සැහැල්ලු ගුවන්යානා නිර්මාණය පළමු කොටස
හෙලො යාලුවනෙ,මම හිතුවා දුරස්ථ පාලක ගුවන් යානා පිළිබඳව ලිපි පෙලක් ආරම්භ කරන්න.මොකද ,ගොඩක් අය මේ ක්ෂේත්‍රයට එනවා නමුත් හරිහැටි අවබෝධයක් නෑ.මගෙනම් මුල් දවස්වල සෑහෙන්න ඉලෙක්ට්‍රොනික උපාංග පිච්චිලා තිබෙනවා හොද අවබෝධයක් නොමැතිව උපාංග සවි කිරීම නිසා .ඉතින් මෙ ලිපිපෙල ඔයාලට RC පිළිබඳව හොද අවබෝධයක් ලබා දෙයි කියා සිතනවා. මම RC පිළිබඳව මුල ඉදලා ලියන්නනම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ .මොකද ඔයාල දැනටමත් දන්නවා ඇති Brushless motors ,Esc,Lipo වගෙ දේවල් මොනවාද කියලා.ඉතින් මම එතනින් එහාට කියල දෙන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
ඔයා ගුවන් යාන හදලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන් .ඒත් තාම esc,motors තොරන්න දන්නෙ නැත්න්ම් ,ඒව පිච්චෙනවානම් මේ ලිපිය කියවන්න.
මේ ලිපියෙන් කියන්න යන්නෙ කොහොමද power system එක තොරන්නෙ කියලා. ඉතින් මම මුලින්ම කියන්නම් සරලම ක්‍රමයක්. අපි plane එකක් හදනවනම් ඒක මොනවගෙ වැඩකටද පවිච්ච් කරන්නෙ කියලා අවබෝධයක් තියෙන්න ඕන.jet එකකට දාන power system එක සාමාන්‍යplane එකකට ගැලපෙන් නැහැනෙ.ඒත් ඒකෙන් කියන් නෑ බැහැ කියලා.ඒක හරියට ත්‍රීවිල් එකකට ලැම්බොගිනි එන්ජින් එකක් තියනවා වගෙ වැඩක්.අපි fighter plane එකක් හ්දනවනම් වැඩි වේගයකුත් සාමාන්‍ය plane එකක් හදනවනම් model එකට ගැලපෙන වෙගයකුත් තියෙන්න ඕන.cessna එකකට mig එකක වෙගයෙන් යන්න බැහැනෙ. මුලින්ම බලමු motor එකේ kv value එක මොකක්ද කියලා.kv කියලා කියන්නෙ කිලොවොල්ට් නෙමෙ. වෝල්ට් එකකට motor එක කැරකෙන වට ගනන.kv 1000ක motor එකක්නම් 11.1v දුන්නොත් වට 11000ක් කැරකෙනව.7.4v දුන්නොත් 7400 කැරකෙනව .ඔයාල දැකලඇති විවිධ වර්ග වල kv ප්‍රමාණ සහිත motor.නමුත් kv value එකෙන් motor එකෙ thrust එක තීරණය වෙන් නැහැ .kv 2200 හා kv 1000 ,motor දෙකක එකම තෙරපුම් බලයක් තිබෙන්න පුළුවන් .හදන්න ඕන වේගයෙන් යන aerobatics වලට සුදුසු යානවක් නම් kv ගාන වැඩි motor එකක් ගන්න.kv වැඩි වෙද්දී propeller එක මගින් පිටුපසට තල්ලු කරන වායු අන්ශු වල වේගය වැඩි වෙනව.එවිට යානයට වඩාත් වැඩි වේගයක් ගන්න පුළුවන්.දැන් බලමු power system එක තොරන්නෙ කොහොමද කියලා. ඔයාල හදන plane එකෙ බර දළ වශයෙන් අනුමාන කරන්න ඕන.plane එක හදල ඉවර වෙලා අවශ්‍ය දෙවල් ගන්නවනම් හොදයි.ඒ නැතත් ඔයාලට අනුමාන කරන්නපුළුවන් .motor එකේ බර,battery එකේ බර ආදී දේවල්.අපි glider එකකට අවශ්‍ය දෙවල් අනුමාන කරල බලමු motor=50g,kit=200g,servo=40g,battery =200g,esc=20g,other=300g all=800g මේ විදිහට අපිට අනුමාන කරන්න පුළුවන් .high speed jet එකක් නම් battery එකේ බර අඩු වෙන තරමට හොදයි.amps අඩු එකක් තොරගන්න.glider එකකට අවශ්‍ය වැඩි පියසර කාලයක්නෙ.අපි gliderඑකේනම් බර800g කියලා අනුමාන කලා. model type එක අනුව මේක වෙනස් වෙනවා.ඊලගට අපි බලන්න ඕන මොනවගෙ යානවක්ද කියලා.jet එකක්නම ්vertical fly කරන්න පුළුවන් වෙන්න ඔනෙනෙ.ඒ කියන්නෙ motor එකෙ thrust එක weight එකට වඩා වැඩි වෙන්න ඕනෙ.සාමාන්‍ය pane එකක්නම් බර වගෙ 30% thrust එක ප්‍රමාණවත්.අපි 1000g glider එකක් හදනවනම් 300g thrust එකක් තියෙන motor එකක් ප්‍රමාණවත් .එත් එහෙම වෙන්න drag එක අඩු වෙලා හොද lift එකක් තියෙන්න ඕන . අපි නිර්මාණය කරන ඒවා හරියටම එහෙම හදන්න අමාරුයි .එ හින්දා 50%ක්වත් thrust එකක් තියෙන්වනම් හොදයි .motor එකේ thrust එක weight එක ඉක්මවා යනවනම් vertical යවන්න පුළුවන්.සාමාන්‍ය plane එකකට එහෙම අවශ්‍ය වෙන් නෑ.motor එකේ thrust එක motor detailsවලින් බලාගන්න පුළුවන්.වේගවත් යානවක්නම් thrustඑක එහි බරට වඩා වැඩි kv value එක වැඩි motor එකක් තෝරගන්න.දැන් ඔයාල දන්නවා motor එකෙ thrust එක,kv value එක තෝරන විදිහ.
දැන් බලමු කොහොමද ESC එක තොරන්නෙ කියලා.Esc නැත්නම් Electronic Speed Controller එකෙන් කරන්නෙ motor එකට අවශ්‍ය current එක ලබා දෙන එක.esc එකෙන් current එක වැඩි කිරීමක් කරන්නෑ.ඒක switching ක්‍රියාවලියක්.ඔයාලා දැකලා අති විවිධ වර්ගයේ esc. 15A,20A,30A,40A,60A,100A වගේ Esc.මේ Amps ගණනින් සදහන් කරන්නෙ කොපමණ ධාරාවක් esc එක හරහා යන්න පුළුවන්ද කියන එක.motor වල details වල තියෙනවා max current draw නැත්නම් max current කියලා එකක් .20A current draw එකක් තියෙනවනම් ඒ motor එක අදාළ propeller එක සහිතව උපරිම වේගයෙන් කැරකෙද්දි 20A ධාරාවක් ඇදලා ගන්නවා.එහෙන්ම් අපි බාවිතා කරන esc එක හරහා ඒ ධාරාව යන්න පුළුවන් වෙන්න ඕන.ඒ අදාළ අගයට වඩා 5ක් හෝ10ක් එකතු කරලා esc එක තෝරන්න. ඒ කියන්නෙ 20A current draw එකක් තියෙන motor එකක්නම් 30A esc එකක් ගන්න.එත් මේ amp draw එක test කරලා තියෙනpropeller එකට වඩා size එක වැඩි එකක් දානවනම් හරි ඒ tested voltage එක්ට වඩාවැඩි voltage එකක් දෙනවනම් load එක වැඩි වෙලා වැඩි current එකක් අදිනවා.voltage එක වැඩි වෙද්දි motor එකේ speed එක වැඩි වෙනවා.ඒ නිසා ගැලපෙන esc එකක් බාවිතා කරන්න.නමුත්recommended voltage එක හෝ propeller එක වැඩි කරනවනම් motor එක damage වෙන්න පුළුවන්.motor එක රත්් වෙනවනම් copper wire වල insulation එක දියවෙලා motor,esc දෙකම damage වෙන්න පුළුවන් .සමහර වෙලාවට අපි නොදැනුවත්ව නොගැලපෙන prop එකක් බාවිතා කලොත් damage වෙන්න පුළුවන් හින්දා 10A වැඩියෙන් esc එකක් ගන්න.ගොඩක් වෙලාවට esc පිච්චෙන්නෙ අවශ්‍ය power එක දෙන්න බැරි වුනාම.ගොඩක් අය මේ details බලලා නෙමේ esc එක තෝරන්නෙ. ඊලඟට තොරන්න ඕන battery එක.මන් මුලින් කිව්වා වගේ වැඩි පියාසර කාලයක් අවශ්‍යනම් වැඩි ධාරිතාවක් සහිත battery එකක් තොරගන්න.එත් battery එකේ බරත් ඒත් එක්කම වැඩි වෙනවා.ඔයාලා දැකලා අති battery එකේ C කියලා අගයක් ගහලා තියෙන්වා.මේ අගයෙන් කියවෙන්නෙ battery එකේ තිබෙන ධාරාව වගේ කොපමණ ගුණයක් බැටරිය ආරෝපණය හෝ විසර්ජනය කරන්න පුළුවන්ද කියන එක.උදාහරණයක් විදිහට 1000mAh බැටරි එකක් සලකමු.30c කියලා ගහලා තියෙනවානම් ඒ බැටරි එකෙන් උපරිම 30A ධාරාවක් ගන්න පුළුවන් .එහෙන්ම් ඒකට යොදන්න පුළුවන් උපරිම esc එක 30A. එත් ඔය ගහල තියෙන c අගය සැබෑ අගයට වඩා පොඩ්ඩක් වැඩියි.ඒ හින්දා හැමවිටම battery එකෙන් ගන්න පුළුවන් උපරිම අගයට වඩා අඩු esc එකක් බාවිතා කරන්න. 2200mAh 20c battery එකක් නම් ඒකට යොදන්න පුළුවන් උපරිම 40A esc එකක් පමණයි .මේ අගයට වඩා වැඩි ධාරාවක් ඇදලා ගත්තොත් බැටරිය රත් වෙලා ඉදිමෙන්න වුනත් පුළුවන් .ගිනිගන්න වුනත් පුළුවන් . දැන් ඔයාල දන්නවා motor,esc,battery තොරන විදිහ.මම ඒ කිව්වෙ සරලම ආකාරයට. තව ක්‍රම තිබෙනවා .මේ කියන්න යන්නෙ තව ක්‍රමයක්. මේ ක්‍ර්මයේදිත් අපි මුලින් කලා වගේ යානාවෙ බර අනුමාන කරන්න ඕන.අපි හදන්න යන වර්ගය අනුව ගැලපෙන අනුපාතය තෝරගන්න . 50-75watt/lb =පුහුණුවීම් /සාමාන්‍ය ආකෘති යානා 75-110watt/lb= ක්‍රීඩා/ගුවන් කරනම් 110-150watt/lb= අධිවේගී ගුවන් කරනම්/3D යානා 150-200+watt/lb= සියලු හැකියාවන් සහිත high speed vertical යානා නිර්මාණය කරන ගුවන් යානය අනුව ගැලපෙන අනුපාතය තෝරගන්න .motor එකේ watt ගාන plane එකේ බරින් බෙදන්න.මෙහිදී motor එකේ watt අගය details වල දීලා නැත්නම් එය ගණනය කරගන්න ඕන.සරලම ක්‍රමයනම් බැටරියේ වෝල්ට් ගාන escඑකේ amps ගාණින් වැඩි කරන එක.ඒත් ඒක අසාර්ථක ක්‍රමයක්. මොකද esc එකේ Amp ගාණ කීය වුණත් මොටර් එක ලබාගන්නා ධාරව සමග සම්බන්ධයක් නැති නිසා.එහෙන්ම් motorඑකේ අග්‍ර ලබාගන්නා ධාරාව මැනලා බලන්න වෙන්නෙ.එත් අග්‍ර තුනක් හින්දා හරිම අගය ගන්න අමාරුයි .එහෙනම් Esc එකට එන ධාරාව තමයි මනින්න වෙන්නෙ.ලේසිම දේ තමයි wattmeter එකක් බාවිතා කරන එක.නැතිනම් ධාරාව හා විබවන්තරය වෙන වෙනම ගුණ කරලා ගන්න.motor එකේ wattඅගය දන් නැත්නම් මේක ටිකක් අමාරු ක්‍රියාවලියක් . මම හිතන්නෙ ඔයාල හොද අවබෝධයක් ගන්න ඇති මේ ලිපියෙන් .මේ පිළිබඳව අදහස් තිබෙනවම් ලිපිය හොදයිනම් comments කරන්න. rc ගැන ගැටලු තිබෙනවා නම් ඒ සම්බන්ධව ලිපි ලියන්නනම් .comments කරන්න. මේ ලිපි පෙලේ අරමුණ rc වලට අලුතෙන් එන අයට හොද අවබෝධයක් ලබා දීම.හැමොටම share කරන්න.තවත් ලිපියකින් මුණගැසෙමු.
උපුටාගැනීමක්: Ushan Sakuntha