ශිරෝටොරි උද්‍යානයේ ජපන් තේ සාදය
පසු ගිය දිනක මට ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්න ලැබුන, ඒ තමයි ජපන් රජයේ ආරාධනාවක් මත සහ JICE (Japan International Cooperation Center) ආයතනයේ අනුක්ග්‍රහය මත සති දෙකක ජපන් සංචාරයකට අවස්ථාවක් ලැබුන. ඇත්තෙන්ම ඒ අවස්ථාව ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් වෙන්න ප්‍රදාන හේතුවක් වන්නේ,සාමාන්‍ය සංචාරකයෙක් ලෙස ජපන් රටට ගියත් ලබා ගැනීමට හෝ විද ගැනීමට නොහැකි ඉතාමත් වටිනා අත්දැකීම් ගණනාවක්ම විද ගන්න මට අවස්ථාව ලැබුනා ඉතින් මේ ලිපියෙන් කියන්න යන්නේ මට ජපන් රටේදී අත් දකින්න ලැබුණු තවත් සුවිශේෂ අත්දැකීමක් ගැන ඒ තමයි සම්ප්‍රදායික ජපාන තේ සාදයකට සහබාගි වෙන්න අවස්ථාව හිමි වීම ජපන් ජනතාව හා තේ පානය අතර ගැඹුරු වින්දනීය සබදතාවයක් පවතීනව .
ජපාන තේ සංස්කෘතියේ කලාත්මක නියෝජනය “චනොයු” නමින් හැදින්වෙන තේ පාන උත්සවය අවුරුදු 800ක් පමණ ඈතට දිව යනවා . බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනා කරණ විට මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න තේ භාවිතයට අරගෙන තියනව . ජපන් ජනතාවට තේ පානය කරනවා කියන්නේ ශ්‍රිලංකාවේ අපට මෙන් සාමාන්‍ය බීමක් නෙමේ ඔවුන්ට තේ පානය සමග ඊටත් එහා ගිය බැදීමක් තියනව ජපන් ජනතාව ඔවුන් එකිනෙක කෙරෙහි දක්වන මිත්‍රශීලී බව සහ විශ්වාසය ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් වශයෙන් මෙමෙ සම්ප්‍රදායික ජපාන තේ සාදය පවත්වනවා අපිට මෙමෙ උත්සවයට සහබාගි වෙන්න අවස්ථාව ලැබුනේ නගෝය නගරයේ පිහිටි ශිරෝටොරි උද්‍යානයේදීය
Shirotori Garden (Nagoya) ඇත්තෙන්ම ශිරෝටොරි උද්‍යානය කියන්නේ මිහිපිට සුරපුරයක් බදු ස්ථානයක් මොකද මම එහෙම කියන්නනේ ඔවුන් එය නිර්මාණය කරලා තියෙන්නේ සම්ප්‍රදායික ජපාන උද්‍යාන කලාවේ සියලුම අංගෝපාංග ඇතුලත් කරමින් ඉතින් මේ සුන්දර උද්‍යානයේ පිහිටි ඉතාමත් අලංකාර සම්ප්‍රදායික ගොඩනැගිල්ලක තමයි ජපාන තේ සාදය තිබුනේ ඇත්තෙන්ම තේ පානයට ප්‍රථමව අපි විසින් කරන්න ඕන චාරිත්‍ර කීපයක් තියනව පළමුවෙන්ම කරන්න ඕනි දේ තමයි සපත්තු ගලවන එක ඒකත් ඉතාමත් විශේස විදියකට සිදු කල යුත්තක් මොකද ගොඩනැගිල්ල ඇතුලට වැලි නොයන විදියට තමයි ගලවල ඇතුළු වෙන්න ඕනි ඒ වගේම මතක් කරන්න ඕනි ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න තියෙන්නේ කුඩා කවුළුවකින් රින්ගල මේකටත් හේතුවක් තියනව මොකද මේ කවුළුවෙන් ජපාන සමුරායි වරයෙකුට තමන්ගේ කඩුව සමග ඇතුළු වෙන්න බෑ ,මොකද මේ සාදය පවත්වන්නේ එකිනෙක කෙරෙහි තියන මිත්‍රශීලී බව සහ විශ්වාසය ශක්තිමත් කරගැනීමේ අවස්ථාවක් වශයෙන් ඉතින් සදහා අවි ආයුද සහිතව ඇතුළු වෙන්න අවසර නෑ
හරි ඉතින් අපි මේ විදියට ඇතුළු වෙලා ඇතුලේ තියන ශාලාවකට ඇතුළු වුනා.එහි පුටු මේස ආදිය දක්නට තිබුනේ නෑ වාඩි වෙන්න තියෙන්නේ බිම එලල තියන සම්ප්‍රදායික ජපන් පැදුරක තේ පානයට ප්‍රථමව අපිට මුලින්ම පැණිරස අතුරුපසක් පිළිගන්වනු ලැබුන,ඒක කෑවට පස්සේ තමයි අපිට ජපාන තේ වල රස විදින්න ලැබුනේ ඇත්තෙන්ම මේක තේ කියල කීවවට අපි ලංකාවේ බොන තේ වල රසයවත් පෙනුමවත් නෙමෙයි තිබුනේ පෙනුමෙන්නම් කොළ කැද වගේ තමයි පෙන්න තිබුනේ ඒත එහි රසයනම් එයටම අවේනික රසයක් තමයි තුබුණේ
මේ තේක සාදන්නෙත් විශේෂ ක්‍රමයකට මුලින් කෝප්පයකට විශේෂ තේ කොළ මිශ්‍රණයක් දානවා ඉන් පසු එකට උණු වතුර දාල ,තේ සෑදීමට බාවිතා කරන විශේෂ හැන්දකින් එය කවලම් කරනු ලබනවා මෙවැනි තේ සාදයකදී තේ කෝප්ප දෙකක් පමණ පානය කරනු ලබනවාඉදිරි ලිපියකින් ජපන් ගමනේ තවත් සුවිශේෂී අත්දැකීම් ගැන තොරතුරු බෙදා ගන්නම්