සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 5️⃣
?කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන ක්‍රම ගැන?
සාමාන්‍ය කේක් වර්ග එනම් බටර්,චොකලට්,රිබන්,මාබල්, යනාදිය සාදන ප්‍රධාන ක්‍රම තුනකි.අමුද්‍රව්‍ය එක් කිරීම සහ සංකලනය කිරීමේ පිලිවෙල අනුව එම ක්‍රම එකිනෙකට වෙනස් වේ.
1.මාජරින් – සීනි ක්‍රමය
2.පිටි – මාජරින් ක්‍රමය
3.බිත්තර – සීනි ක්‍රමය
අද අපි මුලින්ම බලමු කේක් එකක් මාජරින් – සීනි ක්‍රමය යටතේ සාදන ක්‍රමය.
මුලින්ම කල යුතු වන්නේ අප සාදන කේක් එකේ ප්‍රමාණයට සුදුසු එමෙන්ම කැමති හැඩයක් තෝරා ගැනීම. මෙම ලිපියෙහි අග සටහනින් එම තැටි වල ධාරිතාව පිළිබඳ අදහසක් ඔබ හට ලබා ගත හැක.
බටර් කේක් සදහා අවශ්‍ය ද්‍රව්‍ය (කේක් ප්‍රමාණය 1000g)
මාජරින් 250g
සුදු සීනි 250g
කේක් පිටි 250g
බිත්තර 230g
වැනිලා 10ml
දියර කිරි 20ml
බේකිo පවුඩර් 10g
සාදන ක්‍රමය
මුලින්ම කේක් එක බේක් කිරීමට යොදා ගැනෙන උදුන 160c – 170c ට රත් කර ගන්න.දෙවනුව රවුම් හෝ හාට් හැඩයේ විශ්කම්භය 20 c.m ප්‍රමානයට ආසන්න තැටියක් ගෙන හොඳින් ලයිනින් කර ගන්න. ඉන්පසු කේක් පිටි සහ බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර තෙවරක් පමණ පෙනේරයක් ආධාරයෙන් හොදින් හලා ගන්න.

1.සියලුම අමුද්‍රව්‍ය නිවැරැදි පරිදි කිරා මැන ගන්න.

2.මාජරින් මෘදු කර ගන්න.මෙහිදී ඔබට ලී පත්තක් හෝ මෙවැනි මිශ්‍රණ යන්ත්‍රයක් භාවිතා කල හැක.මෙහිදී මාජරින් ක්‍රීම් කල විට තරමක ලා පැහැයක් ගනී.එක් අතකට පමණක් මෙය සිදු කල යුතුය.තද ගතිය ඉවත් වී මාජරින් මෘදු ක්‍රීම් එකක් බවට පත් වන තෙක්ම මෙය කල යුතුය.

3.ක්‍රීම් කර ගත් මාජරින් වලට සීනි ස්වල්පය බැගින් එකතු කර මිශ්‍ර කර ගත යුතුය.සීනි සියල්ල දිය වන තුරු එක් අතකට පමණක් මිශ්‍ර කල ගත යුතුය.

4.සීනි සියල්ල මාජරින් සමඟ එක් වන තුරු මිශ්‍ර කර ගන්න.සියලුම සීනි දිය වී ඇති බව සැක හැර දැන ගන්න.

5.සීනි සියල්ල දිය කර ගත් පසුව මිශ්‍රණයට බිත්තරය බැගින් එකතු කරමින් එක් අතකට පමණක් මිශ්‍ර කර ගන්න.

6.බිත්තර සියල්ල එකින් එක එකම අතකට එක් කර හොදින් මිශ්‍රණය සකසා ගන්න.මිශ්‍රණ යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් මධ්‍යම වේගයෙන් මිශ්‍ර කරන්න.ලී පත්තක් මගින් සිදු කරන්නේ නම් එක් අතකට පමණක් මිශ්‍ර කරන්න.

7.බිත්තර එකින් එක එක් වන තුරු නොනවත්වාම මෙය එකම අතකට සිදු කර ගන්න.

8.අවසාන බිත්තර නිම වන තුරු සිදු කරන්න.

9.මිශ්‍රණයට වැනිලා එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

10.දැන් මිශ්‍ර කර ගත් කේක් පිටි සහබේකින් පවුඩර් මිශ්‍රණය ස්වල්පය බැගින් පෙනේරයක් ආධාරයෙන් කේක් බැටරයට එක් කර හොඳින් පෙරලා ගන්න.

11.මෙලෙස පිටි,බේකින් පවුඩර් මිශ්‍රණය ස්වල්පය බැගින් එකම අතකට කේක් බැටරයට එක් කිරීමට වග බලා ගන්න.

12.දැන් මිශ්‍රණයට දියර කිරි එක් කර තරමක් පෙරලා ගන්න.

13.බේක් කිරීමට පෙර අවසානයේදී සියල්ල හොඳින් මිශ්‍ර වී ඇති බව හොදින් පරීක්ෂා කර ගන්න.

14.දැන් කේක් මිශ්‍රණය ලයිනින් කර ගත් තැටිය තුලට දමා මිශ්‍රණය හොදින් තුනී කර රත් වූ උදුන තුලට කේක් මිශ්‍රණය දමා විනාඩි 30-35 ක කාලයක් හොදින් බේක් කිර ගන්න.

15.පිරිසිදු ඉරටු කෑල්ලක් හෝ පිරිසිදු ටූත් පික් එකකින් කේක් එක මතට ඇන බලන්න. ඉරටු කැල්ල වියලිව ඇත්නම් කේක් එක හොදින් බේක් වී ඇත.එසේ නැතිනම් තව ටික වේලවක් තබන්න.සෑම උදුනනකම ක්‍රියාකාරිත්වය එකින් එක වෙනස් නිසා නිවැරැදිව කේක් බේක් කිරීම අත්දැකීම මත පලපුරුද්ද මත තීරණය වන බව සලකා කටයුතු කිරීම වැදගත්.කේක් එක හොදින් බේක් වූ පසු උදුනෙන් ඉවතට ගෙන ස්වල්ප වේලාවක් ගිය පසු කේක් එක කේක් කූලින් මෙශ් එකක් මතට දමා තැටියෙන් ඉවතට ගන්න.
කේක් තැටි වලට යොදන මිශ්‍රණ ප්‍රමාණය කේක් වල බරින්…
හරි හතරැස් තැටි.. කේක් ප්‍රමාණය 500g තැටියේ තැටියේ දිගxපලල 15cm x15cm,කේක් ප්‍රමාණය 750g තැටියේ තැටියේ දිගxපලල 18cm x18cm,කේක් ප්‍රමාණය 1000g තැටියේ තැටියේ දිගxපලල 20cm x20cm,කේක් ප්‍රමාණය 1500g තැටියේ තැටියේ දිගxපලල 25cm x25cm,කේක් ප්‍රමාණය 2000g තැටියේ තැටියේ දිගxපලල 30cm x30cm
රවුම් තැටි..කේක් ප්‍රමාණය 500g තැටියේ විශ්කම්භය 15cm,කේක් ප්‍රමාණය 750g තැටියේ විශ්කම්භය 18cm,කේක් ප්‍රමාණය 1000g තැටියේ විශ්කම්භය 20cm,කේක් ප්‍රමාණය 1500g තැටියේ විශ්කම්භය 25cm,කේක් ප්‍රමාණය 2000g තැටියේ විශ්කම්භය 30cm.
කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න.
(උපුටා ගන්නා ලද්දකි)