ගෙම්බෙක් වෙන්න එපා
පසු ගිය දින කීපයේදී සමාජ ජාලා අඩවි තුල වේගයෙන් ජනප්‍රිය වුන post එකක් තමයි ගෙම්බෙක් වෙන්න එපා කියන මේ post එක
“ගෙම්බෙක්ව ලිපේ තියන වතුර භාජනයකට දාලා
ලිපට ගින්දර දැම්මම
වතුර භාජනය රත් වෙන්න පටන් ගන්නවා
ගෙම්බා ඒ රත් වෙන වතුරේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට හදා ගන්නවා..
වතුර තව තව රත් වෙනවා ඌ ආයේ ආයේ වතුරේ උෂ්ණත්වයට අනුගත වෙන්න බලනවා…
හැබැයි එක වෙලාවක් එනවා වතුර වල උෂ්ණත්වයට ගෙම්බට ඒ උෂ්ණත්වය හදාගන්න බැරි වෙන.
ගෙම්බා භාජනයෙන් එළියට පනින්න හිතනවා
ඌ පනින්න උත්සහා කරනවා…
පනින්න බෑ…මොකද ඌ ඌගේ මුලු ශක්තියම
උණුවතුරට හැඩගැහෙන්න පාවිච්චි කරලා…
ගෙම්බා මැරෙනවා…
ඌ මැරෙන්න හේතුව වතුරට දාපු එකද?
නෑ ..ඌ එළියට පනින්න ඕන වෙලාව දැනගන හිටියේ නෑ.
උෂ්ණත්වය දැනෙද්දී ඒක හැඩ ගැහෙන්න් හැදුවා.
ආයේ අයේ හැඩ ගැහෙන්න හැදුවා…
උගේ මුලු ශක්තියම හැඩ ගැහෙන්න යෙදෙව්වම
ඌට එළියට පනින ශක්තියක් නැතිව ,අන්තිමේ
මැරුණා…
ජීවිතයේ අපිටත් සමහර පනින්න ඕන තැන් එනවා
ඒ තැන් වලදී පනින්නේ නැතිව
අපි ඒකට හැඩ ගැහෙන්න හැදුවම
ඉබේම අපේ ශක්තිය වැය වෙලා අපි විනාශ වෙලා ගිහින්,
අපි ශාරිරිකව මානසිකව හැගීම් වලින් පීඩා විදින්න,
ලොකුම හේතුව
අපි එළියට පනින්න ඕන තැන හරියට අදුරනොගැනීම.
හිතන්න ,එළියට පනින්න.”

ඇත්තටම ගෙම්බාගේ කතාව පැත්තකින් තිබ්බොත් මේ කියන කතාවේ ලොකු ඇත්තක් තියනව මොකද අපි ගොඩක් වෙලාවට කරන්නෙත් මේ ගෙම්බා කරන වැඩේම තමයි එක්කෝ රැකියා ජීවිතයේදී එහෙමත් නැත්නම් විවාහ ජීවිතයේදී අපි අපහසුවෙන් උනත් ඒවාට හැඩ ගැහෙන්න උත්සහ කරනවා මේ වගේ ගොඩක් අවස්ථා වලදී වෙන්නේ අපි අසාර්ථක වෙන එකයි.. ඉතින් කියන්න තියෙන්නේ “ගෙම්බෙක් වෙන්න එපා හරි තැනදී පනින්න.”