මම මේ කියන්න යන කතාව ඔබ කිසි දිනක අහල නැතුව ඇති එහෙමත් නැත්නම් කොහෙන් හරි ඇහිලා තියෙන්නත් පුළුවන් කොහොම නමුත් මේ ලිපිය අවසානයේදී ඔබ පුදුම වනවා නිසැකයි. ව්ශ්වාස කරන්න ඔබ මේ ලෝකය ගැන සිතා සිටිනවාට වඩා මේ ලෝකය ගැන ඔබ දන්නා ප්‍රමාණය ඉතාමත් කුඩායි

ඔබ කවදා හෝ දිනක අහල තියනවද “රොත්ස්චයිල්ඩ්” කියල නමක් ගැන? නැහැ නේද ,ඔබ ලෝකය ගැන තොරතුරු ගවේෂණය නොකරන කෙනෙක්නම් මේ නම ගැන අහල නැති එක සාමාන්‍ය දෙයක්.සරලවම මොවුන් ගැන කරන්න පුළුවන් හැදින්වීම තමයි ලෝකයේ බලවත්ම සහ ධනවත් පවුල. ඔව් රොත්ස්චයිල්ඩ් පවුල සතුව ඇතැයි පැවසෙන මුළු වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 500 කට අදිකයි ලෝකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන බිල් ගේට්ස්ගේ වත්කම් ප්‍රමාණය වන්නේත් ඩොලර් බිලියන 93.3 පමණ මුදලකි ඒ අතින් ගත්තම බිල් ගේට්ස්ගේ වත්කම් මෙන් දහස් ගුණයකටත් වඩා වැඩිය.

මේ පවුල එංගලන්ත රජ පවුලටත් වඩා බලවත්ය එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට ඇගිල්ලෙන් ඇන කතා කිරීමට තරම් ඔවුන් බලවත්ය.

බොහෝදෙනෙක් සදහන් කරන පරිදි Conspiracy theory එකක් වශයෙන් සලකන illuminati සංවිදානයේ බලවත්ම පවුල වන්නේ මොවුනුයි (illuminati සංවිදානය ගැන ලිපියක් ඉදිරියේදී ගෙන එන්නම්

අපි දැන් බලමු මේ පවුලේ ආරම්භය ගැන

18වන සියවසයේ ඔවුන් ආරම්භ වන්නේ බැන්කු කරුවන් ලෙස මේ පරම්පරාවේ අරම්බක සාමාජිකයෙක් වන්නේ 18 වන සියවස කා⁣ලයේ යුරෝපීය රාජ්‍යය නිලධාරියෙක් හා ව්‍යවසායකයෙකු වුණ නේතන් ඇමස්චෙල් රොත්ස්චයිල්ඩ් ඔහු ඔහුගේ පුතුන් පස්දෙනා ලෝකයේ ප්‍රධාන රටවල් 5 කට පිටත් කර හරිනවා බැංකු ආරම්බ කරන්න එමෙන්ම යුරෝපයේ හා ඇමරිකාවේ නායකන්ට ආර්ථික උපදෙශකයන් ලෙස ඔවුන් වැඩකරා.

නැපෝලියන් යුද්වල සිට මේ දක්වා පැවැවුනු සෑම විශාල යුද්දයකටම මෙම පවුල් වල නම ගෑවිලා තියෙනව. ලෝකය පුරා ඇතිවෙන ඉහල පෙලෙ දේශපාලන ඝාතන වලටත් ඔවුන් සම්බන්ධලු.

ඇමරිකාවේ ඩොලර් අච්චු ගැසීමට බලතල තිබෙන Us federal reserve පාලනය කරනේ ඔවුන් බව ප්‍රසිද්ධ රහසක්,අද වන විට ලොව ප්‍රධාන රටවල් රාශියක මහ බැන්කු ඔවුන්ගේ පාලනයට යට‍ෙතේ. ඔබ විශ්වාස නොකලත් ශ්‍රීලංකා මහ බැංකුවත් ඔවුන්ගේ ලිස්ට් එකේ තිබෙනවා මොවුන්ගේ පාලනයෙන් තොර රටවල් මේ වන විට ලෝකයේ තිබෙන්නේ තුනක් පමණයි ඒ සිරියාව , ඉරානය හා උතුරු කොරියාව පමණි දැනට පවතින ලෝක දේශපාලන වටපිටාව අනුව එම රටවල වලට කොතරම් කාලයක් ගැලවිලා සිටින්න පුලුවන්ද යන්න ගැටළුවක් , මොවුන්ට මෙතරම් ධනයක් බලයක් ලැබුනේ කොහොමදැයි ඔබ සිතනවා වන්නට පුළුවන් මොවුන්ගේ බලයේ ආරම්බය වන්නේ ප්‍රංශ යුද්දයත් සමගයි මේයර් රෝත්ස්චයිල්ඩ් කියන මෙයාලගේ මි මුත්තා ප්‍රංශ යුද්ධෙදි දෙපැත්තටම ණය දීලා යුද්දේ ඉවර උනාම දෙපැත්තෙන්ම සල්ලි ගත්තා. අවසානේ ගහගත්තු උන් ඔක්කොම පරාදයි රෝත්ස්චයිල්ඩ් අය දිනුම්.

පසුව බැංකු කරණය හරහා විශාල වශයෙන් ධනය රැස් කරන්නට මොවුන් සමත් වෙනවා IMF හෙවත් ලෝක මුල්‍ය අරමුදල පාලනයට මේ රෝත්ස්චයිල්ඩ් පවුල සම්බන්දයි ඔවුන් මේ හරහා ලෝකයේ රටවල් වලට ණය ලබාදීම හරහා එම රටවල මහ බැංකු පාලනය කරනවා ඔවුන්ට අයත් බැංකු ගැන විස්තර මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන් Complete List of BANKS
ලංකාවෙත් මෙම පවුලට අයත්ව තිබුන තේ වත්තක් තියනව

1835 – 1837 කා⁣ලයේ යුරෝපීය රාජ්‍යය නිලධාරියෙක් හා ව්‍යවසායකයෙකු වුණ නේතන් මේයර් රොත්ස්චයිල්ඩ්ගේ බෑණනුවන් වූ ‘ මොරිස් ඩී වෝම්ස් ‘ ලංකාවට පැමිණෙනවා. පුස්සැල්ලාව ප්‍රදේශයෙන් මිලදී ගත් ඉඩමක ඔහු විසින් තේ වගාව ආරම්භ කරනවා. ඔහු විසින් තමා රොත්ස්චයිල්ඩ් ලෙස එය නම් කරන්නේ. පසුකලක ඔහුගේ සහොදරයෙක් වුණ ග්‍ෙබ්‍රියල් සමග එක්ව නුවරඑළියේ විශාල ඉඩමක් එළිපෙහෙළි කර කෝපී වගාව සඳහා යෙදාගන්නවා.. රොත්ස්චයිල්ඩ් වතුයාය ලෙස වර්තමානයේදී හැඳින්වෙන්නේ එයයි.. මේ වන විටනම් එහි පාලනය හැටන් වැවිලි සමාගම යටතේ කියල තමයි සදහන් වෙන්නේ

වරක් හිටපු ඇමරිකානු ජනාදිපති J .F කෙනඩි ප්‍රකාශ කරනවා ඇමරිකාව පාලනය කරන්නේ තමාටත් වඩා ඉහලින් තිබෙන සංවිදාන විසින් කියල ඒ වගේම තමන් එම සංවිදාන වල ක්‍රියාවන් නවත්වන්න උපරිම උත්සහ දරන බවත් සදහන් කරනවා ඔහු එම කතාව කරලා සතිකයකට පමණ පස්සේ ප්‍රසිද්දියේ මහ මගදී ඝාතනය වෙන්ව.මේ සම්බන්දයෙනුත් රොත්ස්චයිල්ඩ් පවුල වෙත ඇගිල්ල දික් වුනා .කෙසේ නමුත් මෙතරම් බලවත් රටක රාජ්‍ය නායකයෙක් ප්‍රසිදියේ මහ මගදී වෙඩි තබා ඝතානය කරන්න පුළුවන් කියන්නේ J .F කෙනඩි මිය යන්න පෙර කරපු ප්‍රකාශය වන තමන්ටත් වඩා බලවත් සංවිධාන ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙනවා කියන කාරනාව සනාත වෙනවා කියන එකයි.
අනිත් අයටත් බලන්න share කරන්න. මේ සම්බන්දයෙන් ඔබේ අදහසක් එකතු කරන්න තියනවානම් පහලින් comment කරන්න .