දියුණු වෙන්න ඕනේනම් මහන්සි වෙලා වැඩ කරන්න කියන කතාව තව දුරටත් වලංගුද?  නැත… ඔබයි අපයි මේ ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ඉහලම දියුණුවක් ලගාකරගෙන ඇති විසි එක්වැනි සියවසේය. වඩා ශක්තිමත්ම මිනිසා ජීවිතය ජයක්ග්‍රහණය කල දඩයම් යුගය පසු කර අප බොහෝ දුරක් පැමිණිලයි තියෙන්නේ.

ඉතින් මේ සියවසේදී ජයක්ග්‍රහණය කරනු ලබන්නේ smart (ස්මාර්ට්) මිනිසුන්ය. එනම්, තමන්ගේ බුද්ධිය මෙහෙයවා යම් කාර්යයක් වඩා පහසුවෙන් සහ ඉක්මනින් කර ගැනීමේ හැකියාව ඇති මිනිසුන්ය. එයට උදාහරණ ලෙස Jack Ma, Elon Musk,… ඇතුළු උදාහරණ රාශියක් පෙන්වා දෙන්න පුළුවන්. මේ ලෝකයේ එක්තරා නියතයක් ඇත. එනම් 80:20 නියතයයි. මෙම නියතය මගින් පැහැදිලි කරන්නේ ලෝකයේ ජනගහණයෙන් සියයට අසූවක් (80%) පාලනය කරනු ලබන්නේ ඉතුරු සියයට විස්ස (20%) මගින් කියාය.

එම නිසා සෑම විටම මහන්සි වෙලා වැඩ කරන සේවකයන් ආයතන හිමිකරුවන්ට වාසිදායක වෙනවා. කොහොම නමුත් මෑතකදී රූපවාහිනී සාකච්චාවකට ආපු ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙන භාතිය ජයකොඩි මහතා අපුරු කතාවක් පැවසුවා. ඒනම්, අවරුදු 40 ක පමන සේවා කාලයක් අවසන් කර විශ්‍රාම යන පුද්ගයෙක් ඉන්පසු තව කෙනෙකු මගින් යැපෙන තත්වයට පත් වන්නේ මන්ද, ඒසේත් නැත්නම් වෙනත් ආදායම් මාර්ගයක් සොයා ගන්න උත්සහ කරන්නේ ඇයි කියන එක? ඔහු සදහන් කරන්නේ මිනිසුන්ගේ සිතන විදියේ ගැටළුවක් ඇති  බවයි . මේයට ප්‍රධානම හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ ඔවුන් ජීවිත කාලෙම කර ති‌බෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන එක විතරයි. එය අපට Active income ලෙස හැදින්විය හැක. ඒයින් අදහස් වන්නේ කවුරුන් හෝ තම රැකියාව කරන තුරැ අදායමක් ලැබෙන මුත් ඔවුන් හට කිසියම් අවස්ථාවකදී වැඩ කරන්න බැරුව ගිය දවසට ඔවුන්ගේ අදායම නැතුව ගොස් අසරණ බාවයට පත් වෙනවා. වෙන විදියකට කිව්වොත් හම්බ කරන්නම් හැමදාම වැඩකරන්න වෙනවා කියන එක.

අද කාලයේ ගොඩක් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වචනයක් තමයි Passive income කියන එක ඒ කියන්නේ තමන්ගේ අදායම තමන් වැඩ කරන එකම මත රදා පවතින්නේ නෑ කියන එක, එහෙමත් නැත්නම් තමන්ට යම් කිසි දවසක වැඩ කරන්න බැරුව ගියත් තමන්ගේ අදායම නවතින්නේ නෑ කියන එක. සරලවම කියනවම් නිදාගෙන හිටියත් සල්ලි හම්බෙනව කියන එක.

සෑම කෙනෙක්ම උත්සහ කරන්න ඕනි දෙයක් තමයි මුලින්ම Active income එකක් ලෙස ආරම්බ  කරන තමන්ගේ  රැකියා ජීවිතයේ ගත කරන ගමන්ම සුළුවෙන් හෝ Passive income එකක් නිර්මාණය කර ගැනීමට උත්සහ කරන එක.

අද වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලබල තියන දියුණුවත් සමග දැනුම කියන සාදකය ඉතාමත් අඩු මුදලකට ලබාගන්න පුළුවන් වෙලා තියෙනව. සරල කඩදාසි නිර්මාණයක සිට පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීම දක්වා වූ මහා දැනුම සම්බාරයක් ඔබට පහසුවෙන්ම අන්තර්ජාලය තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නිසාම මේ වන විට online money making එහෙමත් නැත්නම් අන්තර්ජාලය තුලින් මුදල් සෙවීමේ ක්‍රම ජනප්‍රිය වෙමින් පවතිනවා මේ යටතේ,

1. freelancing (තමන්ගේ දැනුම හැකියාව අලෙවි කර මුදල් සෙවීම )

2. e-commerce / dropshipping ( අන්තර්ජාලය හරහා වෙලදාම් කිරීම )

3. online trading ( කොටස් වෙළද පොළ හා සම්බන්ද ක්‍රියාකාරකම් )

මේ ආදී බොහෝ දේවල් දැකිවිය හැකියි. ඉතින් ඔබටත් මේ සම්බන්යෙන් උනන්දුවක් ඇත්නම් මේ සියලුම දැනුම අන්තර්ජාලය තුලින් ලබා ගන්නත් පුලවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරනවට වඩා බුද්ධිමත් විදියට වැඩකරන ලෙසයි.

Chanuka Wijesundara