ලුණු වතුරෙන් දුවන කාර් එකක් දැකල තියනවද ?
අන්තර්ජාලයේ සැරිසරන කොට අපිට හරි අපුරු නිර්මාණයක් හම්බුනා ඒ තමයි ලුණු වතුරෙන් ක්‍රියාත්මක වෙන කාර් එකක් ඇත්තෙන්ම මේක සෙල්ලම් කාර් එකක් මේ විදියට ලුණු වතුරෙන් විතරක් ක්‍රියාත්මක වෙන කාර් පමණක් නොවේ වෙනත් විවිද උපකරණත් අපිට සොයා ගන්න පුළුවන් උනා..ඇත්තෙන්ම මෙහි තිබෙන්නේ සරල ක්‍රියාකාරීත්වයක් මෙහි යකඩ සහ මැග්නීසියම් තහඩු දෙකක් දක්නට ලැබෙන අතර ඒ අතරට ලුණු වතුර දැමු විට ඒ තහඩු දෙක ඇනෝඩයක් සහ කැතෝඩයක් ලෙස ක්‍රියාත්මක වෙලා විදුලියක් නිපදවනවා එකෙන් එන බලයෙන් තමයි මේ සෙල්ලම් උපකරණ ක්‍රියාත්මක වන්නේ දැන් ඔබ හිතනවා ඇති මේ විදියටම ඇත්තම වාහනයක් ගමන් කරවන්න බැරිද කියල ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් නිපද වෙන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් එය සාමාන්‍ය වාහනයකට ප්‍රමාණවත් වන්නේ නෑ …මෙය ඔබට ebay වැනි වෙබ් අඩවියකින් රුපියල් 300 කටත් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්…ඇත්තෙන්ම මේ හරහා ඔබේ කුඩා දරුවන්ට විනෝදයත් සමග විද්‍යාත්මක දැනුමකුත් ලබා දෙන්න පුළුවන් වීම ඔවුන්ගේ පාසැල් අධ්‍යාපනය කටයුතු වලට මහගු පිටු වහලක් වෙනවා නොඅනුමානයි