සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 8️⃣
?සාමාන්‍ය බටර් කේක් එකක් අයිසින් කරන අයුරු පියවරෙන් පියවර බලමු?
මුලින්ම කේක් අයිසින් කිරීම සදහා අවශ්‍ය උපකරණ අත් ආවුද කීපයකි.එම උපකරණ සියල්ලෙහි රූප සටහන් පහතින් දක්වා ඇත.
අයිසින් කිරීමට ප්‍රථමයෙන් ඒ සදහා කේක් එකක් පලමුවෙන්ම සාදා ගමු.අද අපි පහත සුපර් සොෆ්ට් කේක් වට්ටෝරුව යොදා ගමු.මේ සදහා ඔබ කැමති ඕනෑම වට්ටෝරුවක් අනුව කේක් එකක් පිලියෙල කල හැකි බවත් මතකයේ තබා ගන්න.අද අපි මෙම සුපර් සොෆ්ට් කේක් වට්ටෝරුව මාජරින් – සීනි ක්‍රමයෙන් සාදා ගනිමු.
සුපර් සොෆ්ට් කේක් වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 400g
මෘදු තිරිඟු පිටි 450g
බටර් 225g
මාජරින් 225g
සුදු සීනි 450g
බේකින් පවුඩර් 10g
දෙහි යුශ 10ml
වැනිලා කන්සන්ට්‍රේටර් 5ml
1. උදුන සෙල්සියස් අංශක 160 – 170 රත්කර ගන්න.
2.පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.
3.කේක් කිලෝග්‍රෑම් එකක් සදහා අවශ්‍ය වන විශ්කම්භය සෙන්ටිමීටර 20 ක ප්‍රමාණයක තැටියක් ලයිනින් කර ගන්න.
4.බටර්,මාජරින් සහ සීනි ඉතා හොඳින් බීට් කරන්න.
5.බිත්තර සුදු මද හොඳින් බීට් කරන්න දැන් ඊට බිත්තර කහ මද එක්කර හොඳින් බීට් කරන්න.
6.දැන් සීනි බටර් මාජරින් මිශ්‍රණයට ස්වල්ප බැගින් බිත්තර මිශ්‍රණය එක් කර ඉතා හොඳින් බීට් කරන්න.
7.ඉහත මිශ්‍රණයට දැන් දෙහි යුශ සහ වැනිලා එක් කර ගන්න.
8.ඉහත මිශ්‍රණය සමග පිටි මිශ්‍රණය හොඳින් පෙරලා ගන්න.
9.මිශ්‍රණය ලයිනින් කල තැටිය මතට වක්කර විනාඩි 45ක් පමණ කේක් මතුපිට රන්වන් පැහැ වන තුරු බේක් කරගන්න
බටර් කේක් එකක් නිවැරැදි ලෙස අයිසින් කිරීමට පෙර දැනුවත් විය යුතු වැදගත් තොරතුරු කීපයක් ඔබගේ අවධානය පිණිස පහත සදහන් කරමි.

1.කේක් එකක් බේක් කරගත් පසු එසැනින්ම එය අයිසිං කරගැනීම නොකළ යුතු දෙයකි. එය බේක් කරගත් පසු පැය තුනක්වත් හොඳින් නිවෙන්නට තබාගත යුතුයි.

2.පසුව එය සැන්ඩ්විච් කරනවා නම් ඔබගේ අවශ්‍යතාව මත කේක් එක දෙකට හෝ තුනට හරහට (තිරස් අතට) කපාගන්න. දැන් එසේ කපාගත් එක් කොටසකට සොෆ්ට් (මෘදු) බටර් අයිසිං තවරා ගෙන අනෙක් කොටසින් වසාගත යුතුයි.

3.ඔබ කේක් එක කොටස් තුනකට කැපුවේ නම් අනෙක් කොටස මත ද සොෆ්ට් බටර් අයිසිං තවරාගන්න. සොෆ්ට් බටර් අයිසිං නැතහොත් බටර් ක්‍රීම් අයිසිං සාදා ගැනීම සඳහා ඔබ ගන්නා බටර් ප්‍රමාණයට වඩා අඩුවෙන් අයිසිං සීනි භාවිත කරන්න. තරමක් ඝන බටර් අයිසිං සාදාගැනීමට අවශ්‍ය නම් බටර්වලට වඩා වැඩියෙන් අයිසිං සීනි යොදාගන්න.

4.ඉහතින් සැන්ඩ්විච් කරගත් කේක් එක සම්පුර්ණයෙන්ම බටර් අයිසිං මඟින් ආවරණය කරගත යුතුයි. ඒ සඳහා ෆ්ලෑට් නයිෆ් (පැතලි පිහියක්) භාවිත කළ හැකියි.

5.මෙම කේක් එක බටර් අයිසිං මඟින් හැඩගන්වා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නොසල් පළමුව සෝදා තෙත නැතිවනතුරු හොඳින් පිසදාගන්න. පසුව ඔබට අවශ්‍ය වර්ණවල බටර් අයිසිං නොසල්වලට දමා කේක් එක හැඩගන්වා ගන්න.

6.ඔබ භාවිත කරන නොසලයේ සිදුර තරමක් විශාල නම් ඒ සඳහා මෘදු බටර් අයිසිං භාවිත කරන්න. එසේම නොම්බර 0, 1, 2 වැනි නොසල් ඔබ භාවිත කරන්නේ නම් ඒ සඳහා අයිසිං සීනි වැඩි ප්‍රමාණයක් දමා සාදාගත් බටර් අයිසිං භාවිත කළ යුතුයි.

7.ඔබ තෝරාගන්නා නොසල්වල ස්වභාවය අනුව බටර් අයිසිං සාදාගැනීම කළ යුතුයි. නොසලයට අයිසිං දමා එකවර කේක් එක මතට ගල්වන්නත් එපා. එක් වරක් ඉවතට ගල්වා ඉන්පසුව කේක් එක මත ගල්වන්න.

8.බටර් අයිසිං පමණක් යොදා ගනිමින් හැඩ ගන්වන ලද කේක් එකක් සාමාන්‍ය උෂ්ණත්වයෙන් දින හතරක් පමණ තබා ගත හැකියි. ඒ වගේම තද අව් රශ්මිය පවතින ස්ථානවල බටර් අයිසිං මඟින් හැඩගැන්වූ කේක් තැබීම සුදුසු නැත. එවිට කේක් එක දියවීමට ඇති ඉඩකඩ වැඩිවේ. එම නිසා හැකි සෑමවිටම සාමන්‍ය උෂ්ණත්වයක් පවතින තැන්වල බටර් අයිසිං කළ කේක් එකක් තැබීම වඩාත් සුදුසුය.

බටර් කේක් අයිසින් කිරීමට අවශ්‍ය වන අයිසින් මිශ්‍රණ සාදා ගන්නා අයුරු පිළිබඳ දැන් අපි අවධානය යොමු කරමු.
බටර් ක්‍රීම් සහ බටර් අයිසින් කේක් නිර්මාණ කලාවේ දී නැතුවම බැරි දෙයකි. මේවා බටර් කේක් ඇතුළත සැන්ඩ්විච් කිරීමට මෙන්ම මතුපිට පිරවීම සඳහා ද කේක් ආවරණය කිරීමට ද භාවිත කරයි.
මෙම බටර් අයිසිං විවිධ රසට සාදාගත හැකියි. චොකලට් යෙදූ විට චොකලට් බටර් අයිසිං නම් වේ. පලතුරු යුෂ වැනිලා, ලෙමන් යුෂ ආදිය ද කැමැති නම් එක්කර බටර් අයිසිං සාදා ගත හැකියි.
එමෙන්ම කප් කේක්, ස්පොන්ජ් කේක්, බටර් කේක් සහ අනෙකුත් අතුරුපස වර්ග සැරසීම සඳහා ද බටර් අයිසිං නැතුවම බැරි දෙයකි.
බටර් අයිසිං වර්ග තුනකි. එනම්
1.මෘදු බටර් අයිසිං – බටර් ක්‍රීම
2.සාමාන්‍ය බටර් අයිසිං
3..හාඩ් බටර් අයිසිං
1.මෘදු බටර් අයිසිං – බටර් ක්‍රීම
මෙම අයිසින් එක කප් කේක් උඩින් තවරගන්න වගේම කේක් සැන්ඩ්විච් කරන්නත් පාවිච්චි කරනව. ටිකක් විතර දියාරු අයිසින් එකක් නිසා මේකෙන් ඩෙකරේශන් කරන්න බැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 500g
අයිසින් ෂුගර් 400g
කිරි මේස 40ml
කලරින් අවශ්‍ය නම්
වැනිලා 10ml
සාදන ක්‍රමය
බටර් ශීතකරණයෙන් පිටතට ගෙන හොඳින් සිසිල යනතුරු තබන්න. එම බටර් පිරිසුදු වියළි බඳුනකට එක් කර එයට කිරි දමා හොඳින් බීට් කරගන්න. ඉන්පසුව එයට අයිසිං සීනි ටික ටික එක්කර පැතලි හැන්දකින් හොඳින් කලවම් කරගන්න. ඉන්පසු හොඳින් මෘදු වෙනතුරු බීට්කරගත යුතුයි.ඔබට මෙය වර්ණ ගන්වා ගැනීමට අවශ්‍ය නම් අවශ්‍ය ආහාර වර්ණකවලින් බිඳක් දමා නැවත හොඳින් කලවම්කරගත යුතුයි.සාදාගන්නා අයිසිං කොටස්වලට වෙන්කර වෙන වෙනම අවශ්‍ය වර්ණක දමා කලවම්කර වෙනම සාදා ගැනීමට පුළුවනි.සාදාගත් බටර් අයිසිං භාවිත කිරීමෙන් පසු ඉතිරි වූයේදී නම් ප්ලාස්ටික් හෝ වීදුරු බඳුනක එහෙමත් නැතිනම් ලන්ච් ෂීට් එකක ඔතා ශීතකරණයේ තබාගත හැකියි. පිරිසුදුව ශීතකරණයේ තබාගත හැකි නම් මාස තුනක් පමණ තබා ගැනීමට පුළුවනි.
2.සාමාන්‍ය බටර් අයිසින්
බටර් 500g
අයිසින් ෂුගර් 500g
කිරි මේස 40ml
කලරින් අවශ්‍ය නම්
වැනිලා 10ml
සාදන ක්‍රමය ඉහත පරිදි වේ.
3.හාඩ් බටර් අයිසින්
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් 500g
අයිසින් ෂුගර් 600g
කිරි මේස 40ml
කලරින් අවශ්‍ය නම්
වැනිලා 10ml
සාදන ක්‍රමය ඉහත පරිදි වේ.
කේක් වල රසය සහ අලංකාරය වැඩි කරගන්න නම් නිවැරදි ලෙස අයිසින් කරගන්න ආකාරයත් ඔබ දැනගත යුතුය.පහත ජායාරූප අධ්‍යයනය මගින් ඔබ හට අයිසින් කිරීම පිළිබඳව යම් කිසි අවබෝධයක් අනිවාර්යයෙන්ම ලබා ගත හැකි බව අප සිතමු.
හෙට නමවැනි පාඩම
කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න