ඔහුට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ක්‍රමයක් අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් paypal නිර්මාණය කළේය .

ඔහුට පරිසර හිතකාමී මෝටර් රථයක් නිර්මාණය කරන්න අවශ්‍ය විය. ඔහු ඒ වෙනුවන් tesla car නිර්මාණය කළේය.

ඔහුට අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයාමට අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් space x සමාගම නිර්මාණය කළේය .

ඔහුට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවීය එබැවින් ඔබ බොහෝ විට ඔහුව නොදන්නවා විය හැක.

ඔහු නමින් ඊලොන් මස්ක්ය.

මම පෙර සදහන් කල සියලුම නිර්මාණයන්ගේ හිමිකරුවා ඔහුය මීට අමතරව මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් නිර්මාණ ගණනාවක් බිහි කිරීමේ පුරෝගාමියා ඔහුය.

1971 ජූනි 28 දින දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා හි උපත ලැබූ, ඊලොන් මස්ක් 2016 දෙසැම්බර් මාසයේදී ඔහු ෆෝබ්ස් සගරාවේ ලොව බලවත්ම මිනිසුන් ලැයිස්තුවේ 21 වන ස්ථානයට පත්විය. ඊලොන් මස්ක්ට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. ඊලොන් කොතරම් දක්ෂයෙක්ද කියනවනම් වයස අවුරුදු 12 දී තනිවම පරිගණක වැඩසටහන්කරණය ඉගෙන ගැනීම අරම්භ කරනවා ඔහුට වයස අවරුදු 17 පමණ වන විට මස්ක් පවුල කැනඩාවේ පදිංචියට යනවා

එහිදී Queen’s විශ්ව විද්යාලයට ඇතුලත් වෙන ඔහු එයින් වසර දෙකකට පසු ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයට මාරු වෙනවා ඔහු එහිදී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගන්නවා

1995 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්යාලයට ව්‍යවහාරික භෞතික විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ඇතුලත් උනත් ඉන් දින දෙකකට පසුව එයින් ඉවත් වන්නේ ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතුව. ඔහු 2000 වසරේදී අන්තර්ජාල ගනුදෙනු සදහා ලොව සුපතල paypal සමාගම අරම්භ කරනවා ඉන් පසුව 2002 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 පමණ මුදලකට ඔහු එම සමාගම ebay සමාගමට විකුණා දමනවා

2002 වසරේදී මස්ක් විසින් spacex නමින් අභ්‍යවකාශ යානා නිෂ්පාදන හා අභ්‍යවකාශ ප්‍රවාහන සේවා සමාගමක් ආරම්භ කරනවා, ඉන් පසු 2003 වසරේදී ලොවම උඩු යටි කුරු කල මොටර් රථ සමාගමක් වන tesla සමාගම ආරම්භ කරනවා

ඊලෝන් මස්ක් SpaceX එකටත් වඩා කතා බහට ලක් වෙන්නේ ඔහුගේ Tesla සමාගම නිසයි. ඉලෙක්ට්‍රික් වාහනයක් කියන්නේ ටික දුරක් ගියත් බැටරිය බහින, කිසිම ලස්සනක් නැති, හරිම හිමින් යන වාහනයක් කියලා තිබුණු සංකල්පය උඩු යටිකුරු කරන්න ඔහු සමත් වුණා. නිකමට Tesla Model S එක ගැන හිතන්න. එක පාරක් චාජ් කරලා කිලෝමීටර් 500ක් ගමන් කරන්න පුළුවන්, පෙට්‍රල් කාර් එකකට වඩා වේගවත්, ඉතාම ආරක්ෂිත ඒ වගේ ඉලෙක්ට්‍රික් වාහනයක් හදන එක හීනයක් කියලයි වැඩි දෙනෙක් හිතාගෙන හිටියේ. නමුත් ඔහු ඒක කරන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්වූවා.

ඔහු මේ වන විට SpaceX මගින් අඟහරු වෙතට මිනිසුන් යැවීමටද ඊලෝන් මස්ක් සුදානමින් සිටිනවා ඊලෝන් මස්ක් ගණන් බලලා තියෙන විදිහට SpaceX එකේ නවතම යානය 2020 වෙනකොට අඟහරු බලා ගමන් කරන්න සූදානම් වෙලා තියේවි! ඒ වගේම තවත් අවුරුදු 40ක් වගේ යද්දී අඟහරු මත ස්ථිරව පදිංචි මිනිසුන් ලක්ෂ 10ක් පමණ ඉඳීවි. ඒ නිසා මේක බොහෝ දෙනා හිතන විදිහට “මේ කපේට” නොවෙන දෙයක් නෙවෙයි. බොහෝ දුරට අපේ ජීවිත කාලය තුලදීම දැකගන්න ලැබෙන්න ඉඩ තියෙන දෙයක්

ඉතින් මේ සියලු කරුනු වලින් පෙනී යන්නේ ඊලෝන් මස්ක් ලොකය වෙනස් කර ඇති බවයි.