ආක්‍රමනකාරී සත්ව විශේෂන්ගෙ දේශය හෙවත් කැනඩාව. (කැනඩාව ඉවර වෙන්න අත ලගයි )
රිට්ටා ලඟදි බයිසිකල් පදින්න ගිය කැනඩාවෙ ලන්ඩන් වල Fanshawe ෆැන්ෂෝ(ව්) ජලාශයේ බයිසිකල් ට්‍රේල් ගැන වන සංරක්ෂන එකෙන් දාපු පොඩි කම්ප්ලේන් වීඩ්යෝ එකක් යූටියුබ් එකේ තියෙනවා. ඒකෙ කියන්නෙ කැලේ මැද්දෙන් යන, මාක් කරල මේන්ටේන් කරන ඔෆීෂියල් ට්‍රේල් වලට අමතරව පාක් එකට එන විසිටර්ස්ල තමුන්ට කැමති කැමති තැන් වලින් කැලෙ වැදිලා ඊට පස්සෙ හැම එකාම එහෙම අන්-ඔෆීෂියල් ට්‍රේල් වල යාම ලොකු ප්‍රශ්නයක් කියල.
මොකද මේ ෆැන්ෂෝ(ව්) කැලේ තියෙනවා තරමක් දුර්ලභ කැනඩාවෙ නේටිව් ගහකොල ගොඩක්. අර විදිහට තැන් තැන් වලින් මිනිස්සු හදාගත්ත පාරවල් පස්සෙ කොට දාල හරස් කරල වැහුව උනත් මිනිස්සු ඇවිදල හෝ බයිසිකල් පැදල කම්පැක්ට් වෙච්ච පොලවෙ ඊට පස්සෙ නේටිව් ශාක වර්ග වැවෙන්නෙ නෑ. ඊට පස්සෙ වෙන්නෙ එහෙම කම්පැක්ට් වෙච්ච පොලවට ඔරොත්තු දෙන ඉන්වේසිව් ස්පීසිස්ඒ තැන් වල වැවිල, එතැන බේස් කරගෙන කැලේ පුරාම පැතිරිලා, නේටිව් ස්පීසීස් ටික ටික වඳවෙන එක.ආක්‍රමනකාරී ජීවීන් හෝ සින්හලෙන් කිව්වොත් ඉන්වේසිව් ස්පීසීස් කිව්වහම මට එකපාරටම හිතුනෙ මෙන්න මේ වගේ ‘කම්පැක්ට් වෙච්ච’ කැනඩාවෙ අලුත් ආර්ථික තත්වයන් වල වඩා හොඳින් ‘පැතිරෙන්නෙ’ කැනඩාවෙ සුදු මිනිස්සුන්ට වඩා පිටින් ආපු දුඹුරු ජීවීන් වන අපි නේද කියල.
ඊට පස්සෙ මතක් උනා කැනඩාවෙ ඉන්වේසිව් ස්පීසීස් ඉතිහාසය ඊට වඩා ගොඩක් පරණයි කියල. පුරා විද්‍යාව අනුව අපි දන්නා සාපේක්ෂව ‘මෑත’ ඉතිහාසය ගත්තොත් මීට අවුරුදු 13,000 හෝ 20,000 විතර ඉස්සර කාලෙක නැගෙනහිර ආසියානු කලාපයේ පැතිරිලා හිටපු හෝමෝ සේපියන්ස්ල කීප දෙනෙක්ට අපේ සේපියන්ස් වර්ගයාට තියෙන ස්වාභාවික කැසිල්ල නිසා හිතෙනවා අයිස් ඒජ් එක නිසා මුහුදු වතුර මට්ටම අඩු වෙලා, ආසියාව හා ඇමරිකානු මහාද්වීප යා කරමින් තැනුන බීරිං ලෑන්ඩ් බ්‍රිජ් එක හරහා ගිහින් ඇමරිකානු මහාද්වීපයට ඇතුලු වෙන්න. ඔන්න ඔහොමයි මුලින්ම වර්තමාන මොන්ගලොයිඩ් මිනිස් කාන්ඩයට නෑකන් කියන ස්වදේශික ඇමරිකාවන් කියල දැනට හැඳින්වෙන, රතු ඉන්දියානුවන් කියල ඊට කලින් වැරදියට හැඳින්වුන මුල්ම සේපියන්ස්ල කැනඩාවෙ භුමියට ඇතුලු වෙන්නෙ. (අයිස් ඒජ් එකේදි මුහුදු වතුර මට්ටම අඩු වෙන්නෙ කොහොමද කියල පස්සෙ වෙන පෝස්ට් එකක තමයි කියන්න වෙන්නෙ. ගූගල් කරල බලාගන්නත් පුලුවන්)’සේපියන්ස්ල ගිය තැන විනාසයි!’ කියන කියමන තහවුරු කරමින් මේ කට්ටිය ඇවිල්ල අවුරුදු දාහක් වගේ සුලු කාලයක් ඇතුලත කැනඩාවෙ හිටිය මැස්ටඩොන් ඇතුලු මැමත්වර්ග, යෝධ ග්‍රවුන්ඩ් ස්ලොත්, ඩයර් වුල්ෆ්, ඇතුලු ක්ෂීරපායින් හා වෙනත් කුරුලු වර්ග හා ශාක වර්ග සෑහෙන ප්‍රමාණයක් නැත්තටම නැති වෙලා ගියා.
ඔය ඇවිල්ලා පලවෙනි ඉන්වේසිව් වේව් එක. ඊට පස්සෙ අවුරුදු දහ දාහක් විතර කාලයක් මේ අලුතින් හදාගත්ත පරිසර තත්ව එකක සෙට්ල් වෙලා දෙයියන්නෙ කියල හිටිය ෆස්ට් නේෂන් කට්ටියට කෙලවුනා අර ප්‍රසිද්ධ පොතේ කියන ලෙස, තුවක්කු, වානේ, ඇල්කොහොල් හා හා විශබීජ අරන් ආපු දෙවැනි ඉන්වේසිව් ස්පීසිස් වේව් එක වන යුරෝපීයයෝ නිසා. ඔය දෙගොල්ලම මරාගෙන, යාලුවෙමින් තරහ වෙමින් කොහොම කොහොම හරි කැනඩාවෙ භූමිය බෙදාගෙන අලුත් රටක්, අලුත් ආර්ථිකයක්, අලුත් සංස්කෘතියක් හැදුවට පස්සෙ තෙවැනි ඉන්වේසිව් වේව් එක ලෙස දුඹුරු සම් ඇති ආසියාතිකයන් වන අපි හා මැදපෙරදිග ඩයල් ඇවිල්ල මේකට ගේම දෙනවා. කැනඩාව කියන්නෙ ‘ලෑන්ඩ් ඔෆ් ද ඉන්වේසිව් ස්පීසීස්’!
උපුටාගැනීම රිටිගල ජයසේන