මත්තල ගුවන් තොටුපොළට ආපු ලොව විශාලතම ගුවන් යානය ගැන ලොකු උනන්දුවක් තියනවනේ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේකද ලෝකේ ලොකුම ගුවන් යානය කියන එක , ඔව් ඇත්තෙන්ම මේක තමයි ලෝකයේ ලොකුම ගුවන් යානය, මේ ගුවන් යානය හදුන්වන්නේ Antonov An-225 කියල ඒවගේම තවත් වැදගත් දෙයක් තමයි ලෝකෙටම තියෙන්නේ එකම එක ගුවන් යානයක් පමණයි ඇත්තෙන්ම මෙවැනි තවත් ගුවන් යානයක් නිර්මාණය කරන්න වැඩ ආරම්භ කලත් පසුව එය අතහැර දමනවා

Antonov An-225 ගුවන් යානය නිර්මාණය කරලා තියෙන්නේ 1980 දී සෝවියට් රුසියාව විසින් මෙම ගුවන් යානය නිර්මාණය කරන්න ප්‍රදානම හේතුවක් වෙලා තියෙන්නේ සෝවියට අභ්‍යවකාශ යාන ගුවන් ගත කරන එක පසුව සෝවියට් දේශය බිද වැටීමත් සමග සොවියත් අභ්‍යවකාශ වැඩසටහන නවතිනවා ඉන්පසුව 2001 පමණ මෙම ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් වැඩි දියුණු කරනවා

දැනට ලෝකයේ භාවිතවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන මෙය දිග මීටර් 84 කින් සහ පළලින් මීටර් 88 කින් යුක්තවන අතර එහි භාණ්ඩ කිලෝ දෙලක්ෂ පනස්දහසක් පමණ ප්‍රචාහනය කළ හැකිය. මෙමෙ ගුවන් යානය රෝද 32 කින් සමන්විත වෙන්ව ලොව විශාලතම මගී ගුවන් යානව වන A 380 ගුවන් යානයට තිබෙන්නේ රෝද 22 කි එමෙන්ම මෙමෙ Antonov An-225 ගුවන් යානයට එන්ජින් 6 කින් බලය සැපයෙනවා එමෙන්ම එයට 300,000 Kg ප්‍රමාණයක තෙල් දාරිතවයක්ද රැගෙන යන්න පුළුවන්

තවත් විශේෂ වාර්තාවක් මෙම Antonov An-225 ගුවන් යානාව සතු වෙන්ව ඒ තමයි ගුවනින් වැඩිම බරක් ගෙන යාමේ වාර්තාව ඒ 253,819 Kg බර ප්‍රමාණයක් රැගෙන යමින්.