සැහැල්ලු ගුවන්යානා නිර්මාණය දෙවන කොටස
මේ ලිපියෙන් අද ඔයාලට කියන්න යන්නෙ RC වලට එනවානම් දැනගතයුතු මූලික කරුණු සහ අවශ්‍ය උපකරණ මොනවාද කියලා.මම කලින් ලිපියේ සදහන් කලා ඉලෙක්ට්‍රොනික උපාංග තොරගන්න ආකාරය.ඒත් rc hobby එකට අලුතෙන්ම එන අයටත් rc ගැන අවබෝධයක් ගන්න මේ ලිපිය ලියන්න හිතුවා .මේක කියවලා කලින් ලිපිය කියවන්න.මේ ලිපිය නවකයෙකුටනම් ගොඩක් ප්‍රයොජනවන් වේවි කියලා සිතනවා . අපි බලමු පලමු වතාවට දුරස්ථ පාලක ගුවන් යානාවක් නිර්මාණය කරනවනම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු පිළිබඳව .

දුරස්ථ පාලක ගුවන් යානාවක පාලකය එහෙම නැත්නම් transmitter(tx) හා receiver(rx) එක ප්‍රධානම අන්ගයක්.transmitter එක මගින් තමා අපි දෙන විධාන යානාවට ලබා දෙන්නෙ.අපි තොරගන්න transmitter එකේ channels නැත්නම් නාලිකා ප්‍රමාණය අවම වශයෙන් 3ක් වත් විය යුතුයි .channels මගින් වෙන වෙනම outputs දෙන්න පුළුවන් යානාවට.3channel remote එකකනම් එකපාර විධාන 3ක් ලබා දෙන්න පුළුවන් .අලුතෙන්ම rc වලට එන කෙනෙක්නම් channels වැඩි tx එකක් අවශ්‍ය වෙන්නෑ.switch ගොඩක් තිබුනට යානාව හසුරවන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නෙ channels 4ක් පමණයි .ඒවා primary flight controls කියලා හදුන්වනවා .channelsගාණ වැඩි එකක් ගන්නවනම් අපිට secondary flight controls වලට නැත්නම් විවිධ ක්‍රියාකාරකම් වලට යන්න පුළුවන් .ඒත් අලුතෙන් එන කෙනෙකුටනම් 4channels එකක් ප්‍රමාණවත් .

ඊලග දේ තමයි ගුවන් යානයේ wing එක.නැත්නම් main plane එක.මේවා high wing,mid wing,low wing යන වර්ග 3ක් තිබෙනවා.high wing එකක්නම් wing එක තිබෙන්නේ fuselage(යානාවෙ බද) ට වඩා ඉහලින් .mid wing එකක මැදින්.low wing එකක යටින.්පුහුණුවීම් සදහා හොදම එක high wing. high wing plane වල wing එකට යටින් තමා ගුරුත්ව කේන්ද්‍රය(center of gtavity-cg) පිහිටන්නෙ.එහෙම වුනාම plane එක ස්වයංක්‍රීයව සන්තුලනය වෙන්න උත්සාහ දරනවා. ඒත් low wing එකක එහෙම නෑ.wing එකට උඩින් තමා යානාවේ බර ක්‍රියා කරන්නෙ.ඒ හින්දා පාලනය කරන්න ටිකක් අමාරුයි .plane එක තොරගනිද්දී dihedral angle එකක් තිබෙන plane එකක් තෝරගන්න.wing එකේ dihedral angle එක හින්දා ඉසිලුම් බල සන්රචක ආනතව ක්‍රියා කරනව . එවිට ඉතාම පහසුවෙන් ගුවන් යානාව නැවත සමබර වෙනවා. ඒවගේම පුරුදු වෙන්න වැඩි වේගයක් අවශ්‍ය වෙන් නෑ.පුරුදු වෙන කෙනෙක්ගේ reaction time එක අඩුයි.පුහුණුවත් සමග තමා ගොඩනැගෙන්නෙ.ඉතින් තෝරගනිද්දී අඩු වේගයක් තිබෙන යානවක් තෝරගන්න පුහුණුවීම් සදහා.ගුවන් යානා නිර්මාණය සදහා ප්‍රධාන වශයෙන් foam වර්ග සහ ලී වර්ග බාවිතා කරන්වා.පුහුණුවීම් වලටනම් foam වලින් නිර්මාණය කල යානාවක් බාවිතා කරන්න.එවිට අනතුරකදී (crash) යානාවට වෙන හානිය අඩුයි .නැවත ලෙහෙසියෙන් සකසා ගන්න පුලුවන් .නමුත් balsa වගෙ ලී වලින් හදපු යානාවක් crash වුනොත් ඔයාල ලොකු අමාරුවක වැටෙනවා.සමහරවිට යානාව අත්හැරලා දාන්න වෙන්නත් පුළුවන් .හොදම දේ තමා foam යානාවකට යන එක.නැත්නම් plan එකක් අරගෙන foam board එකකින් යානාවක් නිර්මාණය කරන්න පුළුවන් .පුරුදු වෙන්නනම් හොදම විදිහ තමා ඒක.

යානාවකට තෙරපුම් බලය(thrust) ලබාගන්න ක්‍රරමවේදයක් අවශ්‍යයි.මේ සදහා motor හෝ engine බහුලව බාවිතා කරනවා.එත් ගොඩක් අය හිතන් ඉන්නෙ ගුවන් යානයක් උඩ යන්නෙ මේ තෙරපුම් බලය නිසා කියලා.ගුවන් යානයක් ගුවන් ගත වෙන්නෙ (takeoff )එහි wings මගින් ඇති කරන පීඩන වෙනස නිසා.bernoulli න්‍යායට අනුව.motorඑක හෝ engine එක මගින් කරන්නෙ යානාවෙ wings වලට අවශ්‍ය පීඩන වෙනස ලබා ගැනීම සදහා අවශ්‍ය වේගය ලබා දීම පමණයි.ප්‍රමාණවත් පීඩන වෙනසක් ලැබුණු පසු යානාව ගුවන්ගත(lift) වෙනවා.නමුත් rc වලදී නම් high speed planes හදද්දී මේ පීඩන වෙනස බාවිතා වෙන් නෑ.එහිදී බාවිතා වෙන්නෙ නිව්ටන්ගේ තුන්වන නියමය.ඒ කියන්නෙ rocket එකක් උඩ යන ක්‍රමය.ඒත් සැබෑ ගුවන් යානා සියල්ලම වගේ මේ පීඩන වෙනස බාවිතා කරලා තමා ගුවන්ගත වෙන්නේ.මේ ඉසිලුම් බලය වැඩි වෙනවාත් සමග drag එකත් වැඩි වෙනවා.ඒ හින්දා අධිවේගී යානාවලනම් ඉසිලුම්බලය අවශ්‍ය පරිදි සකසා ගන්නවා flaps,slats,slots,AoA වැනි දේවල් වෙනස් කරලා.වැඩි වේගයකින් යද්දී එවත් ක්‍රියා කරන්නෙ නිව්ටන්ගේ තුන් වන නියමයට අනුව.ඉතින් rc වලදී එහෙම කරන එක සාධාරණයිනේ.අපි aerodynamics ගැන ඉදිරියේදී කතා කරමු.පුහුණු වෙන කෙනෙක් නම් engine,EDF වලට යන් නැතුව electric motors වලට යන එක තමා හොද. එවගේම යානාවෙ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන.වඩා විශාල යානාවක් අවශ්‍ය වෙන් නෑ.පුහුණුවීම් සදහා සාමන්‍ය ප්‍රමාණයේ යානාවක් බාවිතා කරන්න. ඒ වගේම යානාවෙ වර්ණය පිළිබඳව සැලකිලිමත් වෙන්න.සම්පූර්ණ කලු වර්ණයේ යානාවක්නම් දිශාවන් අදුනගන්න අපහසුයි.පුරුදු වෙද්දි wing එක heading අදුනගන්න සලකුණු ,ස්ටිකර් නැත්නම් portwing හා starboard wing එකට වෙන වෙනම වර්ණ බාවිතා කරන්න පුළුවන් . ගුවන් යානාවකට motor,engine සවි කරන(mount) ආකාර 2ක් තිබෙනවා.tractor type හා pusher type.පුහුණුවීම් සදහා හොද tractor type එක.එහිදී motor එක යානාවෙ ඉදිරියෙන් සවි කරන්නෙ.එත් මෙ දෙකේ ලොකු වෙනසක් නම් නෑ.pusher type එක බාවිතා කරන්නෙ high speed යානා වලට.tractor type එකේදී propeller එකෙන් තල්ලු කරන වායු ධාරාවෙන් කොටසක් wing එක හරහා යනවා.ඒ හින්දා වැඩි ඉසිලුම් බලයක් ලබාගන්න පුළුවන් .ඒත් සැලකිලිමත් වෙන්න drag එක වැඩි නොවන විදිහට සවි කරන්න. පුරුදු වෙන කෙනෙක්නම් elevatorහා rudder එක මගින් පුරුදු වෙන එක හොදයි.aileron වල අවශ්‍යතාවයක් නෑ.adverse yaw එක හින්දා.secondary flight controls කිසිවක් අවශ්‍ය වෙන් නෑ.පුහුණුවීම් මගින් හුරු කරන්න ඕන විධාන ලබා දෙන විදිහ.යානාව ගොඩක් සන්වේදීනම් dr බාවිතා කරල අඩු කරගන්න. ඒ වගේම පුහුණුවීම් සදහා පුහුණු කරුවෙකු සමග සම්බන්ධ වී සිදු කරන්න පුළුවන් .මෙහිදී transmitter දෙක cable එකක් මගින් සම්බන්ධ කරනවා.එවිට පුහුණුකරු සමග එකට යානාව පාලනය කරන්න පුළුවන් .එවගේම පුහුණුවීම් සදහා නිපදවූ පරිගණක මෘදුකාංග වුනත් බාවිතා කරන්න පුළුවන් .මෙහිදී transmitter එක පරිගණකයට සම්බන්ධ කර පුහුණුවීම් සිදු කරන්න පුළුවන් .එත් සුලග,පරිසරයේ තත්වය වගෙ බාහිර බලපෑම් ගන්න බැරි නිසා එතරම් හොද ක්‍රමයක් නෙමෙ.නමුත් aerobatics පුරුදු වෙනවානම් මෙම ක්‍රමය හොදයි.අලුත් දෙවල් අත්හදා බලලා fly කරද්දී ආදේශ කරලා බලන්න පුළුවන් .flat spin,loops,invert වගේ දේවල්. මම හිතනවා ඔයාල මෙ ලිපියෙන් හොද අවබෝධයක් ගන්න අති කියලා .නැවත ලිපියකින් මුණගැසෙමු……..
උපුටාගැනීමක්: Ushan Sakuntha
Meewaats awashya electronic upaanga kohenda ganna puluwan?