ජපානයට STUDENT වීසා එන්න කලින මේ ටික කියවන්න.
මේ ලිපිය මගින ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ සැබෑ ජීවන තොරතුරු සදහන් කර ඇත. ලිපිය අවසන් වනතෙක් කියවන්න ජපානයට යන්න බලාපොරොත්තුවෙන් සිටින අය වෙනුවෙන් Share කරන්න.
පසුගිය දවසක ජපන් රජයේ ආරාධනාවක් මත අපිටත් ජපන් රටේ සංචාරයක නිරත වෙන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තෙන්ම ජපානය කියන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටවල් වලින් එකක් ජපානයේ සිරි විසිතුරු ගැන අපි පසුව දවසක විස්තර කරන්නම්..නමුත් අද අපි කියන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්..ජපානයේ කරපු සංචාරය අතරතුර අපිට ජපානයේ වෙසෙන ගොඩක් ශ්‍රී ලාංකිකයන් අපිට මුණ ගැසුනා ඒ අතර විවිද තරාතිරම් වල සිටින ශ්‍රී ලාංකිකයන් අපිට මුණ ගැසුන ඉතින් එහෙම හම්බුන අය අතරේ රාජතාන්ත්‍රික මට්ටමේ රැකියාවල නියැලෙන පුද්ගලයන් ,ජපානය තුළ ස්තීර පදිංචිය ලැබු හෝ ජපානය තුළ වෘතිය වශයෙන් ස්තීර රැකියා කරන අය , තාවකලික පදනම මත රැකියා කරන අය , STUDENT වීසා මත ජපානයට ආපු පුද්ගලයන් මෙන්ම සරණාගත වීසා මගින් හෝ නිත්‍යානුකූල නොවන ලෙස ජපානයේ රැදී සිටින පුද්ගලයන් අපිට හමුවුනා. ඉතින් ඔවුන් අපිත් එක්ක කතා කරපු තොරතුරු තමයි මේ ගෙන එන්නේ ජපානය තුල සිටින සියලුම ශ්‍රී ලාංකිකයෝ පොදුවේ කියපු දෙයක් තමයි “දන්නා කෙනෙක්ටනම් STUDENT වීසා එන්න දෙන්න එපා..” කියලයි

student එනවනම් scholarship එකක් හදන් එන්න කියල තමයි බහුතරයක මතය වුනේ ලංකාවේ උසස් පෙළ සමතුන්ට මෙන්ම උසස් අද්‍යාපනය හදාරන සිසුන්ට JICA ආයතනය සහ JICE ආයතනය වැනි ආයතන මගින් ශිෂ්‍යත්ව ලබාදෙනු ලබනවා. එහෙම ජපානයට පැමිණෙන සිසුන්ට එම ආයතන මගින් මාසිකව මුදලක් ලබාදෙන අතර අද්‍යාපනය නොමිලේ ලබාදෙනු ලබනවා. ඉතින් එහෙම ජපානයට පැමිණෙන අයට ගැටලුවකින් තොරව ජපානය තුල සුවපහසු ජීවිතයක් ගත කරන්න අවස්ථාව හිමිවෙනවා නමුත් අපිට හමුවුන බහුතරයක් දෙනා ජපානයට පැමිනිල තිබ්බේ විවිද ඒජන්සි ආයතන විසින් සිදු කරපු ප්‍රචාරයන්ට රැවටිලා ඔවුන් සදහන් කරපු පරිදි ජපන් STUDENT වීසා රැලි ලෙස ප්‍රචාරය කරමින් මසකට ලක්ෂ 4ක් 5ක් පමණ මුදලක් උපයන්න පුළුවන් කියලා කරපු රැවටීම් වලට හසු වීමෙන් තමයි ඔවුන් මෙලෙස පැමිනිල තිබ්බේ.
ඇත්තෙන්ම මෙතන තිබ්බ කණගාටු දායකම දෙයක් තමයි සමහරක් දෙනා තමන් කරමින් සිටි රැකියාවෙන් පවා ඉවත්වෙලා ගේ දොර ,ඉඩ කඩම් උගස් කර ජපානයට පැමිණ සිටීමයි..
අපි ඊළගට අහපු දේ තමයි ඇත්තටම STUDENT වීසා ඇවිත් ඔය කියන විදියට 4-5 උපයන්න බැරිද කියන එකයි STUDENT වීසා කෙනෙක්ට රැකියා කරන්න ලැබෙන්නේ සතියකට පැය 28 කාලයක් පමණයි. උදාහරණයක් විදියට TOKYO නගරය ගත්තොත් පැයකට අවම වැටුප වෙන්නේ යෙන් 958 විතර හිතන්න ඔබ යෙන් 1100 විතර රැකියාවක් අපහසුවෙන් හරි හොයා ගත්ත කියල එත් ඔබ මාසෙම වැඩ කලත් ලැබෙන්නේරුපියල් 300 000 අසන්න අගයක් ඔබට මේ මුදලින් ගෙවල් කුලී,විදුලි බිල,වතුර බිල,ගෑස් බිල,ප්‍රවාහන වියදම්, කෑමට බීම,දුරකථන වියදම් වගේම පාසල් ගාස්තුත් ගෙවන්න ඕනි, ඉතින් මේ සියලු වියදම් ගෙවල ඉවර කලට පස්සේ අතේ ඉතුරු වෙන්නේ සුළු මුදලක් සමහර විට නයට ඉල්ලා ගන්නත් වෙනව
මුල් මාස කීපයේ ලංකාවට සල්ලි යවන එකනම් හිතන්නවත් බැරි වැඩක් වෙනව, STUDENT වීසා එන ඔබ මුලින්ම ඇතුලත් වෙන්න ඕන language school එකකට ඒ සදහා ඔබට වසර දෙකක කාලයක් ගත වන අතර වසර දෙකක් සදහා visa ලබාදෙනු ලබනවා. මුල් වසර දෙකෙන් පසු visa දික් කර ගන්න අවශ්‍යනම් සහ ජපානය තුල ස්ථිර රැකියාවක් සොයා ගැනීමට අවශ්‍යනම් ඔබ “සෙන්මොන්” ලෙස හදුන්වන උසස් අද්යාපන ආයතනයකට ඇතුලත් වෙන්න ඕනි එහිදීත් ඔබ වසර දෙකක කාලයක් අද්‍යාපනය ලබන්න ඕනි ඔබ ජපානයට STUDENT වීසා එනවනම් ඔබට ගොඩ යන්න අසන්න වශයෙන් වසර හතරක් පමණවත් කට්ටක් කන්න වෙනවා..කොහොම උනත් ජපානයේ මේ වෙන කොට උසස් රැකියා වල නිරත වෙලා ඉන්න අයනම් සදහන් කරේ ඔබට උසස් රැකියාවක් සහ ඉහල වැටුපක් ලබා ගන්න අවශ්‍යනම් ජපානයේ තිබෙන පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාදියක් ලබාගන්න අවශ්‍යයි කියල.

අපට ඊළගට හමුවුණු කට්ටිය තමයි ජපානේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි පුරාම දුක් විදින කොට්ටසය ඒ තමයි සරණාගත වීස මත හෝ හොරෙන් පැනල ඉන්න පිරිස මේ කොට්ටසයෙන් සමහර දෙනෙක් සංචාරක වීස මත ජපානයට පැමිනිල හොරෙන් පැනල ඉන්න අතර තවත් කොටසක් STUDENT වීසා මත ජපානයට ඇවිල්ල වීස කාලය අවසන් උනාම හොරෙන් පැනල ඉන්න පිරිස. ඇත්තමට මේ දේ කර ගත්ත කියන්නේ ජීවිතේම කාලකන්නි කර ගත්තා හා සමානයි මොකද ඔබට නැවත ලංකාවට එන්න බෑ ..එහෙම අවොත් නැවත ජපානයට යන්නත් බෑ ඒ වගේම මෙහෙම ඉන්න අයට ජපානය තුල ලැබෙන්නේ ඉතාමත් අඩු පහසුකම් සහ වරප්ප්‍රසාද විශේෂයෙන් ලෙඩක් දුකක් වගේ කරදරයකදී ඔබට විදින්න වෙන අපහසුතා උපරිමයි ඒ වගේම ඔබ සරණාගත නිසා වෙනත් රටකටවත් යන්න තිබෙන අවස්ථාව අහිමි වෙනවා. මේ අතර ජපානයේ ශ්‍රී ලංකා තානදිපති කාර්යාලයේ නිලදාරීන් අපට පැවසුවේ සමහර තරුණ තරුණියන් වීසා ලබාගැනීමට අවශ්‍ය නිසා වැඩිමහලු ජපන් පුද්ගලයන් සමග විවාහ වීමට පැමිණෙන බවයි…
ජපානයේ වසර 10 කට වඩා ජීවත් වුන අය සදහන් කලේ ජපානයට එනවනම් අවම වශයෙන් වයස 22 කට කලිනවත් පැමිණෙන ලෙසයි මොකද ඔබට ජපානය තුල ස්ථාවර වීමට වසර 4 කට වඩා කාලයක් ගත වන බවයි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ජපානයට STUDENT වීසා යන්න ඉන්නවනම් මේ සියලු කරනා ගැන දෙවරක් සිතා බලන ලෙසයි