක් දික් වෙළද එහෙමත් නැත්නම් සපත්තු වලින් ඉහලට වෙන්න තියනවද කියන එක. මොකද වඩාත් නිවැරදි සහ සුදුසු ක්‍රමය වන්නේ කලිසමේ දිග සපත්තු දක්වා දික් වීමයි රූපයේ දෙස බැලීමෙන් ඔබට අවබෝද කර ගන්න පුළුවන්.