අද ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය search engine එකක් තමයි google කියන්නේ මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන් එක වරක් හෝ google පාවිච්චි කරලා තියනවට සැක නෑ නමුත් තවමත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ google search engine එක පාවිච්චි කරලා නිවැරදිව තමන්ට අවශ්‍ය තොරතුරක් හොයා ගන්නේ කියල ඉතින් අපි මේ කියල දෙන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් google එකේ රහස් ටිකක්

1.එක වගේ web site හොයා ගන්න විදිය

හිතන්නකෝ ඔයාලට ඕන වෙන්ව කියල facebook වගේ තවත් web site තියනවද කියල හොයා ගන්න ඉතින් එකට කරන්න තියෙන්නේ google search engine එකේ search box එකේ type කරන්න ඕනි related:facebook.com කියල එතකොට ඒ වගේ තියන අනිත් web site පෙන්නනවා ඒ වගේම ඔයාලට මේ ක්‍රමය පාවිච්චි කරලා ඕනෑම දෙයක ඊට සමාන දෙයක් හොයන්න බාවිතා කරන්න පුළුවන්


2.කැමති file type එකක් හොයා ගන්න විදිය

ඔබ අද්‍යාපනය හදාරන කෙනෙක්නම් මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි ඔබට අවශ්‍යනම් යම් කිසි තොරතුරකට අදාළ pdf file එකක් එහෙමත් නැත්නම් doc file එකක් හෝ වෙනත් ඕනෑම වර්ගයක file type එකක් ඔබට පහසුවෙන් හොයා ගන්න පුළුවන් උදාහරණයක් විදියට ශ්‍රී ලංකාව ගැන pdf file එකක් හොයා ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ මෙහෙමයි google search engine එකේ search box එකේ type කරන්න ඕනි
srilanka filetype:pdf එතකොට ඔබට ශ්‍රී ලංකාව ගැන තියන pdf file විතරක් පෙන්නයි

3.යම් තොරතුරකට අදාල තමන්ට අවශ්‍ය කොටස තෝරා ගන්න විදිය

හිතන්නකෝ ඔයාලට ඕනි කියල ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාල තොරතුරු විතරක් හොයා ගන්න ඕනි කියල ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ google search engine එකේ search box එකේ type කරන්න
srilanka + tourism කියල type කරන්න ඔබට මේ + ලකුණ වෙනුවට – ලකුණ යෙදීමෙන් අදාල කොටස හැර අනිකුත් තොරතුරු පෙන්නුම් කරනවා

4.යම් කිසි ප්‍රකාශයකට අදාළ තොරතුරක් සොයා ගන්නා විදිය

ගොඩක් වෙලාවට news හොයා ගන්න මේ ක්‍රමය බාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයකට අදාලව news එකක් හොයා ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ google search engine එකේ search box එකේ type කරන්න
” ” ඇතුලේ උදාහරණයක් විදියට “you are my sunshine”

5.ලගම තියන තැනක විස්තරක් දැන ගන්න ඕනි උනාම

උදාහරණයක් විදියට ලගම තියන coffee shops එකක විස්තරයක් දැන ගන්න ඕනිනම් කරන්න තියෙන්නේ coffee shops nearby කියල search කරන එක

6. ඔබට අවශ්‍ය title එකකට අවශ්‍ය විස්තරයක් හොයා ගන්න විදිය

ඔබට අවශ්‍යනම් වෙබ් අඩවියකට අදාලව title එකක නමින් search කරන්න කරන්න තියෙන්නේ google search engine එකේ search box එකේ type කරන්න උදාහරණයක් විදියට
allintitle:chanuvlogs