ඔයාල අපේ කලින් ලිපි කියෙව්වනම් දැනටමත් දන්නවා ඇතිනේ online shopping කියන්නේ මොකක්ද ඒවගේම online shopping බාවිතා කරන්න අපි බය වෙන්න ඕනි නැත්තේ ඇයි කියන හේතුවත් කලින් ලිපි කියවල නැත්නම් මේ link වලින් ගිහින් ඒවත් කියවන්න පුළුවන්.
online බඩු ගන්න බය වුණු කාලේ ඉවරයි.
මොකක්ද මේ paypal කියන්නේ.
හරි මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ කොහොමද eBay වෙබ් අඩවියෙන් අපිට ඕන කරන බාන්ඩයක් මිලදී ගන්නේ කියන එක. හරි එකට මුලින්ම කරන්න තියෙන්නේ මේ link එකෙන් ගිහින් eBay වෙබ් අඩවියට යන්න ඊට පස්සේ වෙබ් අඩවියේ ඉහල වම් කෙලවරේ තියනවා Register වෙන්න button එකක් ඒක click කරලා ඔබට පුළුවන් ඔබේ නම සහ email ලිපිනය දීල Personal account එකක් විදියට register වෙන්න. එහෙම register වෙලා log උනාට පස්සේ ඔයාලට පුළුවන් තමන් කැමති බාන්ඩයක් search කරලා බලන්න.

eBay එකේ බාන්ඩ ලබා ගන්න ක්‍රම දෙකක් තියනව එකක් තමයි සදහන් කරලා තියන මුදල ගෙවල බාන්ඩ ලබා ගන්න එක අනිත් ක්‍රමය තමයි වෙන්දේසි ක්‍රමය මෙකිදී වෙන්නේ වෙන්දේසි ක්‍රමයට විකුණන බාන්ඩයකට ඔයාලට කැමති මිල ගණන් ඉදිරිපත් කරන්න පුළුවන් හරි දැන් අපි බලමු පලවෙනි ක්‍රමයට බාන්ඩ මිලදී ගන්නේ කොහොමද කියල.
එකට කරන්න තියෙන්නේ eBay වෙබ් අඩවියේ Search bar එකේ තමන්ට අවශ්‍ය බාන්ඩය සදහන් කරලා search කරන්න ඊට පස්සේ ඔබට පහලින් All Listings, Auction, Buy It Now යන ටැබ් තුනක් බලාගන්න පුළුවන් ඒකෙන් පලවෙනි ටැබ් එකෙන් කරන්නේ ඔබ search කරපු බාන්ඩයට අදාලව තියන සියළුව බාන්ඩ පෙන්වන එකයි Auction ටැබ් එකෙන් වෙන්නේ පෙර සදහන් කල පරිදි වෙන්දේසි කරන බාන්ඩ ඔබට බලාගන්න පුළුවන් එමෙන්ම Buy It Now ටැබ් එක click කිරීමෙන් ඔබට පළමු ආකාරයට එනම් සදහන් කරලා තියන මිල ගෙවා බාන්ඩ ලබා ගන්න පුළුවන්.

එලෙස අදාල බාන්ඩය තෝරාගෙන ඒකට අදාල link එක click කරන්න ඉන්පසු ඔබට බාන්ඩය පිළිබද වැඩිදුර විස්තර බලාගන්නත් පුළුවන් ඉන්පසු ඔබට තියෙන්නේ Buy It Now කියල තියන button එක ඔබල අදාල මුදල ගෙවන්න එතකොට ඔබට පුළුවන් ඔබ මුදල ගෙවන්නේ PayPal හරහාද එහෙමත් නැත්නම් කෙලින්ම Credit හෝ debit card හරහාද යන්න තෝරන්න. අදාළ මුදල ගෙව්වට පස්සේ ඔබට email පණිවිඩයක් ලැබෙයි ඔබට බාන්ඩය ලැබෙන කාලය තහවුරු කරලා

දෙවැනි ක්‍රමය තමයි වෙන්දේසි එහෙමත් නැත්නම් Auction ක්‍රමය එහිදී ඔබට කරන්න තියෙන්නේ යම් භාණ්ඩයක භාණ්ඩ විස්තරයට (item description එකට) ඉහලින් (සාමාන්‍ය භාණ්ඩයක අපි Buy it Now බොත්තම ඔබන තැන) Auction භාණ්ඩ වල සටහන් වෙන්නෙ Place bid කියලා බොත්තමක්. ඊට ඉදිරියෙන් Current bid ලෙස සඳහන් වෙනවා. මෙහි Current bid ලෙස සඳහන් වෙන්නෙ එම භාණ්ඩය සඳහා මේ වන විට ඇති වැඩිම ලංසුවයි. Place bid බොත්තම ඔබා ඔබේ bid එක තබන්න පුළුවන්. අපිට සඳහන් කළ හැකි අවම bid එක එහි යටින් වරහන් තුළ සඳහන් වී තිබෙනවා. ඊට වැඩි ඕනෑම අගයක් අපිට bid කරන්න පුළුවන්.ඉන් පසු Auction එකට නියමිත කාලය අවසන් වෙන කොට වැඩිම මුදලකට බාන්ඩය ඉල්ලපු කෙනා Auction එකෙන් ජයක්ග්‍රහනය කරනවා ඉන්පසු ඔබට එය ලබාගන්න පුළුවන්

Bid කර දිනාගත් භාණ්ඩයක් මිලදී ගැනීමට අපට නොහැකි වුවහොත්?

මෙසේ සිදුවීමෙන් අපේ eBay ගිණුමෙ කීර්ති නාමයට හානියක් වෙනවා. ඒ හේතුවෙන් අප ඉදිරියෙදි සිදුකරන ඇතැම් ගණුදෙනු වලට අපට සම්බාධක පැනවෙන්න පුළුවන්. ඇතැම් sellersලා මෙවන් buyersලාට තවදුරටත් භාණ්ඩ ලබා දෙන්නෙ එසැණින්ම Pay ක‍ළහොත් පමණක් වන අතර ඇතැම් sellersලා මෙවන් buyersලාට භාණ්ඩ විකිණීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මෙවන් මුදල් නොගෙවීම් කීපයක් සිදුවීම ඇතැම් විට අපේ eBay ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීමට පවා හේතුවෙන්න පුළුවන්. එමනිසා ඔබ මිලදී ගන්න අපේක්ෂා කරන භාණ්ඩ වලට පමණක් bid කිරීමට වගබලාගත යුතුයි.
Bid කිරීම සඳහා භාණ්ඩයක් තෝරාගැනීමෙදි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
ඇතැම් භාණ්ඩ වල current bid එක ඉතා අඩු වුනත් එම භාණ්ඩය සඳහා ප්‍රවාහන ගාස්තු (shipping cost) පැවතිය හැකියි. එම නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ search result list එකේ ප්‍රවාහන ගාස්තුත් දැකබලා ගැනීමට Custom view වෙත ගොස් Show shipping cost යන්න ටික් කරන්න.
Auctions වෙතින් ඔබට භාණ්ඩයක් දිනාගෙන මිලදී ගැනීමට නම් Auction එක අවසාන වන තෙක්ම සිටිය යුතු වෙනවා. එමනිසා සැමවිටම Auction එක අවසාන වීමට ඉතිරි වී ඇති කාලය ගැන සැලකිලිමත් වෙන්න.
ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට හදිස්සි නම් search results list එක Time: ending soonest ලෙස sort කර ඉක්මණින්ම අවසාන වන භාණ්ඩයක් සඳහා bid කරන්න.
ඕනෑම Auction එකක current bid එක සීඝ්‍ර ලෙස වැඩි වන්නෙ Auction එක අවසාන වීමට පෙර අන්තිම විනාඩි කීපයේ බව මතක තබාගන්න. ඔබ bid කළ භාණ්ඩයක Auction එකෙහි අවසාන විනාඩි කීපය eBay අඩවියට පිවිස අවධානයෙන් සිටීමට වගබලාගන්න.
ඔබ මින් පෙර bid කර නොමැති නම් සාමාන්‍යයෙන් මිල අඩු භාණ්ඩයක් සඳහා මුලින්ම bid කර ඒ පිළිබඳ අත්දැකීමක් ලබාගන්න. ඔබේ දැනුමට ඔබේ අත්දැකීම්ද එකතු කරගත් පසු මිල වැඩි භාණ්ඩ වෙත යන්න.

මොනවා හරි ගැටළුව තියනවානම් comment එකක් දාන්න අපි උදවු කරන්න සුදානමින් ඉන්නවා.

ebay සම්බන්ද අපගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න