සාමාන්‍යයෙන් මැනුවල් ගියර් වාහනයක් පදිනවාට වඩා පහසුවෙන් ඔටෝ ගියර් වාහනයක් පැදගෙන යාමේ පහසුව නිසාම අලුතෙන් වාහන මිලදී ගන්න ගොඩක් දෙනෙක් ඔටෝ ගියර් වාහනයක් මිලදී ගැනීමට පෙලබෙනවා..නමුත් ගොඩක් දෙනෙක් ප්‍රදාන ගියර කීපය හැර අනෙක් ගියර සම්බන්දයෙන් තියන දැනුවත් කම අඩු වීම හේතුවෙන් විවිද කරදර වලට මුහුණ පානවා විශේෂයෙන් නිවැරදි ලෙස ගියර බාවිතා නොකිරීම හේතුවෙන් ඔබේ වාහනය කාර්මික දෝෂ වලට පවා ලක්වෙන්න පුළුවන් ඉතින් අපි දැන් බලපු බොහොමයක් ඔටෝ ගියර් වාහන වල සුලබව දකින්න ලැබෙන ගියර කිහිපයක් සහ ඒවයෙන් සිදු වෙන ක්‍රියාකාරීත්වය ගැන එමෙන්ම මතක් කරන්න ඕන කාරණයක් තමයි ඔටෝ ගියර් වාහන වල සාමාන්‍යයෙන් මැනුවල් ගියර් වාහනයක මෙන් 1,2,3,4,5 R ආදී ලෙස නම් කර නොතුබුනද ඔටෝ ගියර් වාහන වලද 1,2,3,4,5 R ආදී ලෙස ගියර මාරු වෙන බව.

P – parking වාහනේ නතර කරන දාන ගියර් එක
R-rivers වාහනය පිටුපසට ගැනීමට යොදන ගියර් එක
D– drive වහනය පදවන විට යොදන ගියර් එක
2– මෙහිදී 1හා 2 යන ගියර වලට පමණක් මාරුවේ,2 ගියරය පාර ලිස්සන අවස්ථාවන්හිදී බොහොවිට යොදයි. 1,2 ගියර කදු නැගීමට නොයොදන්න.
එය එන්ජිමේ නිදහස් ගියර මාරුවීමට බාදාවකි.
L– මෙහිදී 1(පලමු ) ගියරයේ පමනක් ගමන් කරයි , 1 ගියරය අදික බෑවුම් සහිත පල්ලම් බහින අවස්ථාවන්හිදී බොහොවිට යොදයි.
මෙම 1,2 ගියර break පෑගීමෙන් තොරව බවිතා කලහැක. යම් හදිසි අවස්තාවකදී මෙම 2,L ගියර මගින් වාහනයේ වේගය අඩු කිරීමේ (Break මදිවිට) හැකියාව ඇත.

Shift lock – බැටරිය බැස start කල නොහැකි විටෙක මෙය press කර ගියරය neutral කර වාහනය තල්ලු කර ගරාජයෙන් එලියට ගතහැක. එහෙත් තල්ලු කර start කල නොහැක

OD-Over Drive මෙය off කරල තියන කොට ගියර් මාරු වෙන්නේ උපරිම 4 වෙනි ගියර් එක දක්වා පමණි මෙය බොහෝ විට සුදුසු වෙන්නේ බෑවුමක රථය දාවනය කරන අවස්ථා වලදියි රථය highway මාර්ගයක දාවනය කරන විට OD – ON කරගෙන යාමට වග බල ගන්න මොකද එතකොට වැඩි වේගයකදී 5 වෙනි ගියර් එකට මාරු වීම සිද්ද වෙන්ව එසේ නොකෙරුවොත් ගැටළුවක් මතු වෙන්න පුළුවන් මොකද මෙහිදී වැඩි RPM අගයකට එන්ජිම ක්‍රියාත්මක වේ එමෙන්ම එන්ජිමේ හීට්‌ එකද වැඩිවේ.