?කේක් සෑදීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය තුලින් එම නිෂ්පාදිතයෙහි සිදුවන වෙනස
සාදන කේක් වර්ගය,යොදන අමුද්‍රව්‍ය සහ යොදන ප්‍රමාණය අනුව වෙනස්වෙයි.නමුත් ඔබ නිපදවන නිෂ්පාදිතයට උසස් ප්‍රතිපල ලබා දීම පිණිස යොදන අමුද්‍රව්‍ය මෙන්ම යොදා ගැනෙන ප්‍රමාණ වට්ටෝරු තුලනය කිරීම මගින් සිදු කල යුතුය.

කේක් නිශ්පාදනයේදී යොදා ගැනෙන ප්‍රධාන අමුද්‍රව්‍ය අතරින් පහත අමුද්‍රව්‍ය ක්‍රියාවලිය දෙස අපි විමසා බලමු ?

A.තිරිගු පිටි
කේක් සැකිල්ල නිර්මාණය විම
වට්ටෝරුවෙහි දියර ප්‍රමාණය රදවා ගැනිම
ඇසිඩ් ස්වභාවයක් නිෂ්පාදිතය තුල උත්පාදනය කිරීම
නිෂ්පාදිතය සුරක්ෂිත කිරීම

B.බටර්
නිෂ්පාදිතයේ මෘදු භාවය ලබාදීම
වායුව රදවා තබා ගැනීමේ ගුණය වැඩි කිරිම
වට්ටෝරුවේ තෙතමනය රදවා ගැනීම
නිෂ්පාදිතයෙහි කල්තබා ගැනීමේ ශක්තිය වැඩි කිරිම

C.සීනි
රන්වන් පැහැයක් මෙන්ම මෘදු භාවයක් නිෂ්පාදිතයට ලැබීම
නිෂ්පාදිතයට රසයක් ලබාදීම
නිෂ්පාදිතයෙහි කල්තබා ගැනීමේ ශක්තිය වැඩි කිරිම
වට්ටෝරුවෙහි දියර ප්‍රමාණය රදවා ගැනිම

D.බිත්තර
මෘදු භාවයක් නිෂ්පාදිතයට ලැබීම
නිෂ්පාදිතයට රසයක් ලබාදීම
කේක් සැකිල්ල නිර්මාණයට මෙන්ම වායුව රදවා තබා ගැනීමේ ගුණය වැඩි කිරිමට උපකාරිවිම
අනෙක් අමුද්‍රව්‍ය එකිනෙක බදවා ගැනීමට උපකරිවිම

E.ලුණු
නිෂ්පාදිතයට රසය උලුප්පා දීම

F.කිරි
රන්වන් පැහැයක් ලැබීම
නිෂ්පාදිතයට තද මෙන්ම වියලි බවක් ලබාදීම
කේක් සැකිල්ල නිර්මාණය විම
වට්ටෝරුවෙහි තෙතමනය රදවා ගැනිම
නිෂ්පාදිතයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම

G.බේකින් පව්ඩර්
මෙම රසායනිකය රත් වීම,වාෂ්ප පීඩනයක් ලැබීම මෙන්ම කලවම් කිරීම මගින් කේක් මිශ්‍රණයෙහි වායුව ඇතුල් වීමට උපකාරී වෙයි.

“”පිටි මෝලියක් හෝ මිශ්‍රණයක් පිබිදවිම බෙිකින් කලාව වෙයි””
මෝලියක් යනු
වියළි පිටි මෝලියක් .පාන්,බනිස්,පීසා,පේස්ට්‍රි වලදි යොදා ගන්නේ Dough එකක් හෙවත් පිටි මෝලියයි.

එනමුත් බැටර් එකක් යනු තෙන මීශ්‍රණයකටයි.බැටර් එකක් බොහෝ විට යොදා ගන්නෙ කේක්,පෑන් කේක් සදහායි.

බෙිකින් කලාවෙි මුලිකම දේ පිපුමයි.දෙයක් පිපෙන්නට නමි පිපුමි කාරකයක් අවශ්‍ය වෙනවා.ඒ නමි ලෙවනින් ඒජන්ටි (Leavening agents)එකක් නොමැතිව බෙිකින් කලාවක් නැ.
බෙිකින් කලාවෙි පිපුමි කාරක වර්ග 03 කි.
1.භෞතික පිපුමි කාරක
(Physical Leavening agents)
2.රසායණික පිපුමි කාරක
(Chemical Leavening agents)
3.ජීවමය පිපුමි කාරක
(Biological Leavening agents)
කේක් එකක් බෙික් කර ගන්න මෙි තරමි දෙවල් දැන ගන්න ඔනේද ,එක මෙි තරමි සංකිර්ණද කියලා ඔබට හිතෙවි.නමුත් බෙිකින් කලාව නිවැරදිව ඉගෙන ගන්නවා නමි අඩුම තරමෙි මෙි දෙවල් වලින් වෙන්නෙ මොකද්ද කියලාවත් දැනගෙන හිදිම වටිනවා.

1.භෞතික පිපුමි කාරක කියන්නෙ අපි හදන පිටි මෝලියේ,හෝ බැටර් එකේ භෞතිකව ඇති කරන දෙවල් නිසා ඇතිවන පිපුමයි.කේක් එකක් සැදිමෙිදි බටර් සහ සීනි ක්‍රීමි කිරිම නිසා ඇතිවන වායු බුබුළු හේතුවෙන් කේක් එකේ පිපීමක් ඇති වෙිනවා.එසේම පාන් සෑදිමෙිදි අතින් පිටි මෝලිය අත් ගැසීම නිසා (kneading the dough) එහි පිපීමක් ඇති වෙිනවා.එය භෞතික පිපීමයි.

2.රසායණික පිපුමි කාරක chemical Leavening agents කෙමිකල් ලෙවනින් කියා අපි රසායණිකව ගන්නා ඩෝ එකට හෝ බැටර් එකට එකතු කරන පිපුමි කාරනයි.සරලව කියනවා නමි බෙිකින් සෝඩා සහා බෙිකින් පවුඩර් නිසා බැටර් එකේ හෝ පිටි මෝලියේ රසායණික වෙිනස්කමක් සිදු වෙිනවා.එය කේක් එකක් නිර්මාණය කිරිමෙිදි ඒ තුල ඒ තුල රසායණිකව ක්‍රියා කරනවා.ප්‍රථලය නමි කේක් එක හෝ ඩෝ එක මෘදුව පිපී එමයි.බෙිකින් සෝඩා වලට හෝ බෙිකින් පවුඩර් වලට ආදේශකයක් නැ.මෙි දෙවර්ගය නොමැතිව කේක් කලාව ගැන සිතිමත් මෝඩකමක්.එසේ නොමැතිව කේක් එකක් නොව රොටියක් තමයි හදා ගන්න වෙන්නෙ.ඒ නිසා කිසිම විටෙක මෙි දෙවර්ගයට ආදේශක සොයන්නට එපා.මීට අමතරව ඇතැමි කේක් වර්ග සැදිමෙිදි විශේෂ පිපුමි කාරකයක් අපි යොදා ගන්නවා.විගේෂයෙන්ම ඇතැමි චොකලටි කේක් වර්ග සැදිමෙිදි ක්‍රීමි ඔෆ් ටාටර් (cream of tartar – potassium bitartrate) නමි වු පිපුමි කාරකය.මෙිය බෙිකින් පවුඩර් හෝ දෙකෙන් එකකි.

3.ජීවමය පිපුමි කාරක (Biological Leavening agents) බයෝලෝජිකල් පිපුමි කාරක කියන්නෙ යීස්ටි (yeast) හෙවත් මුහුන් වලටයි.මෙිය සැම විටම යොදා ගන්නේ පාන්,බනිස්,පීසා,වැනි පිටි මෝලියක් සමගයි.විවිධ වර්ගයේ යීස්ටි වර්ග වෙිළද පොලේ තිබෙිනවා.යෝගටි සැදිමෙිදි ත් චීස් සැදිමෙිදිත් මුහුන් යොදා ගන්නවා.අපි බෙිකින් කලාවෙිදි ගන්නෙ බෙිකර්ස් මුහුන් හෙවත් Baker yeast.එනමි ඇක්ටීවි ඩ්‍රයි යීස්ටි කියා අපි හදුන්වන ක්‍රියාකාරි වියළි යීස්ටි වර්ගයයි.

බෙිකින් කලාවෙිදි අපි හදන ඩෝ එක හෝ බැටර් එකේ ඇතුළත ඇතිවන වාතය එහි පිපීමෙිදී ඉතාමත් වැදගත් වෙිනවා.හැම විටම කේක් එකක් ඇතුළත ඇතිවන වායුව මගින් එය වඩාත් අලංකාරව පුබුදුවනවා.එය කේක් බැටරය සැදිමෙිදි අපි කේන් එක තුල ඇතිකල යුතුයි.බිත්තර සහ සීනි මීශ්‍ර කිරිමෙිදි ත් බිත්තර සුදු මදය බීටි කිරිමෙිදිත් මෙි අමතර වායුව බැටර් එක ඇතුලත ඇති කල හැකියි.එසේම කේක් එකක් බෙික් කිරිමෙිදි ඇතිවන හුමාලය ඒ කියන්නෙ ස්ටීමි එකත් එහි පිපීමට බලපානවා.

කේක්,පාන් ,බනිස්,රෙසපි සමග වැඩ කරන සැම අවස්ථාවකම රෙසපියේ සදහන් කරන බෙිකින් පවුඩර්,බෙිකින් සෝඩා, හෝ යීස්ටි ප්‍රමාණයම ගත යුතුයි.එහි සදහන් වුවාට වඩා වැඩියෙන් හෝ අඩුවෙින් යොදා ගන්නට එපා.එවිට ඔබ බලාපොරොත්තු වන ප්‍රථිලය නොලැබි යනවා.සැම විටම හොදම වර්ගයක පිපුමි කාරක සහා එවා නැවුමි තත්වයෙන් යොදා ගන්න.
එසේම භෞතික පිපුමිකාරකය ගැන අවධානය අඩුවෙන් දෙන්න ට එපා.වටිටෝරැවෙි සදහන් කරන කාලය, වෙිගය නිතරම රදවා ගන්න.අඩුවෙන් හෝ වැඩියෙන් බැටර් එක ගැසීම ඔනවාට වඩා වෙිගයෙන් බීටි කිරිම කේක් එකේ තත්වය අඩුකරවන්නට පුළුවන්.එනමි මෙි හේතුව නිසා භෞතික පිපුම වෙනස්වන නිසායි.
බෙිකින් සෝඩා,⁣බෙිකින් පවුඩර් හෝ යීස්ටි පිටි වලට හෝ බැටරයට මුසු කරන හැම අවස්ථාවකම ඔබ එය මැණගත යුත්තේ නිවැරැදි තරාදි මගිනි ලෙසයි.එසේ මැන ගත් බෙිකින් සෝඩා හෝ පවුඩර් අපි බැටර් එකට හෝ මෝලියට එක් කර ගත යුත්තේ.එසේ නමි දැන් ඔබට වැටහෙනවා ඇති බෙිකින් පවුඩර් ,බෙිකින් සෝඩා යනු දෙවර්ගයකි.දෙකම පිපුමි කාරක වුවාට එහි බෙිකින් ක්‍රීයාවලිය වෙනස් බව.

මින් ඔබට වටහා ගත හැකි වන්නේ සාර්ථක කේක් එකක් සෑදීමේදී හොද පිපුමි කාරකයක මෙන්ම නිශ්පාදන ක්‍රියාවලිය පුරා ඊට උචිත වූ චලනයන් අනිවාර්යයෙන්ම අවශ්‍ය බවය.

හෙට තෙවැන්න.

කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න