සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 3️⃣
?කේක් නිශ්පාදනයේදී ඊට උදව් වන අප අවට ඇති පරිසරය යටතේ අපි අද සලකා බලමු මෙහි ඇති වැදගත් කම?
කේක් නිශ්පාදනයේදී නිශ්පාදන ක්‍රියාවලිය සදහා යොදා ගැනෙන පරිසරය අනිවාර්යයෙන්ම සිසිල් වියලි විය යුතුය.ඉන් අදහස් වන්නේ නෑ කේක් නිශ්පාදනය කරන ඉඩකඩ අනිවාර්යයෙන්ම වායුසමීකරණය කල යුතුය කියලා.
නමුත් තමා සතු සම්පත් වලින් මෙම පරිසරය සිසිල් වියලි තැනක් බවට පත් කල හැක.බොහෝ ජනප්‍රිය තරු පන්තියේ බේකරි නිශ්පාදනාගාර,හෝටල් සහ බේකරි නිශ්පාදන ක්‍රියාවලිය වාණිජ මට්ටමින් සිදු කරන කර්මාන්තශාලා සිසිල් වියලි තැනක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී වායුසමීකරණය කර තිබුනත්
බහුතරයක් තැන් සහ කේක් නිශ්පාදනය කරන නිවස්නයන් තවමත් ඒ තත්ත්වය කරා ළගා වී නොමැති බව ඔබට වටහා ගත හැක.
ඒ කෙසේ නමුත් බේක් කිරීම සදහා අවශ්‍ය ලිප්,උදුන් ආදී තාපය ජනනය වන උපකරණ ස්තානගත ප්‍රදේශ වායුසමීකරණය කිරීමේ අවශ්‍ය තාවයක් කොහේත්ම නැත.
මේ සියලු කාරනා වලින් අප සලකා බැලිය යුතු ප්‍රධාන කාරනය වන්නේ බේක් කිරීමේ නිශ්පාදන ක්‍රියාවලියට උචිතම කාමර උශ්නත්වය පවත්වා ගෙන යාම වගේම ඊට උචිතම වායුගෝලයේ ජල වාශ්ප ප්‍රමාණය රදවා ගැනීම.
දැන් බලමු ඊට උපයෝගි කර ගත හැකි අනෙකුත් සාධක…
බේක් කිරීමේ ක්‍රියාවලියේදී උපයෝගි කර ගන්නාවූ උපකරණ ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ අප හට වර්ග කල හැකිය.
එනම්
1.කුඩා අත් ආයුධ,මෙවලම් ආදිය
2.යාන්ත්‍රික උපකරණ ආදිය
3.විශාල උපකරණ
යනුවෙනි.ඉතින් බේක් කිරීම සදහා අවශ්‍ය ප්‍රධානතම උපකරණ බේකින් අවන් නොහොත් බේක් කිරීමේ උදුන යයි පැවසුවහොත් ඔබ මා සමග එකග වේ යයි සිතමි.පලමුව අපි බේක් කිරීමේ උදුනෙන් පටන් ගනිමු .

බේකරි උදුන් වර්ග සහ එහි ක්‍රියාවලිය…
විදුලියෙන්, ගෑස් සහ ඩීසල් මගින් ක්‍රියාත්මක කළ හැකි උදුන් වෙළෙඳ පොලෙහි ඇත. ගෘහස්ථ පරිහරණය සදහා විදුලි උදුනක් භාවිතා කිරීමත් නිශ්පාදන කටයුත්තකදී ගෑස් හෝ ඩීසල් උදුනක් භාවිතය බෙහෙවින්ම යෝග්‍ය වේ.
උදුනක ක්‍රියාකාරිත්වය වන්නේ ආහාර තබන කුටිරය තුළ සන්නයනය, සංවහනය හා විකිරණය ආදි තුන් ආකාරයෙන්ම තාපය සංක්‍රමණය වීම නිසාය.ඉන් ඒ තුළ ඇති ආහාරය අපට අවශ්‍ය පරිදි බේක් කර ගැනීමට හැක.
පෝරණුවක හඳුනාගත යුතු ප්‍රධාන කොටස් කීපයක් වේ.
ඒ දොර, අගුල, උෂ්ණත්ව දර්ශකය, ආහාර තබන තට්‌ටු, තාපය ගමන් කරන දඟර (ඉහළ / පහළ)
මතුපිට බර ලෝහ තහඩුවලින් පෝරණුව සාදා ඇත. එහි දෙපස හා යට දඟර ස්‌වභාවයෙන් යුතු සන්නායකයක් ඇත. ධාරාව, සන්නායකයක් තුළින් ගලා යද්දි ඒවා රත් වී ඒවා මගින් පිට කරන තාපය සෑම දිශාවකටම පැතිරි යයි. ඇතුළත ස්‌ථරයේ ඇති කුඩා සිදුරුවලින් තාපය කුටිරය තුළට ඇතුළු වේ.
ඉතා සුළු කාලයකදී ඉතා විශාල තාප ප්‍රමාණයක් උරා ගන්නා අතර ආහාර පිස නිමවීමෙන් අනතුරුවද උෂ්ණත්වය පවති. තාපය මගින් ආහාර බේක්වෙන අතර තාපය පාලනය කිරිමට තර්මෝස්‌ටැටරයක්‌ද මෙහි පිහිටා ඇත.
ක්‍රියා කරවන විට පෝරණුවට විදුලිය,ඩීසල් හෝ ගෑස් වායුව මගින් තාපය ලබා දීම කළ යුතුය. එවිට එහි ඇති කුටීර හොඳින් රත්වේ. දොර වසා ඇති නිසා උෂ්ණත්වය පිටතට නොයයි. එම රත් වූ කුටීරය තුළට, පුළුස්‌සන තැටියක් මත තැබූ ආහාර තබා, දොර පියන වැසීමෙන් ආහාරය අවශ්‍ය ලෙස පිළියෙල කළ හැකිය.
පිරිසිදු කරීම උදුන හොඳින් නිවුනාට පසුව සිදුකල කළ යුතුය.විදුලි සැපයුම හා අනෙකුත් බලශක්ති සැපයුම් විසංධි කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුය.සැමවිටම ආරක්ෂාව පලමුව යැයි සිතා කටයුතු කරන්න.ඒ සඳහා තෙත් කරගත් ස්‌පොන්ඡ් වැනි මෘදු දෙයක් භාවිත කරන්න.
සබන් දමමින් අතුල්ලමින් සේදීම නොකළ යුතුය. උදුන තුළ අපවිත්‍ර වීමක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඒ උතුරා යන ආහාර ද්‍රව්‍ය පිළියෙල වීමක් සිදුවන්නේ නැති නිසයි. එසේ වුවත් මෙය පිසදා තැබීම කළ යුතුය.
ප්‍රථමාධාර ඖෂධ සහිත යාවත්කාලීන වූ ප්‍රථමාධාර පෙට්ටියක් වැඩ කරන ස්ථානයේ පවත්වාගෙන යායුතු අතර කැපුම් සහ පිලිස්සුම් සදහා ප්‍රථමාධාර සැමවිටම එහි තිබිය යුතුය.
විවිධ ආහාර වර්ග සැකසීම සඳහා විවිධ උපකරණ යොදාගන්නා අතර. මේ අතරින් වැඩි වශයෙන් භාවිත වන උපකරණ පිළිබඳව පොදුවේ වැදගත් වන කරුණු කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි.
1.රයිස් කුකරය (rice cooker) – බත් ඉවීම සඳහා යොදාගන්නා රයිස් කුකරය බත උණුසුම් ව තබාගැනීමට ද උපකාරී වේ. විදුලියෙන් ක්‍රියා කරන රයිස් කුකරයක කාර්යක්ෂමතාව සාමාන්‍යයෙන් වොට් 600 පමණ සිට ඉහළට වේ. ඒ වෙනුවට ගෑස් උදුනක් මත තබන පීඩන උදුනක් (pressure cooker) යොදාගැනීමෙන් බලශක්‌තියෙන් 50-75%ක් පමණ ඉතිරි කරගත හැකි ය.
2.තාපන තැටිය (Hot plate) – ඉවීම සඳහා යොදාගන්නා සරල උදුනකි. විදුලි තාපන තැටියක ක්‌ෂමතාව වොට් 1000 සිට ඉහළට තරම් ය. ගෑස් උදුන මීට යෝග්‍ය විකල්පයකි.
3.විදුලි උදුන් (electric stove/ electric cooker) හා විදුලි පෝරණුව (electric oven) – විවිධ ආහාර වර්ග රැසක් සැකසීම සඳහා මේ විදුලි උදුන් හා විදුලි පෝරණු යොදාගැනේ. මේවායේ ක්‌ෂමතාව හා විදුලි භාවිතය ඉතා අධික ය. (වොට් 2000 සිට ඉහළට). මයික්‍රොවේව් උදුනක භාවිත වන විදුලි බලය ඊට වඩා අඩු වන නිසා විදුලි පෝරණුවකට වඩා මයික්‍රොවේව් උදුනක් භාවිතය යෝග්‍ය ය.
4.කේතලය හා හීටරය – ජලය උණුසුම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ අතර කේතලය හා හීටරය වඩා සුලබ ව භාවිත වේ. විදුලි කේතලයක් හා විදුලි හීටරයක සාමාන්‍ය ක්‌ෂමතාව වොට් 1000 සිට ඉහළට විය හැකි ය. විදුලියෙන් ක්‍රියා කරන මේ උපකරණ වෙනුවට ගෑස් ලිපක තබන කේතලයක් යොදාගැනීම යෝග්‍ය ය. හීටරය යොදාගත යුත්තේ අවම වශයෙනි.
5.වෙනත් උපකරණ – බ්ලෙන්ඩරය, ඇඹරුම් යන්ත්‍රය, ටෝස්‌ටරය වැනි වෙනත් විවිධ උපකරණ රැසක් ද ආහාර පිළියෙල කිරීමේ දී භාවිත වේ. මේවායේ ක්‌ෂමතාව සාපේaක්‌ෂව අඩු වන අතර භාවිතයට ගැනෙන්නේ සාපේක්‌ෂව අඩු කාලයකි.

මේ උපකරණ පමණක් නො ව ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා වෙනත් උපකරණ හා බලශක්‌ති ප්‍රභව පිළිබඳව අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ ය.
අප කළ යුතු දේ
1.ආහාර පිසීම සඳහා විදුලි උදුන්, විදුලි කේතල හා තාපන තැටි භාවිත කිරීමෙන් වැළකීම හෝ අවම කිරීම ඉතා වැදගත් ය.
2.ආහාර සැකසීමේ විදුලි උපකරණ භාවිත කරන්නේ නම්, ඒවායේ සඳහන් ක්‌ෂමතාව හා පැයක් භාවිත කිරීමේ දී වැය වන විදුලි ඒකක ගණන ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත් ය.
3.ද්‍රව පෙට්‍රොaලියම් වායු (LP ගෑස්), දර, ජීව වායුව හෝ වෙනත් ඉන්ධන වර්ග ආහාර පිසීම සඳහා යොදාගත හැකි ය. ඒවා අවශ්‍යතාව හා ප්‍රදේශයේ සුලබතාව අනුව තෝරාගත හැකි ය.
4.ආහාර පිසීමේ දී සිදු වන තාප හානි වීම අවම කිරීම සඳහා පිසින බදුන්තෝරා ගත යුතු ය
5.පැතැලි පතුලක් සහිත බඳුන් වඩා යෝග්‍ය ය. (පතුල රවුම් බඳුන්වලින් තාපය හානි වේ).
6.තාප සන්නායකතාව ඉහළ වානේ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යවලින් කළ බඳුන් භාවිත කිරීම. (මැටි වළං රත් කිරීමට වැඩි තාපයක් අවශ්‍ය ය).වඩා කාර්යක්‌ෂම ආහාර පිසින බඳුන් වෙළෙඳපොළේ ඇත.මැටි බඳුන් භාවිත කළ යුතු ම නම්, ඝනකම අඩු හා පැතැලි පත්ලක් සහිත බඳුන් භාවිතය.
7.ලිපේ ඇති දාහකයේ (burner) ප්‍රමාණයට සමාන හෝ මදක් විශාල බඳුන් භාවිත කිරීම.
8.බඳුන දෙපසින් ගිනි දැල්ලක් පිටතට විහිදීම තාප හානියකි.
9.සාමාන්‍ය බඳුනක් වෙනුවට පීඩන බඳුනක් (pressure cooker) යොදා ගැනීම යෝග්‍ය ය.
10.හැකි හැම විට ම ආහාර පිසීමේ දී බඳුන් වසා පිසීම. (බඳුන් වසා පිසීමේ දී වැය වන්නේ විවෘත ව පිසීමේ දී මෙන් තුනෙන් එකක් තරම් තාපයකි).
ආහාර පිසීමේ දී පහත කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් ය.
1.ක්‍රමානුකූලව ආහාර පිසීම – වැඩි තාපයක් අවශ්‍ය ආහාරවල සිට අඩු තාපයක් අවශ්‍ය ආහාර දක්‌වා ආහාර පිසීමෙන් තාප හානිය අඩු වේ.
2.ආහාර අධික ලෙස පීසීමෙන් වැළකීම – අනවශ්‍ය තරම් අධික ලෙස පිසීමෙන් ආහාරවල රස වෙනස් වන අතර බලශක්‌තිය ද අපතේ යයි.
3.අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය එක් කිරීම.
4.ඇතැම් එළවළු හා පලතුරු අමුවෙන් ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණය රැකගනිමින් බලශක්‌තිය ද ඉතිරි කරගත හැකි ය.
5.ආහාර පිසින උදුන පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.
6.ලිප මනා තත්ත්වයෙන් නඩත්තු කිරීම හා පිරිසිදුව තබා ගැනීම – කළු පැහැති දාහකවලින් තාපය උරාගන්නා අතර ඒවා දිළිසෙන ලෙසින් පවත්වාගැනීම යෝග්‍ය ය.
7.පෝරණුවක් භාවිත කරන විට ඒ සඳහා ගැලපෙන බඳුන් යොදාගැනීම යෝග්‍ය ය.
8.පෝරණුව භාවිත කිරීමේ දී එහි දොර නිතර ඇරීමෙන් වළකින්න. ඉන් තාපය හානි වේ.
9.ශීත කළ ආහාර ලිප තැබීමට පෙර සාමාන්‍ය උෂ්ණත්වයට පත් වන තුරු තැබීමෙන් බලශක්‌තිය ඉතිරි වේ.
10.කාරණය සඳහා යෝග්‍ය උපකරණ යොදාගැනීම වැදගත්ය
මීට අමතරව නිශ්පාදන ක්‍රියාවලිය සදහා යොදා ගැනෙන උපයෝගි වන උපකාරී වන උපකරණ බොහෝය….කිරුම් තරාදි,රෝලින් පින්,විවිධ ප්‍රමානයේ තැටි,භාජන,ජොග්ගු,බේසම්,හැඳි,කටර්ස්,මිශ්‍රණ යන්ත්‍ර,සල්ලඩ,පනේර,පෙරහන්,පිහි වර්ග,අත්වැසුම් ආදී දෑ බොහෝ වේ.
හෙට සිව්වැන්න…
කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න.