මේ දින වල ගොඩක් දෙනෙක් කතාබහ කරන මාතෘකාවක් තමයි බිට් කොයින් එහෙමත් නැත්නම් cryptocurrency කියන්නේ ඉතින් මේ ලිපියෙන් අපි උත්සහ කරන්නේ මේ ගැන දන්නා නොදන්නා කොයි කාටත් බිට් කොයින් ගැන පැහැදිලි කරලා දෙන්න

මොකක්ද මේ බිට් කොයින් කියන්නේ ?

ඇත්තටම සරලවම කිවොත් බිට් කොයින් කියන්නෙත් අපි එදිනෙද බාවිතා කරන රුපියල්, ඩොලර්, යුරෝ වගේම මුදල් වර්ගයක්..නමුත් බිට් කොයින් වල විශේෂත්වයක් තියනව ඒතමයි බිට් කොයින් අපිට අතින් අල්ලන්න බෑ ඒ කියන්නේ බිට් කොයින් මුදල් නෝට්ටු හෝ කාසි කියල දෙයක් නෑ..

එකට හේතුව තමයි බිට් කොයින් කියන්නෙත් cryptocurrency වර්ගයක් දැන් ඔබ බලනව ඇති මොකද මේ cryptocurrency කියන අමුතු වචනේ කියල. cryptocurrency කියන වචනෙන් කියවෙන්නේ ගොඩක් ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කරලා ආරක්ෂා කරල තියන මුදල් ඒකකයක් කියන එක.කොටින්ම කියන්වනම් සාමාන්‍ය මුදල් හොර සල්ලි විදියට අච්චු ගැහුවට මේවා එහෙම හොරට හදන්න බෑ. cryptocurrency වර්ග ගොඩක් තියනව Litecoin, Ethereum, Dash ,Bit Coin .

මේවා අතරින් Bit Coin තමයි මේ වන විට ගොඩක් ජනප්‍රිය වෙලා වගේම ගොඩක් අයගේ අවදානයට ලක්වෙලා තියෙන්නේ

මේ බිට් කොයින් වල විශේෂතා ගණනාවක් තියනව අපි දැන් බලමු ඒ මොනවද කියල

ප්‍රදානම දේ තමයි බිට් කොයින් මුළු ලෝකෙටම තියෙන්නේ මිලියන 21

ඔබ දන්නවනේ සාමාන්‍ය අපි භාවිත කරන රුපියල් වගෙ මුදල් එකකයක්නම් මුදල් මදි වෙන කොට අලුතෙන් මුදල් අච්චු ගසන බව නමුත් බිට් කොයින් එහෙම නෑ. මුළු ලෝකෙටම බිට් කොයින් කියන්නේ මිලියන 21 විතරයි .ඉතින් ඔබට තේරෙනව ඇතිනේ යම් භාණ්ඩයක් හිගවෙනකොට කොට ඒකෙ මිල ඉහල යනවා කියල, ඉතින් බිට් කොයින් වලට වෙලා තියෙන්නෙත් ඒ දෙයම තමයි. 2009 දී බිට් කොයින් මුලින්ම හදුන්වා දෙන කොට බිට් කොයින් 130 අගය සමාන උනේ රුපියල් 1 කි එනම් අපිට එක රුපියලක් වියදම් කොට බිට් කොයින් 130 ලබාගැනීමේ හැකියාව තිබිනි, නමුත් පෙර සදහන් කල හිග තාවය නිසා මේ ලිපිය ලියන මොහොත වන විට බිට් කොයින් එකක අගය වන්නේ රුපියල් 2306472.69 ඒකියන්නේ එක බිට් කොයින් එකක් මිලදී ගැනීමට රුපියල් විසිතුන් ලක්ෂ හයදහස් හාරසිය හැත්තෑ දෙකයි සත හැට නමයක මුදලක් අවශය වෙන්ව කියන එකයි ඔබ මේ ලිපිය කියවන මොහොත වෙන විට මෙම අගය කීප ගුණයකින් ඉහල ගොස් තිබිය හැක

Bitcoin කියන්නේ කිසිම රටකට, ආයතනයකට, සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි.

ඔව් Bitcoin කියන්නේ කිසිම Bitcoin කියන්නේ කිසිම රටකට, ආයතනයකට, සංවිධානයකට හෝ පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි.මේකේ තේරුම තමයි මෙම මුදල් ඒකකය සමග ඔබට නිදහසේ ගනුදෙනු කරන්න පුළුවන් කියන එක .ඒ නිසා ඔබට කිසිදු අමතර වියදමකින් තොරව ඔබේ Bitcoin ඔබට ඕනෑම කෙනෙකුට යවන්න පුළුවන් Bitcoin ගණුදෙණුවක් නැවත කිසි දවසක ආපසු හරවන්න බැහැ. ඒ පිළිබඳවත් ඔබ අවධානයෙන් සිටිය යුතුමයි. වෙන කෙනෙක්ට Bitcoin ප්‍රමාණයක් ලබාදුන්නම, ඒ ප්‍රමාණය වැරදියි නම්, ඒ ගත්ත පුද්ගලයා ආයෙත් ලබාදුන්නොත් මිස ඔබට සිදුවන පාඩුව පියවන්න හෝ ඒ වෙනුවෙන් වගකියන්න කිසිවෙක් ඉඳිරිපත් වෙන්නේ නැහැ. මේ නිසා Bitcoin හරහා ගනුදෙනු කරද්දි බොහොම අවධානයෙන් ඒ කටයුතු සිදුකරන්න අවශ්‍යයි

Bitcoin ඔබට නිර්නාමිකව වුවත් භාවිතා කරන්නට පුළුවනි

Bitcoin ඔබට නිර්නාමිකව වුවත් භාවිතා කරන්නට පුළුවනි. Bitcoin ගිණුමේ හිමිකරුවන්ව හඳුනා ගන්නේත් Bitcoin ජාලයටම අනන්‍ය වෙච්ච විශේෂ ක්‍රමවේදයක් හරහායි. Bitcoin ජාලය විසින් කිසිම අවස්ථාවකදී එහි ගිණුම් හිමියන්ගේ විස්තර එළිදරව් කරන්නේ නැහැ. ඔබට අන්වර්ථනාමයක් යටතේ වුවත් Bitcoin හරහා ගනුදෙනු කළ හැකියි.

කොහොමද මේ Bitcoin මිලදී ගන්නේ

Bitcoin මිලදී ගන්නනම් ඔබට මුලින්ම Bitcoin Wallet එකක් තිබිය යුතු වෙනවා. මේ Bitcoin Wallet කියන්නේ Bitcoin ගබඩා කරලා තියාගන්න පුළුවන් ඇප් එකකට. ඔබගේ සියළු Bitcoin ගණුදෙණු පිළිබඳව විස්තරයකුත් මේ Wallet එකේ තියාගෙන ඉන්නවා. Bitcoin Wallet සේවාවන් ලබාදෙන විවිධ ආයතන සහ සංවිධාන අන්තර්ජාලයේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඔබ කැමති ආයතනයක් හෝ සංවිධානයක් හරහා ඔබගේ Bitcoin Wallet එක හදාගන්න පුළුවනි.

මේ තියෙන්නේ ජනප්‍රිය Wallet කීපයක්

www.bitcoin.com

www.coinbase.com

ඊළඟට ඔබ Bitcoin මිලදී ගත යුතු වෙනවා. ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එක හරහා Bitcoin මිලදී ගන්න පුළුවනි. නමුත් තවමත් ශ්‍රී ලංකාවට ක්‍රෙඩිට් කාඩ් හරහා Bitcoin මිලදී ගැනීමේ හැකියාව ලබාදීලා නැහැ. ඒ වෙනුවට ඔබට පුළුවනි Bitcoin හුවමාරු කරන (Exchange) ආයතන හරහා ඒවා මිලදී ගන්න.

පෙර සදහන් කල පරිදි Bitcoin එකක් මේ ලිපිය ලියන මොහොත වෙන විටත් රුපියල් 2306472.69 , නමුත් ඔබට Bitcoin ඉතා කුඩා ප්‍රමාණයක් පවා මිලදී ගන්න පුළුවනි. එක රුපියලක්, සත 100ක් වගේ Bitcoin එකක් හැදෙන්නේ කුඩා කොටස් 100,000,000කින්. ඒ අනුව අපිට මිලදී ගන්න පුළුවන් කුඩාම Bitcoin ප්‍රමාණය 0.00000001ක්. මේ කුඩාම Bitcoin ඒකකය හඳුන්වන්නේ Satoshi යන නමින්. ඔබ Bitcoin වලට නවකයෙක් නම් Satoshiවලින් ගනුදෙනු පටන් ගන්න පුළුවන්

මේ link එකෙන් ගිහින් ඔබට මිලදී ගන්න පුළුවන්

www.bitcoin.com/buy-bitcoin/

සල්ලි දීලා ගත්ත Bitcoin වියදම් කරන්නේ කොහොමද?

Bitcoin හරහා ගනුදෙනු කරන්න පුළුවන් වෙබ් අඩවි ඕනෑම එකකින් ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන සහ සමාගම් විශාල ප්‍රමාණයක් Bitcoin හරහා ගෙවීම් සිදුකරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඔබ එම ආයතන වල ලිස්ට් එකක් මේ link එකට ගිහින් බලා ගන්න පුළුවන්

ඔබ දැනටමත් Bitcoin භාවිත කරලා අත්දැකීම් තියන කෙනෙක් වෙනත් පුළුවන්, ඉතින් එහෙමනම් ඔබට අපේ ලිපියට පහලින් තියන comment කොටසේන් ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා.

By Chanuka Wijesundara