කැනඩාවේ ඉන්න අපට හැම දාම නොලැබෙන මුළු අවුරුද්දටම මාස තුනක් විතර හම්බෙන දෙයක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිවාඩු දවසේ. ඒ තමයි ගෙවතු වගාව ලංකාවේ ඉන්න කාලේ වසර පුරාම හොද දේශගුණයක් තිබුන නිසාමද මන්ද ගෙවතු වගාවට ඒ තරම් අගයක් නොතිබුනත්, කැනඩාවට ආවට පස්සේ ගෙවතු වගාව සම්බන්දයෙන් සැහෙන්න උනන්දුවක් ඇති උනා. මොකද කැනඩාවේ වසරේ වැඩි කාලයක් හිමෙන් වැහිලා තිබෙන නිසා වගේම එලියලට බැහැල නිදහසේ සතුටු වෙන්න අවස්ථාව ලැබෙන කොළ පාට පරිසරයක් දකින්න ලැබෙන්නේ summer එකට නිසා.

කලින් වසර වලත් යම් තරමක ගෙවතු වගාවට සම්බන්ද උනත් මෙවර covid 19 වසංගතයක් එක්ක ගෙදර ඉන්න සිද්ද උන නිසා. වෙනදාටත් වඩා හොදින් කරන්න අවස්ථාව හම්බුනා. ඒ වගේම summer ආරම්භ වෙන කොටම වගේ city office එකෙන් හැම ගෙදරකට එළවලු ඇට එවල තුබුන අස්වැන්නෙන් කොටසක් food bank එකට පරිත්‍යාග කරන්න කියන ඉල්ලීමත් එක්කම.

කැනඩාවේ වැවෙන එළවලු වලට අමතව ලංකාවෙන් ගෙන්න ගත්ත ගොටුකොළ වගේ ජාතිත් වගා කරන්න අවස්ථාව ලැබුනා. කැනඩාවේදී වගාවට යොදා ගන්නා ඉතා ඉහල මට්ටමේ පොහොර පස නිසාමද මන්ද මාස තුනක් වගේ කාලයක් ඇතුලත වගා කරලා ඉතා ඉහල අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන් උනා. කොහොම උනත් මේ summer එකේ එකේ ගෙදර හදපු එළවලු ටිකක රස බලන්න ලැබුන වගේම food bank එකට පරිත්‍යාග කරලා පිනක් කර ගන්නත් අවස්ථාව ලැබුනා.