පාපන්දු ලෝක‌‌යේ නිතර කියවෙන නමක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ ඉතින් අපි බලමු මේ සුපිරි ක්‍රීඩකය පැමිණි ගමන් මග ගැන. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉපදිලා තියෙන්නේ 1985-2-5 වෙනිදා පෘතුගාලයේ මැඩේරා කියන පලාතෙදියි පුංචි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට උපතින්ම හදවත් රෝගයක් තිබිල තියනව ඒ තමයි ඔහුගේ හදවත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියා කිරීම. ඔහුගේ පියා ධනවත් අයෙක්නම් නෙමෙයි ඔහුගේ රැකියාව වෙලා තියෙන්නේ පාපන්දු ක්‍රීඩා සමාජ වලට අවශ්‍ය කරන ඇදුම් මැසීම ඉතින් මේ හේතුවෙන්ම වගේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පවුලේ අයට පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් තිබිල තියනව.

ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ ක්‍රීඩාව පටන් ගන්නේ වීදියෙන් කුඩා කල සිටම තමන්ගේ වයසේ දරුවන්ට වඩා ඔහුගේ හැකියාවන් ඉහලින් තිබ්බ..වයස අවරුදු 12 දී පමණ ඔහු ගම හැරදා පෘතුගාලයේ ප්‍රදාන නගරයක් වෙන ලිස්බන් නගරයට එනව ඒ ඔහුගේ සිහිනයක් වුන ප්‍රබල පාපන්දු සමාජයකට ඇතුලත් වීමේ ආසාව ඉටුකරගැනීමටයි වයස අවුරුදු 14 දී ඔහු තමන්ගේ අද්‍යාපනය සම්පුර්ණයෙන්ම අත්හැර දමනවා ඒ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සම්පුර්ණ අවදානය ලබාදීමට …ඔහුගේ පුහුණුකරුවන් පවසන පරිදි ඔහුට කුඩා කල සිටම හොදින් පන්දුව පාලනය කිරීමට හැකියාව තිබුන ඒමෙන්ම ඔහු නිතරම ඉතාමත් උනන්දුවෙන් පුහුණු වීම් වල නිරත වෙලා සිටිය මේ කාලයේදීම ඔහුට හදවතේ සැත්කමක් කරනවා වෛද්‍යවරු සදහන් කලේ ඔහු පාපන්දු ක්‍රීඩාව නැවැත්විය යුතුයි කියාය කොහොම නමුත් මේ කිසිවකින් නොසැලුණු රොනාල්ඩෝ දිගටම පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙනවා.

කෙමෙන් කෙමෙන් තමන්ගේ රට තුල ඔහු ජනප්‍රියත්වය ලබා ගනිද්දී එංගලන්තයේ ප්‍රබල පාපන්දු සමාජයක් වන මැන්චෙස්ටෙර් යුනයිටඩ් කණ්ඩායම ඔහුව පවුම් මිලියන 12.2 ක මුදලකට බදවා ගන්නවා.වයස අවුරුදු 21 දී ඔහු පෘතුගාල කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා..2007 වසරේදී මැන්චෙස්ටෙර් යුනයිටඩ් කණ්ඩායම වසර 4කට පසුව ලබා ගත් පළමු ප්‍රමුක පෙල තරග ජයක්ග්‍රහනය ලබාදෙන්න මොහු ලොකු දායකත්වයක් ලබා දෙනවා..පසුව ඔහු පවුම් මිලියන 80 කට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට එකතු වෙනවා..මේ වන විට ඔහු විශාල සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියනු ලබනවා එමෙන්ම ගෝල 500 කට වඩා වැඩි ප්‍රමාණයක්ද ලබාගෙන තිබෙනවා.