පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාල…
ගොඩ කාලෙක ඉදන් කතා කරනවද නැද්ද කියල කල්පනා කර කර හිටපු දෙයක් උනත් පසු ගිය දින දෙක තුල අහන්න ලැබුන කරනා නිසා වගේම ගොඩක් බලාපොරොත්තු තබාගෙන අලුත් රටකට පැමිණෙන ඔබේ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාස කරලා පුළුවන් කාරණාවක් නිසාම කතා කරන්නම හිතුන, මම මෙතැන් සිට කතා කරන්න යන මාතෘකාව කවුරුවත් වැඩිය ප්‍රසිද්දියේ කතා නොකරන දෙයක් උනත් කැනඩාවට පැමිණෙන ඔබ මේ පිලිබදව අවබෝදයකින් යුතුව පැමිණෙන එක ගොඩක් වැදගත් මාතෘකාව තමයි
“පවුල් ජීවිත බිද වැටීම, දරුවන් නොමග යෑම සහ කල්පනාවෙන් ගනු දෙනු කලයුතු ශ්‍රී ලංකික සමාජය “
1.පවුල් ජීවිත බිද වැටීම,
මේ කරනයනම් වැඩි පුරම අදාල වෙන්නේ ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලින් පැමිණෙන අයට මොකද අපේ රට වල වගේ නෙමයි කැනඩාවට පැමිණියාට පසු ඔබට විශාල නිදහසක් ලැබෙනව ඔබ කරන රැකියාව ඔබ යන ගමන් බිමන් වගේම ඔබ කරන කියන කිසි දෙයක් ගෙන හොයල බලන්න කවුරුවත් එන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පවුල තුල යම් පීඩනයකට ලක්වෙලා හිටපු කෙනෙක්නම් ඔබට මේ ලැබෙන නිදහස විටෙක දරා ගැනීමට බැරි දෙයක් ලෙස හැගෙන්න පුළුවන්, ඒ වගේම අතීතයට වඩා මේ වන විට කැනඩාවට විශාල වශයෙන් සංක්‍රමණිකයන් පැමිණීම හරහා රැකියා සහදා ඇති තරගය මෙන්ම ලැබුන රැකියාව රැකගෙන ජීවත් වීමත් වෙනම යුද්දයක්. ඉතින් මේ එකී නොකී මෙකි බොහෝ කරනා නිසා වෙනදා ලංකාවේදී ඔබට ඔබගේ පවුල වෙනුවෙන් ගත කරන්න ලැබුන කාලය අඩු වෙන එක සාමාන්‍ය දෙයක් ඒ වගේම ලැබෙන නිදහසත් එක්ක අනියම් ඇසුරු ආදියට යොමු වීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. දික් කසාද ආදිය කැනඩාව තුල කතා කරන්න දෙයක් තරම්වත් දෙයක් නොවන තරමට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙන නිසා. ඔබට සමාජයෙනුත් බොහෝ විට ලැබෙන්නේ දික් කසාදයට මග පෙන්වීමක් වෙන්න පුළුවන්. කැනඩාවට පැමිණීමට පෙරම මෙවැනි ගැටළු මග හරවා ගැනීමට මානසිකව සුදානම් වෙන එක කෝකටත් හොදයි.

- දරුවන් නොමග යෑම
බොහෝ දෙනෙක් කැනඩාව වගේ රටකට එන්න හිතන්න ප්‍රදාන හේතුවක් තමයි දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන එක, ඔව් ඇත්තෙන්ම මේ රට ලෝකයේ ඉහලම මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් රටක් නමුත් මේ කියන්න යන කාරනාව තරමක් වෙනස් මේක විශේෂයෙන් අදාල වන්නේ තමක් නව යොවුන් වියේ පසුවන දරුවන් සමග මේ රටට එන අයට, කාරනව පටන් ගන්නේ මෙහෙමයි ඔබට මේ රටට අවට පස්සේ සැලකිය යුතු මට්ටමේ වියදමක් දැරීමට වෙනවා mortgage/house rentals, insurance, living expenses… ඔබ ලොකු සල්ලියක් අතේ තියන් ආපු කෙනෙක් නෙමයිනම් අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනාටම රැකියාවක් කරන්න සිද්ද වෙන්ව. මෙන්න මේ මුදල් පසු පස හබාගෙන යෑම නිසා ඔබට දරුවන් ගැන අවදානය යොමු කරන්න තිබෙන කාලය අඩු වෙලා යනවා. ඔබ ජීවත් වෙන වට පිටව අනුව මේ කරනවා වෙනස් උනත් කැනඩාව කියන්නේ දරුවෙක්ට නොමග යන්න අවශ්‍යනම් එයට සියලුම මාර්ග විවර වෙච්ච තැනක්. ඔබ මේ පිලිබදවත් හොද සැලසුමකින් සුදානමකින් පැමිණෙන එක වැදගත්. අන්තිමටම ලගදි ඇහුන කතාවකින්ම අවසන් කරන්නම් ” මහ උන් සල්ලි පස්සේ යනවා ළමයි $$ ගහනව ## ගහනව ” එහෙම උනොත් පෝය දවසේ පන්සලේ බණට කිව්වා වගේ “සැපට දුක් විදින්න තමයි වෙන්නේ “
3.කල්පනාවෙන් ගනු දෙනු කලයුතු ශ්‍රී ලංකික සමාජය
මේ ගැන කතා කරන එකේ තේරුමක් නෑ කියල හිතුන, කැනඩාවේ අත්දැකීම් ඇති ඔබගේ අදහස් මෙයට එක් කරන්න ආරාධනා කරනවා.
Awesome post! Keep up the great work! 🙂
Great content! Super high-quality! Keep it up! 🙂
hızlı casino en iyi bahis sitelerinden bir tanesidir.
Your site is very nice, I like it very much, you should definitely be a candidate for the competition.