අද වන විට ලෝකයේ අන්තර්ජාලය නැතුව කිසිම දෙයක් කර ගන්න බැරි මට්ටමකට පත් වෙලානේ තියෙන්නේ ඉතින් මේ අන්තර්ජාලය තුල විවිද ආයතන තමන්ගේ සේවා ලබාදීම සිදු කරනවා ඉතින් මේ විදියට අපිට නැතුවම බැරි සේවා ලබාදෙන ආයතන දෙකක් තමයි google සහ facebook කියන්නේ.

නමුත් ඔබ කවදාවත් හිතල තියනව ඔවුන් ඔබේ වටිනා තොරතුරු ඔබටත් හොරෙන් එකතු කරන බව මෙම තොරතුරු බොහෝ විට එම ආයතන මගින් වෙළද දැන්වීම් ආයතන වෙත විකුණා දමනවා ඉතින් අපි බලමු මොනවද මේ ආයතන දෙක එකතු කර ගන්න ඔබගේ විස්තර කියල

google ආයතනය

  • ඔබ සිදු කරන සියලුම google search වල තොරතුරු රුස් කර තබා ගන්නවා.ඔබ web browser එකේ history මකා දැමුවද එම තොරතුරු ඉවත් නොවේ.
  • ඔබේ සියලුම ක්‍රියාකාරකම් වලට අදාල දින google calendar තුල තැම්පත් කරගෙන සිටිනවා
  • ඒ වගේම ඔබගේ GPS දත්ත google ආයතනය විසින් රැස්කර තබා ගන්නවා ඒ කියන්නේ ඔබ ගියපු ස්ථාන ඔබ එම ස්ථාන වල ගත කරපු කාලය වගේ හැම විස්තරයක්ම google ආයතනය විසින් රැස් කර තබා ගන්නවා
  • ඔබ download කරපු හැම image file එකකම විස්තර තබා ගන්නවා
  • google වලට upload කරපු හැම file එකකම විස්තරයක් තබා ගන්නවා ඔබ එම file මකා දැමුවද එම තොරතුරු ඉවත් වන්නේ නැත
  • ඔබ ලබාගත් ෆොටෝ වලට අදාල metadata වල තොරතුරු රස කර තබා ගන්නව, ඒ කියන්නේ ෆොටෝ එක ගත්ත දවස කොහෙදිද ගත්තේ වගේ විස්තර
  • අලෙවිකරණය සදහා වැදගත් වන ඔබගේ තොරතුරුද ඔවුන් විසින් රස කර තබා ගන්නව ඒ කියන්නේ ඔබගේ වයස ස්ත්‍රී පුරුෂ බාවය වගේ විස්තර
  • මීට අමතරව google ආයතනය සම්බන්ද වෙබ් සේවා වලින් ලබා සේවා වලට අදාල තොරතුරුත් ඔවුන් විසින් රැස් කොට තබා ගන්නවා උදාහරණයක් විදියට youtube එකෙන් ඔබ නරබන video වල විස්තර ඔවුන් විසින් රැස් කොට තබා ගන්නව
  • ඒ වගේම ඔබ විසින් යවපු සහ ලැබුන email පණිවිඩ වල විස්තරත් ඔවුන් විසින් රුස් කර තබා ගන්නවා

facebook ආයතනය

 

  • ඔබ messenger සේවාව හරහා යවන message වල විස්තර facebook ආයතනය එකතු කර ගන්නවා
  • ඔබ සම්බන්ද වෙලා ඉන්න facebook මිතුරු මිතුරියන්ගේ විස්තර එකතු කර ගන්නවා
  • ඔබගේ facebook voice call වල විස්තර
  • ඔබගේ smartphone එකේ දුරකථන නාමාවලිය මෙන්ම ලබා ගත් දුරකථන ඇමතුම් වල විස්තර
  • ඔබ facebook වෙත log වුන වෙලාවල් සහ ස්ථාන