Shark කෙනෙක් මාළු ටැංකියක හැදී වැඩුනොත් ඌ විශාල වෙන්නේ අගල් 8 ක් පමණ පොඩි ප්‍රමාණයක්. එත් ඌ මහා මුහුදේ හැදුනොත් අඩි අටකට වඩා විශාල වෙනවා. ඌ කවදාවත් හැදෙන පරිසරයේ ප්‍රමාණයට වඩා විශාල වෙන්නේ නෑ .

ඒ වගේම තමයි ඔයත් ඔයා ඉන්න පරිසරය අනුව ඔයා දියුණු වෙනවද ඉහලට යනවද කියල තීරණය වෙන්ව. පොඩියට හිතන මිනිස්සු එක්ක, හැමදාම එකම විදියට ඉන්න දගලන මිනිස්සු ඉන්න පරිසරයෙන් ඈත් වෙලා අලුත් දේවල් හොයන දියුණු වෙන්න බලන මිනිස්සු එක්ක එකතු වෙන්න. ඔයාට නොදැනීම ඔයාගේ සාර්ථකත්වය වර්ධනය වෙන්න පටන් ගනී.