PayPal කියන්නේ සරලවම කියනවම් අන්තර්ජාල බැංකුවක්. මේකෙන් කරන්නේ ඔබ සහ අන්තර්ජාල වෙළද පොළ අතර මුදල් ගනුදෙනු සදහා අතරමැදියෙක් විදියට කටයුතු කරනවා ඔබට ඒක අපැහැදිලිනම් මෙහෙම හිතන්නකෝ ඔබට යම් බාන්ඩයක් මිලදී ගන්න ඕන වුනා කියල හිතන්නකෝ එතකොට ඔබට අවශ්‍ය වෙනවා ඔබට අවශ්‍ය බාන්ඩය මිලදීගන්න මුදල් ගෙවන්න ඒ සදහා ඔබට පුළුවන් ඔබ සතුව තියන Visa, Master Card හෝ American Express වැනි card පතක් බාවිතා කරලා මුදල් ගෙවන්න නමුත් ලොවපුරම සිටින අන්තර්ජාලයේ වෙලදාම් කරන හැමකෙනාටම ඔබට ඒ විදියට මුදල් ගෙවන්න බෑ මොකද සමහර අන්තර්ජාල වෙළෙන්දන් විසින් මුදල් ලබන්නේ paypal හරහා ලැබෙන මුදල් පමණයි. ඇත්තෙන්ම paypal කියන්නේ වඩාත් ආරක්ෂාකාරී සහ වේගවත් ගනුදෙනු ක්‍රමයක් ඉතින් ඔබටත් පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහින් paypal ගිණුමක් හදා ගන්න හරියට facebook account එකක් හදාගන්නවා වගේම තමයි.

ඊට පස්සේ කරන්න තියන දේ තමයි ඔබ සතුව තියන Visa, Master Card හෝ American Express වැනි card පත paypal වලට link කරන එක. එ්ක හරිම පහසුවෙන් කර ගන්න පුළුවන් එතන තියන wallet කියන link එක click කරලා එතන ලින්ක් card කියන ටැබ් එක click කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබේ card එකේ තියන card number එක, කල් ඉකුත් වීමේ දිනය, CSC number වගේම ලිපිනයත් සදහන් කරන එක ඊට පස්සේ save කරන්න. එතකොට ඔබේ card එකෙන් $1 මුදලක් ඔවුන් කපා ගන්නවා බය වෙන්න දෙයක් නෑ ඒ මුදල නැවත ඔබට ලැබෙනවා ඔවුන් එසේ කරන්නේ ඔබ ඇතුලත් කරපු card එක වලංගු card එකක්ද කියල හදුනා ගන්නයි.

මොනවා හරි ගැටළුව තියනවානම් comment එකක් දාන්න අපි උදවු කරන්න සුදානමින් ඉන්නවා.
ebay සම්බන්ද අපගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න.