දුප්පත්කමේ පතුලෙම සිට ලෝකයම වෙනස් කල මහා ධනවතා ජැක් මා
ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගෙන තියෙනව? එහෙමත් නැත්නම් එහෙම එහෙම පුළුවන් කියල අහල තියනවද එහෙනම් ඔබ Alibaba සමාගම එක ගැන අහල නැති වෙන්න බෑ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ලොව පුරා ප්‍රසිද්ද මෙමෙ වෙබ් අඩවියේ නිර්මාණකරු තමයි jack ma කියන්නේ.
දුප්පත් කමේ පතුලේම ඉදන් හැමදාමත් අසාර්ථකත්වයම පමණක් ලබපු ජැක් මා කියන්නේ මේ වෙන කොට ආසියාවේ ධනවත්ම පුද්ගලයා ඒ වගේම ලෝකේ බලවත්ම මිනිසුන්ගේ ලයිස්තුවේ ඉන්න කෙනෙක් අද අපි කියන්නේ යන්නේ ඔහුගේ කතාවයි
1964 ඔක්තෝබර් 15 වන දින චීනයේ හැංග්ෂු පළාතේ සාමාන්‍ය පවුලක තමයි ජැක් මා උපත ලබන්නේ, ඔහුට කුඩා කාලේ ඉදන්ම තුබුනේ තරමක් වෙනස් අදහස් ඒ වගේම තරමක් දඩබ්බර ගති පැවතුම් මේ නිසාම ඔහුට ගොඩක් දෙනෙක් කිවේ පිස්සෙක් කියල. ඔහුගේ පාසල් අධ්‍යාපනයනම් එතරම් සුන්දර එකක් උනේ නෑ. මොකද ඔහු පාසල් අධ්‍යාපනයනට එතරම් දක්ශ වුනේ නෑ. පාසලේ පළමු වසරේදීම ඔහු දෙවරක් අසමත් වුනා, ද්විතීක විභාගය තෙවරක් අසමත් වුනා.
නමුත් ඔහුට එක ආසාවක් තිබ්බ ඒ තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඉතින් ඔහු ඒ නිසාම නගරයට පැමිණෙන විදේශිකයන් සොයාගෙන ගිය එහෙම ගිහින් ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්දනය කර ගත්ත. ඔහු පසු කලෙක කියල තිබ්බ ඔහුගේ ගමනට එක ලොකු උදුවක් උනා කියල.
ජැක් මා රැකියා 30 කට පමණ ඉල්ලුම් කරලා තිබ්බ ඒ හැම වතාවකදීම ඔහුව ප්‍රතික්ෂේප වෙලා තිබ්බ, ඔහු වරෙක අපුරු කතාවක් කියනව රුකියාවක් සොයමින් ඉන්න කලේ ඔහු KFC ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කරනවා ඒ සදහා ඔහු සමග 24 දෙනෙක් ගිහින් තියනවා එතනින් 23 දෙනෙක් තෝරාගෙන තියනවා ඔහු පමණයි නොතේරුන එකම කෙනා, පසුව පොලිසියට ඇතුලත් වීමට ඉල්ලුම් කරනවා නමුත් අවාසනාවට 5 දෙනෙක්ගෙන් 4 දෙනෙක් තොර ගන්නව ඔහුව තොර ගන්නේ නෑ, හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ඔහුව 10 වතාවක් ප්‍රතික්ෂේප කරනවා.
පසුව ඔහු කරපු රැකියාවලින් ලැබුන වැටුප වුනේ $12 පමණ මුදලක් නමුත් ඔහු එම රැකියාව අත් හරිනව ඔහුගේ හිතේ තිබුණ ආසාවක් ක්‍රියාත්මක කරන්න ඒ තමයි අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුනන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන එක. මේ ගැන අහුවම මිනිස්සු ඔහුට හිනා වෙලා තියනව කොටින්ම ඔහුව හදුන්වල තියෙන්නේ පිස්සෙක් කියල, මොකද එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔහු මෙම ව්‍යාපාරය පටන් ගත්ත කාලය වන 1999-2000 වගේ කාලය කියන්නේ අන්තර්ජාලය ලෝකයේ එතරම් ප්‍රතලිච නැති යුගයක් ඒ වගේම චීනය කියන්නේ පහසුවෙන් ව්‍යාපාර කරන්න බැරි පරිසරයක් තිබ්බ රටක් ඒ කලේ.
ඉතින් ඔහුට පිස්සෙක් කියල කියපු අයට ඔහු උත්තර දීල තියෙන්නේ පිස්සෙක් වෙන එක හොදයි මෝඩයෙක් වෙනවට වඩා කියලයි ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ කුඩා ව්‍යාපාරිකයන්ට තමාගේ භාණ්ඩ අන්තර්ජාලය හරහා විකුණා ගන්න අවස්තවක් සලසා දෙන්නයි.
ඔහු කියන පරිදි ඔබ ලාභ ලැබීමේ අරමුණින්ම යම් කිසි දෙයක් ආරම්භ කරනවානම් ඔබ අසාර්ථක වෙන්න තියන ඉඩ කඩ ගොඩක් වැඩි වෙනවා. වඩාත් වැදගත් වන්නේ ඔබ කරන දෙය අවන්කවම කිරීමයි මොකද ඔබ කරන දෙය නිවැරදි අවබෝදයකින් අවංකව සිදු කරනවානම් මුදල් කියන දෙය ඔබ පසු පසම එනවා. .

පරිගණකයක් on කරන්නවත් නොදැන සිටි jack ma ඔහුගේ alibaba වෙබ් අඩවිය නිර්මාණය කරන්න මුදල් සොයාගෙන තියෙන්නේ යාලුවන්ගේන් මුදල් නයට අරගෙන කොහොම හරි ඔහු මෙම වෙබ් අඩවිය ආරම්භ කරලා වසර 5 යන තෙක් ඔහුට කිසිම මුදලක් ලැබිල නෑ. නමුත් පස්සේ ටික ටික ව්‍යාපාරිකයන් ඔහුගේ වෙබ් අඩවිය හරහා ව්‍යාපාර කටයුතු කරන්න පටන් ගත්තම ඔහුට මුදල් ලැබෙන්න පටන් ගෙන තියනව.
මේ විදියට ආරම්භ කරපු ව්‍යාපාරය දියුණු වීමට බලපාපු තවත් කාරනාවක් තමයි ඒ දවස් වල චීනයේ බොහෝ පුද්ගලයින් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන්න කැමති වුණේ නැත්තෙ
විශ්වසනීය බවක් නැති ගෙවීම් ක්‍රම නිසා. මේ ගැටළුවට පිළියමක් විදියට ජැක් Alibaba නාමය යටතේ Alipay සංකල්පය හඳුන්වා දෙනවා. බැංකුවක අනුමත කිරීමකින් තොරව ව්‍යාපාර කටයුතු වලදී මුදල් ගනුදෙනු කළ හැකි මේ ක්‍රමය අද වන විට PayPal සේවාවට වඩා වැඩිපුර භාවිතා වෙනවා.
ඔහු මෑතකදී මෙවන් කතාවක් කරලා තියනව “මට තියන ලොකුම කණගාටුව තමයි අද තරුණ ළමයින්ට බලාපොරොත්තු නෑ. හරි හමන් දැක්මක් නෑ, නැති දේ ගැන කියමින් වද වෙනව. ඇත්ත අපිත් ඔය විදියටම ප්‍රතික්ෂේප වුන මානසික පිඩාවට පත් වුනා නමුත් අපි අපේ අවස්ථාවන් හරියටම ගන්නේ කොහොමද කියල ඉගෙන ගත්තා. අනිත් අයට දෝෂාරෝපණය කරමින් නැති දේ ගැන හැම විටම වද වෙන තරුණ ළමයි කිසිම දවසක නැගිටින්නේ නෑ