නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන ෆේස් බුක් apps
අද වෙන විට ලෝකය පුරාම සිටින සියලුම දෙනාම වගේ තාක්ෂනය සමග ගනුදෙනු කනවා..නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද තාක්ෂනය පිලිබදව හරි දැනුමක් තියෙන්නේ විශේෂයෙන් ලංකාව වගේ රටකනම් මේ තත්වය තවත් අඩුයි, ඉතින් මේ නිසා ගොඩක් දෙනෙක්ට විවිද කරදර වලට මුහුණ පාන්න සිද්ද වෙන්ව. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තමන්ගේ පෞද්ගලිකත්වය පවා සමාජය ඉදිරියේ අහිමි කර ගන්න සිද්ද වෙන්වා තාක්ෂනය පිලිබදව ඇති අඩු දැනුවත්කම හේතුවෙන්.
ඉතින් අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් නොදන්නා කම නිසා දාගෙන පස්සේ විවිද කරදර වලට මුහුණ දෙන facebook apps ගැන ,
ඔබත් මෙවැනි facebook එකේ තියන fun apps ඔනෑ තරම් දැකල තියෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ වෙනකොටත් පාවිච්චි කරලා තියෙන්නත් පුළුවන්, ගොඩක් දෙනෙක් මේ වගේ apps පාවිච්චි කරන්නේ විනෝදය සදහායි , නමුත් ඔබ දන්නවද මෙම apps වල සැගවුණු රහසක් තිබෙන බව ඒ තමයි මේ apps ක්‍රියාත්මක වීමේදී ඔබ නොදැනුවත්වම ඔබගේ facebook ගිණුම් වල තොරතුරු අදාල app එක මගින් එකතු කරගන්නවා ඉන්පසු එම තොරතුරු කෙලින්ම එම app එක නිර්මාණය කරපු පුද්ගලයාට හෝ එම සමාගම වෙත යවනු ලබනවා ඉන් පසු එම තොරතුරු වැඩිම ඉල්ලුමට විකුණා දමනවා ,ඔබ කවදා හෝ හිතල තියනවද මේ apps නිර්මාණය කරන පිරිස තමන්ගේ කාලය සහ ශ්‍රමය කැපකරගෙන මෙම apps නිර්මාණය කරන්නේ අයි කියල ? ඒ ඔබ ගැන ආදරයෙන් ඔබගේ සතුට ගැන හිතල කරන කැපකිරීමක්නම් නෙමේ බොහෝවිට මෙලෙස එකතු කර ගන්නා තොරතුරු යොදා ගන්නේ වේළද දැන්වීම් ප්‍රචාරණ වැඩ කටයුතු සදහායි
ඔබට සිතෙන්න පුළුවන් අපේ තොරතුරු අරගෙන මොනව කරන්නද කියල ,නමුත් ඇත්තට මෙය ඔබ සිතනවාට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් ,
මොහොතක් තියන්න ඔවුන්ට ඔබගේ email ලිපින ,නම ,උපන්දින,දුරකථන අංක ආදිය ලැබුනම එක තොරතුරු හරහා ඔබට වෙළද දැන්වීම් එවන්න හැකියාවක් තියනව. ඒ වගේම ඔබගේ facebook මිතුරු මිතුරියන්ගේ තොරතුරු පවා ලබාගන්න හැකියාව තියනව.මෙවැනි තොරතුරු රැසක එකතුවෙන් විවිද ආයතන සහ කණ්ඩායම් වලට පුළුවන් එක වගේ අදහස් තියන පුද්ගලයන් බෙදා වෙන් කරගෙන කාණ්ඩ කරගන්න.උදාහරණ වශයෙන් එකම කෑම වර්ග වලට කැමති අය එකම දේශපාලන පක්ෂයකට කැමති ය වගේ විවිද කොටස් වලට වෙන් කර ගන්න යොදා ගන්න පුළුවන් .
ඉන්පසු එම තොරතුරු යොදාගෙන ඔබට කරදරකාරී email එවීමට අමතරව, තීරණාත්මක මැතිවරණයක් වැනි අවස්ථාවක අවසන් ප්‍රතිපලයට තීරණාත්මක බලපෑමක් උවද එල්ල කරන්න පුළුවන් ..මේ කෙසේ උනත් අපි මොකටද අපේ තොරතුරු කාටවත් දෙන්නේ