IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය
පිට රටකට පදිංචියට එහෙමත් නැත්නම් ඉගෙන ගන්න යන්න ඉන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක් තමයි IELTS (International English Language Testing System) කොහොමද ගොඩ දා ගන්නේ කියන එක ඉතින් මේ ප්‍රශ්නේ නිසාම ගොඩක් දෙනෙක් විවිද කරදර වලට මුහුණ දෙනවා එක්කෝ IELTS ඕනේ නෑ රට යවන්නම් කියන්න හොරුන්ට රැවටිලා මුදල් නැති කර ගන්නවා. එහෙමත් නැත්නම් exam එක කරන බයේ ඉන්නවා ඉතින් මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොහොමද මේ IELTS exam එකෙන් ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය පහසුවෙන් ලබන්නේ කියන එකට මග පෙන්වීමක් කරන්නයි.
හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ IELTS කියන්නේ කියල. කලින් කිව්වා වගේ මේ exam එක අවශ්‍ය වෙන්නේ විදෙස් ගත වෙන්න ඉන්න අයට. ගොඩක් වෙලාවට IELTS අවශ්‍ය වෙන රටවල් තමයි කැනඩාව,එංගලන්තය,ඔස්ට්‍රේලියාව වගේ ඉංග්‍රීසි භාෂාව රටේ ප්‍රදාන බාෂාව වුන රටවල්.ඉතින් එයාලා බලන්නේ ඔයාලට ඒ රටවල් වලට ඇවිත් වැඩකටයුතු කර ගන්න තරම් ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා හැකියාවක් තියනවද කියාලා.
හරි මුලින්ම කියන්න ඕන දේ තමයි IELTS exam වර්ග දෙකක් තියනව ඒ තමයි
General IELTS exam
Academic IELTS exam

දැන් අපි බලමු මොකක්ද මේ දෙකේ වෙනස කියල General IELTS exam කරන්න ඕන වෙන්නේ සාමාන්‍යයෙන් ඔබ රැකියාවකට එහෙමත් නැත්නම් පදිංචියට ඒ වගේ රටකට යන්න බලාපොරොත්තු වෙනවනම් තමයි General IELTS exam එක කරන අවශ්‍ය වෙන්නේ මොකද එකේදී කරන්නේ එදිනෙද වැඩ වලට අවශ්‍ය වෙන එහෙමත් නැත්නම් රැකියාවක් කරන කොට අවශ්‍ය වෙන ඉංග්‍රීසි පරික්ෂා කරන එක Academic IELTS exam එක කරන්න අවශ්‍ය වෙන්නේ ඔබ අද්‍යාපනය සදහා විදෙස් ගත වෙන්න බලාපොරොත්තු වෙනවනම් තමයි ,මොකද මේ Academic IELTS exam එක General IELTS exam එකට වඩා තරමක් අමාරුයි මේ exam එකේදී ඔබේ English දැනුම තරමක් ගැබුරින් බලනවා
හරි දැන් අපි දන්නවනේ exam වර්ග දෙක ගැන ඉතින් දැන් අපි බලමු මොන වගේ exam එකකට අපිට මුහුණ දෙන්න තියෙන්නේ කියලා.
මෙහෙමයි මේ exam එකේ කොටස් 4 තියනව exam එක පැය 3 වගේ කාලයකදී අවසන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට බයවෙන්න දෙයක් නෑ දවසම තියන ගොඩක් අමාරු exam කියලා මේ exam එකේ ප්‍රදාන කොටස් 4 වෙන්නේ.
- listening (ඇසීම )
- reading (කියවීම )
- writing (ලිවීම )
- speaking (කතා කිරීම )
මෙතනින් listening සහ speaking කියන කොටස් දෙක Academic සහ General කියන exam වර්ග දෙකටම පොදු සමාන paper එකක් තමයි ලැබෙන්නේ reading සහ writing තමයි වෙනස් වෙන්නේ මේ හරි අපි බලමු මොනවද මේ එක එක කොටස් වලට කොහොමද මුහුණ දෙන්නේ කියල මුලින්ම අපි බලමු listening (ඇසීම ) කියන කොටසේදී මොකද කරන්න තියෙන්නේ කියල

මෙහෙමයි මෙතැනදී ඔබට විනාඩි 30 පමණ කාලයක් තමයි ලැබෙන්නේ මේ කොටසට මේකෙදි ඔබට වෙනම ශාලාවක අසුන් ගන්න සිද්ද වෙනවා ඒ වගේම ඔබට head phone එකක් ලැබෙනවා එකේ ඔබට අහන්න ලැබෙනවා යම් කිසි විස්තරයක් බොහොම පැහැදිලිව සරල ඉංග්‍රීසියෙන් තමයි ඔබට මේක අහන්න ලැබෙන්නේ මේකේ කරන්න තියෙන්නේ ඔබට ඒ ඇහෙන දේවල් වලින් ඔබට ලාබදීල තියන paper එකේ නිවැරදි පිලිතුර ලකුණු කරන එක එක හරියට අපි පාසල් කාලේදී කරපු අවස්ථා සම්බන්දය ලියනවා වගේ
මෙතැනදී මතක තබා ගන්න ඕන කාරණාවක් තමයි මේ sound clip එක වාදනය වෙන්නේ එක වතාවක් පමණයි ගොඩක් දෙනෙක් මෙතැනදී වැරද්ද ගන්න දෙයක් තමයි sound clip එක අහගෙන යන කොට දෙයක් හරි හැටි අහ ගන්න බැරි උනොත් එතන නැවතිලා හිතනවා එතැනදී වෙන්නේ ඉස්සරහට කරන්න තියන ප්‍රශ්න වලටවත් උත්තර දෙන්න බැරි වෙන එක එතැනදී කරන්න තියෙන්නේ ඔබට හිතට එන උත්තරය ලකුණු කරලා ඊලග ප්‍රශ්නයට යන එක හරි දැන් අපි බලමු IELTS exam එකේදී අපිට මුහුණ දෙන්න වෙන දෙවැනි කොටස ගැන ඒ තමයි reading test එක

reading test එක වෙනස් වෙනවා general සහ academic අනුව ඒ කියන්නේ වෙන වෙන paper දෙකක් තමයි ලැබෙන්නේ මෙතැනදී කරන්න තියෙන්නේ ඔයාලට දෙනවා චේදයක් ඊට පස්සේ ඒ චේදයේ තියන දේවල් වලින් අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ මෙතැනදී general කරන අයට ලැබෙන්නේ සාමාන්‍ය news paper article එකක් ඒ වගේම academic කරන අයට තරමක් ගැබුරු වචන තියන article එකක් ලැබෙනවා ඉතින් මේ කොටසට ඔයාලට ලැබෙන්නේ විනාඩි 60 වගේ කාලයක් තමයිreading test එක වෙනස් වෙනවා general සහ academic අනුව ඒ කියන්නේ වෙන වෙන paper දෙකක් තමයි ලැබෙන්නේ මෙතැනදී කරන්න තියෙන්නේ ඔයාලට දෙනවා චේදයක් ඊට පස්සේ ඒ චේදයේ තියන දේවල් වලින් අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ මෙතැනදී general කරන අයට ලැබෙන්නේ සාමාන්‍ය news paper article එකක් ඒ වගේම academic කරන අයට තරමක් ගැබුරු වචන තියන article එකක් ලැබෙනවා ඉතින් මේ කොටසට ඔයාලට ලැබෙන්නේ විනාඩි 60 වගේ කාලයක් තමයි මෙතැනදී ගොඩක් අය කරන්න උත්සාහ කරන දෙයක් තමයි සම්පුර්ණ චේදයම කියනවල ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන එක ඇත්තටම ඒක ගොඩක් වෙලාව යන වැඩක් මොකද ලැබිල තියන කාලය වෙන්නේ විනාඩි 60 ඉතින් මුලින් කරන්න ඕන අහල තියන ප්‍රශ්න කියනව එක ඊට පස්සේ කරන්න තියෙන්නේ දීල තියන චේදය උඩින් පල්ලෙන් කියව ගෙන යන එක එහෙම කියවන කොට බලන්න ඕනි දෙයක් තමයි අර ප්‍රශ්න වල තිබ්බ වචන තියනවද කියල අන්න එහෙම ස්ථාන වල නැවතිලා බලන්න ඔබට අවශ්‍ය පිළිතුර සොයා ගන්න පුළුවන් වෙයි මේ කොටසට සුදානම් වෙන කොට ඔබ කරන්න ඕන දෙයක් තමයි ඔබේ vocabulary එක හදා ගන්න එක මොකද මේ කොටසට ලකුණු ගන්න එකට ඒක ගොඩක් වැදගත් වෙනවා

හරි ඊට පස්සේ තියන කොටස තමයි writing test එක මේකටත් ඔයාලට ලැබෙනවා විනාඩි 60 ක කාලයක් මේකෙදි බලන්නේ ඔයාලගේ ලිවිමී හැකියාව ඉතින් මේකෙදි ඔයාලට ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ රචනාවක් වගේ ලියන්න මේකෙත් උප කොටස් තියනවා ඉතින් exam එකට යන්න කලින් හොදට පුරුදු පුහුණු වෙලා යන්න ඕනි එකට වැදගත් වෙන කරුණු මේ ලිපිය අවසානයට මම විස්තර කරන්නම්
ඉතින් ඊට පස්සේ අන්තිමටම ලැබෙන කොටස තමයි speaking test එක මේකට සාමන්‍යයෙන් විනාඩි 10 වගේ තමයි ගත වෙන්නේ මේකෙදි වෙන්නේ ඔයාලට එයාලත් එක්ක interview එකක් තියනවා ඒක හරියට job interview එකකට ගියා වගේම තමයි එයාලත් එක්ක සුහදව කතා කරලා අහන දේවල් වලට උත්තර දෙන්න තමයි තියෙන්නේ
හරි ඔන්න ඔය ටික තමයි IELTS වල තියෙන්නේ ඇත්තම ඔයාල හොදට පුරුදු පුහුණු වෙලා යනවම් මේක මහා අමාරු දෙයක් නෙමෙයි මොකද කවදාවත් අහල දැකල නැති කොරියානු භාෂාව අපේ රටේ තරුණ තරුණියන් මාස කීපයකින් පුහුණු වෙලා ඉහලින්ම සමත් වෙන්නේ ඉතින් පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්න ඉංග්‍රීසි exam එකක් ගොඩ දාගන්න එක මහලොකු වැඩක් නෙමෙයිනේ

හරි ඔයාල exam එකට යන්න කලින් කරලා යන්න ඕනි පොත් සෙට් එකක් තියනවා ඒ තමයි Cambridge IELTS පොත් සෙට් එක මේක එක්කෝ මිලදී ගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් කලින් කරපු කෙනෙක්ගෙන් ඉල්ලා ගෙන exam එකට කලින් කරලා යන්න ඔබට පහසුවෙන් IELTS exam එක ගොඩ දාගන්න පුළුවන් වෙයි ඒ වගේම exam එකට register වෙන්න මේ link එකෙන් යන්න register for ielts ඒ වගේම IELTS ගැන තවත් ගොඩක් කරුණු තියන වෙබ් අඩවි වල විස්තර මම පහල දාන්නම් ඔයාල ඒවටත් ගිහින් බලන්න
ielts-simon
මේ ලිපිය රට යන්න ඉන්න ඔයාල දන්න අයට ගොඩක් වැදගත් වෙයි ඒක නිසා අනිත් අයටත් බලන්න share කරන්න.
මේ සම්බන්දයෙන් මොනවා හරි ගැටළුවක් හෝ ඔබේ අදහසක් එකතු කරන්න තියනවානම් පහලින් comment කරන්න .
Thank you
Букмекерская контора 1xBet является очень известных на рынке. https://bet-promokod.ru/ Большой выбор спортивных и киберспортивных событий, десятки открытых линий, высочайшие коэффициенты. Кроме того, БК имеет обширный функционал и немногие дает возможность совершать ставки по специальным промокодам. Используя промокоды, вы можете получить реальный денежный выигрыш, не внося абсолютно никаких средств. Фантастика? – Нет, Реальность Узнать последний промокод вы можете прямо сейчас, однако использовать его необходимо в соответствии с правилами и инструкциями, которые приведены ниже.