අද අපි මේ කියන්න යන්නේ ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන.. අද කාලෙ ජංගම දුරකථනයක් කියලා කියන්නේ නැතිවම බැරි උපකරණයක්. ඉතිං ඒ වගේම ලංකාවේ ඉන්න අපිට ජංගම දුරකථනයක් කියන්නේ මිල අධික උපකරණයක්. ඉතිං මේ නිසා කූට වෙළදුන් විසින් බාල ජංගම දුරකථන ඉහල මිලකට විකිණීමේ ජාවාරමක් කරගෙන යනවා. අපි මේ කියන අත්දැකීම මේ වන විටත් ඔබට හෝ ඔබ දන්නා කියන කෙනෙකුට වුවත් සිදු වී තිබෙනවා වන්නට පුලුවන්. මෙම කූට වෙලදුන්ගෙන් ගැලවී original smartphone එකක් ගැනීමට පෙර සිතන්න ඕනෙ කරැණු ටිකක් තමයි මේ කියන්න යන්නේ.

පිළිගත් ආයතනයක් වෙත යන්න

අප  මෙයින් අදහස් කරනුයේ ඔබ මිලදී  ගැනීමට අදහස් කරන ජංගම දුරකථන නාමයන් එයට අදාළ  ශ්‍රී ලංකාවේ බලයලත් අළෙවි නියෝජිතයෙක් වෙත යන්න. එවිට ඔබට original  ජංගම දුරකථනයක් වගකීමක් සහිතව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ගන්න යන phone  එක ගැන කලින් හොයලා බලන්න.

ඔබ ජංගම දුරකථනයක් ගන්න යනවානමි ඔබට අවශ්‍ය ඕනෑම ජංගම දුරකථනයක තොරතුරැ අන්තර්ජාලයෙන් ලබාගන්න පුළුවන්. ඉතිං ඔබටපුළුවන් වෙළඳසැලකට යාමට පෙර සියළු විස්තර දැනගැනීමට.

IMEI අංකය පරීක්ෂා කරන්න

ඔබ මිලදී ගන්නා දුරකථනයේ IMEI  අංකය *#06#* යෙදීම මගින් ලබාගන්න පුළුවන්. එය දුරකථනයේ පෙට්ටියේ සඳහන් IMEI  අංකයට සමාන විය යුතුයි. තවද විශේෂයෙන්ම   i phone  දුරකථන වල  sim tray  එකේද  IMEI  අංකය සඳහන් වෙනවා. ඉතිං ඔබ බලන්න වෙනවා මේ සියළු  IMEI  අංක සමානද යන වග.

බොක්ස් එකේ packing  එක අළුත් උනාට රැවටෙන්න එපා.

ගොඩක් වෙලාවට කූට වෙළඳුන් කරන වැඩක් තමයි වෙනත් රටවල භාවිතා කරන ජංගම දුරකථන නැවත අළුත්වැඩියා කර ලංකාවට අඩු මිලට ගෙන්වා අලුත් දුරකථන මිලටම විකිණීම. මෙවැනි දේවල් බොහෝ විට සිදුවනුයේ පෙර සඳහන් කළ පිළිගත් ආයතනයක් වෙත යෑමට ඔබට නොහැකි වූ වවිටයි. ඉතිං එවැනි අවස්ථා වලදී  පිටින් බලා දුරකථනය අළුත්ද නැද්ද කියලා හඳුනා ගැනීමත් ඉතා අපහසුයි. ඒ තරමටම සූක්ෂම ලෙස ඔවුන් නැවත ඇසුරැම් කිරීම කරලා තියනවා. ඉතිං එවැනි අවස්ථාවක ඔබට ජංගම දුරකථන සම්බන්දයෙන් දැනුමක් නැත්නම් ඒ සම්බන්දයෙන් දැනුමක් තිබෙන ඔබේ හිතවතෙක් සමග යා හැකියි. ඒ වගේම දුරකථනය on කරලා active කළ දිනය බලන්න. එයින් ඹබට දැන ගන්න පුළුවන් එම දුරකථනය කලින් භාවිතා කරපු එකක්ද නැද්ද යන වග.ඒ වගේම දුරකථනයේ යම් පළුදු වීමක් තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලන්න.
ඹබට යම් අසාධාරණයක් සිදුවහොත් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමට පසුබට නොවන්න.