ඇතැම් සිදුවීම් සිදුවන විට මෙය මීට පෙර මෙලෙසම සිදුවූවා නේද, ලෙස අපට හැගෙන්නේ ඇයි.?
ඔබටත් සමහර විට මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්න පුලුවන්.ගොඩක් වෙලාවට මෙම අත්දැකීමට මුලින්ම මුහුණ දුන්න කෙනෙක්ට මුලින්ම ඇති වෙන හැගීම තමයි තමන්ට යම් කිසි බලයක් වැනි දෙයක් ලැබී ඇත්දැයි කියලා. එහෙමත් නැත්නම් යම් කිසි මානසික රොගයක් වැලදී ඇත්දැයි කියා සිතෙනවා.
අපි දැන් බලමු ඕකට හේතුව මොකක්ද කියල මුලින්ම කියන්න තියෙන දේ තමයි මේක යම් කිසි බලයක්වත් මානසික රොගී තත්වයක්වත් නෙමෙයි.
මෙහෙමයි.. ඕකට තාම හරියට හේතුවක් හෝ නිත්‍ය පැහැදිලි කිරීමක් හොයාගෙනවත් එහෙම දෙන්න පුළුවන් කමක්වත් නැහැ.
ඕකට මනෝව්ද්‍යාවේ තියෙන ළඟම explanation එක තමයි මොළයේ සංඥා නිකුත් වීමේ ප්‍රමාදය.
ඒ කියන්නෙ මේකයි. සංවේදනය කියල කියන්නෙ ඇත්තටම අපේ ඉන්ද්‍රීන් විසින් මොළයට යවන පණිවිඩයක්. එතකොට අපි කවුරුත් දන්නව මොළයේ කොටස්/පැති දෙකක් තියෙනව. අපි මොනවහරි දෙයක් සවේදනය කරද්දි මොළයට යවන සංඥා ඔය පැති දෙකේම record වෙනව. ඒක වෙන්නෙ simultaneously. ඒ කියන්නෙ එක විඩේ. නමුත් සමහර වෙලාවට, කළාතුරකින් එක පැත්තක record වෙලා අනෙක් පැත්තට ඔය සංඥාව යාමේ පොඩි ප්‍රමාදයක් සිදු වෙනව.තප්පර හෝ මිලි තප්පර ගානක වෙන්න පුළුවන්. එතකොට අපේ මොළය පළවෙනි පාර record වෙන එක එක සිද්ධියක් හැටියටත්, ප්‍රමාද වෙලා අනෙක් පැත්තෙ record වෙන එක තව සිද්ධියක් හැටියටත් අපිට නැවත signal එක එවන්නෙ. හැබැයි ඒ දෙකම එකම සිද්ධිය. ඒ නිසා තමයි ඒ සිද්ධිය තප්පර ගානක් ඇතුලත අපිට නැවත සිදුවුනා වගේ දැනෙන්නෙ. ඕකට කියන්නෙ deja vu.මේ සම්බන්දයෙන් නිර්මණය වුනු චිත්‍රපට පවා තියෙනවා.ඔබට අවශයනම් අන්තර්ජාලයේ මේ සම්බන්දයෙන් බොහෝ කරැනු තියෙනවා.
ඕක ශක්තියක්වත්, ලෙඩක්වත්, අසාමාන්‍ය තත්ත්වයක් වත් නෙවෙයි. බොහොම සාමාන්‍ය දෙයක්. කාට කාටත් අත්විඳීමට සිදුවන.