එදිනෙද වැඩ පහසු කර ගන්න අපි තාක්ෂණය නිතර බාවිතා කරනවනේ මෙලෙස බාවිතා කරන සමහර තාක්ෂණික මේවලම් වල සැගවිලා තියන සේවා පිලිබදව තියන නොදැනුවත්කම හේතුවෙන් අපිට ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකි වෙලා තියනව, ඉතින් මේ සොයාබලන්න යන්නේ එවැනි තොරතුරු කීපයක් ගැන විස්තර

1.ඔබ දන්නවද ඔබේ vibrate දමා ඇති Android දුරකථනය නිවසේදී අස්ථානගත වුනොත් Lost Phone ලෙස ගූගල් වලට ඇතුලත් කර ඔබට දුරකථනය ශබ්දයෙන් ring කරන්න පුළුවන් එමෙන්ම නිවසෙන් පිටතදී නැති වුනොත් ඔබට මේම ක්‍රමය මගින් දුරකථනය තිබෙන ස්ථානය දන ගැනීමට මෙන්ම එය lock කිරීමට සහ අවශ්‍යනම් එහි තිබෙන දත්ත මකන්නටත් පුළුවන් .

2. ඔබ දන්නවාද වැරදීමකින් වෙබ් බ්‍රව්සර් එකේ ටැබ් එකක් close වුනොත් control +shift + T යන යතුරු ඔබල ඒ ටැබ් එක නැවත ගත හැකි බව.

3.iphone එකක් ipad charger එකකින් charge කලොත් වඩා ඉක්මනින් charge වන බව ඔබ දන්නවද එමෙන්ම ඔබ ලග charger එකක් නොමැති අවස්ථාවේදී tv/Audio Setups සහ computers &laptops වැනි usb පොර්ට් අන්තර්ගත ඕනෑම උපාංගයකින් ආරක්ෂිතව ඔබේ දුරකථනය charge කරගත හැකි බව

4.ඔබ දන්නවද වෙබ් බ්‍රව්සර් එකේ incognito mode බාවිතා කිරීමෙන් ගුවන් ටිකට් පත් අඩුවට මිලදී ගැනීමේ යම් සම්බවිතාවක් පැවතිය හැකි බව හේතුව වන්නේ ඔබ කිහිපවරක් වෙබ් අඩවිය තුල සැරිසරන විට ඔවුන් මිල ගණන් වැඩි කරන බැවිනි

5.ඔබට google එක timer එකක් ලෙස හෝ alarm එකක් ලෙස යොදා ගත හැකි බව සිදු කල යුත්තේ set timer ලෙස search කිරීම පමණයි

6.ඔබට youtube වීඩියෝවක් download කිරීමට අවශ්‍යනම් URL එක මුලට SS ලෙස එකතු කර Enter කිරීමෙන් පහසුවෙන්ම download කරගත හැකි බව

7.ඔබේ දුරකථනයේ බැටරිය ගොඩක් අඩු වෙලා ඇත්නම් එය ක්‍රියාවිරහිත නොකර ඒ වෙනුවට Airplane mode ඔන් කිරීමෙන් ඔබට තවත් වෙලාවක් එය On එකේ තබා ගත හැක off කර නැවත on කිරීමේදී බැටරියේ විශාල ශක්තියක් අපතේ යයි

8.පාසල් projects/college Assignments වැනි දේ සදහා තොරතුරු සොයන්න google .com බාවිතා කිරීම වෙනුවට scholar.google.comබාවිතා කිරීමෙන් ඔබට බොහෝ තොරතුරු ප්‍රමාණයක් සොයා ගත හැකි බව