?බිත්තර – සීනි ක්‍රමය මගින් රසවත් ස්විස් රෝලක් සහ චොකලට් රෝලක් සාදා ගනිමු?

කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන තුන්වන නොහොත් අවසාන ක්‍රමය ගැන. මේ ක්‍රමය යටතේ ඕනෑම ස්පොන්ජ් වර්ගයක් එනම් චොකලට් රෝල්,ස්පොන්ජ් කේක් යනාදිය සාදා ගත හැක.

බිත්තර – සීනි ක්‍රමය

අද අපි බලමු බිත්තර – සීනි ක්‍රමය යටතේ ස්විස් රෝලක් සහ චොකලට් රෝලක් සාදන ආකාරය.

මුලින්ම කල යුතු වන්නේ ස්විස් රෝල් සදහා මෙන්ම චොකලට් රෝල් සදහා අවශ්‍ය තැටියක් සොයා ගැනීම සහ එය තුල තෙල් කොලයක් ගෙන නිවැරැදිව ලයිනින් කර ගැනීම.තැටිය පිලිබඳ වැටහීමක් ලබා ගැනීමට අවශ්‍ය රූප සටහන් පහතින් දක්වා ඇත.තැටිය නොගැඹුරු විය යුතුය.

ස්විස් රෝල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 200g (සුදු මද සහ කහ මද යන වර්ග දෙකම )
සීනි 100g
කේක් පිටි 100g
රතු ස්ට්‍රෝෙබෙරි ජෑම් 50g

සාදන ක්‍රමය

මුලින්ම උදුන 200c උශ්නත්වයේ රත් කර ගන්න.පලමුව තෙත කේක් මිශ්‍ර කිරීමට සුදුසු භාජනයක් ගෙන එය හොදින් පිරිසිදු කර භාජනයේ ඇතුළත තෙත සහිත නම් පිරිසිදු රෙදි කැබැල්ලකින් තෙත ඉවත් කිරීමට කටයුතු කරන්න. දැන් එම භාජනයට බිත්තර සියල්ල කඩා දමා හොඳින් පෙන නගින තුරු බීට් කර ගන්න.එය හොඳින් බීට් වූවාදැයි දැනගැනීමට එම භාජනයේ මිශ්‍රණය ඇලී තිබිය යුතු අතර භාජනය අනෙක් පසට හැරවූ විට මිශ්‍රණය නොවැටී තිබිය යුතුය.දැන් සීනි ස්වල්පය බැගින් එක් කර මින් නොනවත්වාම බීට් කරන්න.මෙම මිශ්‍රණය තරමක් වක් කල විට රිබන් එකක් වැටෙන පරිදි එක මත එක වැටිය යුතුය.දැන් හොදින් තෙවරක් හලා ගත් කේක් පිටි ඉහත මිශ්‍රණය සමඟ ඉතා සෙමෙන් පෙරලා ගන්න .දැන් ලයිනින් කරගත් තැටියට මිශ්‍රණය එක්කර විනාඩි 20-25 බේක් කර ගන්න.බේක් වු පසු රස්නය තිබියදී ම තෙල් කොළය ගලවා තෙල් කොලය ගැලවූ පැත්තේ ජෑම් හොඳින් ආලේප කර උනුසුම තිබියදී ම රෝල් කර හොඳින් නිමෙන තුරු ශීතකරණයේ තබන්න.

දෙවනුව අපි ඉහත බිත්තර – සීනි ක්‍රමය යටතේම චොකලට් රෝල් එකක් සාදමු

චොකලට් රෝල් වල රසය සහ අලංකාරය වැඩි කරගන්න නම් නිවැරදි ලෙස බටර් ක්‍රීම් අයිසින් එකක් මුලින්ම පිලියෙල කරගන්න අවශ්‍ය වෙනවා.

බටර් ක්‍රීම්

බටර් ක්‍රීම් අයිසින් එක චොකලට් රෝල ඇතුළත තවරගන්න පාවිච්චි කරනව. ටිකක් විතර දියාරු අයිසින් එකක් නිසා මේකෙන් ඩෙකරේශන් කරන්න බැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 75g
අයිසින් ෂුගර් 150g
කිරි මේස 20ml
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

බටර් ක්‍රීම් වන තුරු හොඳින් බීට් කරගන්න. එයට අයිසින් සීනි වලින් භාගයක් එක් කර නැවත බීට් කරගන්න. කිරි සහ ඉතිරි අයිසින් සීනි එක් කර වැනිලා එක් කර නැවත බීට් කර සිසිල් වියලි ස්ථානය ක තබන්න.

දෙවනුව චොකලට් රෝල පිලියෙල කර ගමු

චොකලට් රෝල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 200g (සුදු මද සහ කහ මද යන වර්ග දෙකම )
සීනි 100g
කේක් පිටි 75g
චොකලට් පවුඩර් 25g

සාදන ක්‍රමය

මුලින්ම උදුන 200c උශ්නත්වයේ රත් කර ගන්න.පලමුව තෙත කේක් මිශ්‍ර කිරීමට සුදුසු භාජනයක් ගෙන එය හොදින් පිරිසිදු කර භාජනයේ ඇතුළත තෙත සහිත නම් පිරිසිදු රෙදි කැබැල්ලකින් තෙත ඉවත් කිරීමට කටයුතු කරන්න. දැන් එම භාජනයට බිත්තර සියල්ල කඩා දමා හොඳින් පෙන නගින තුරු බීට් කර ගන්න.එය හොඳින් බීට් වූවාදැයි දැනගැනීමට එම භාජනයේ මිශ්‍රණය ඇලී තිබිය යුතු අතර භාජනය අනෙක් පසට හැරවූ විට මිශ්‍රණය නොවැටී තිබිය යුතුය.දැන් සීනි ස්වල්පය බැගින් එක් කර මින් නොනවත්වාම බීට් කරන්න.මෙම මිශ්‍රණය තරමක් වක් කල විට රිබන් එකක් වැටෙන පරිදි එක මත එක වැටිය යුතුය.දැන් චොකලට් පවුඩර් සමග හොදින් තෙවරක් හලා ගත් කේක් පිටි ඉහත මිශ්‍රණය සමඟ ඉතා සෙමෙන් පෙරලා ගන්න .දැන් ලයිනින් කරගත් තැටියට මිශ්‍රණය එක්කර විනාඩි 20-25 බේක් කර ගන්න.බේක් වු පසු රස්නය තිබියදී ම තෙල් කොළය ගලවා තෙල් කොලය ඉවත් කර රස්නය හොඳින් නිමෙන තුරු පමණක් ශීතකරණයේ තබන්න.දැන් හොදින් නිවුනු චොකලට් රෝල මත බටර් ක්‍රීම් ආලේප කර හොඳින් තද වන තුරු ඔතා නැවත ශීතකරණයේ දමා ගන්න.

අටවැන්න බලාපොරොත්තු වන්න

කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න.