පිරිමි අනියම් සබදතා වල පැටලෙන්නේ ඇයි. ( Part 1 )
බොහොමයක් විවාහක පිරිමි ( ගෑණු ගැන වෙනම කතා කරමු) අනියම් සබඳතා වල මුල් වරට පැටලෙනකොට කිසිසේත්ම අදහසක් නෑ අදාල පෙම්වතිය විවාහ කරගන්න හෝ දරු මල්ලො ටිකයි ගෑනිවයි ඒකි වෙනුවෙන් අත අරින්න ඔවුන් බොහෝ වෙලාවට අනියම් සබඳතාවයකට ආකර්ශණය වෙන්නෙ දීර්ඝ කාලිනව හෝ කෙටි කාලීනව විවාහ ජිවිතයේ ඇතිවන කටුක නීරස උදාසීන ස්වභාවයන් ප්‍රශ්න ගැටළු එක්ක පොඩි වෙනසක් අත් විදලා බලන්න වගේ කිව්වොත් හරි. උන් කල්පනා කරනවා බාගදා” අඩේ මටත් තියෙන්න එපෑ පොඩි විනෝදයක් “



හැබැයි හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නෙ ඊට පස්සෙ..මුලින් ශාරිරික සබඳතාවයකට එහා දෙයක් නම් බෑ එක්කො මන් ඔයත් එක්ක බුදියන්නම් ඔයාට ලව්ත් කරන්නම් හැබැයි බඳින්න නම් බෑ කියලා හැසිරීම් වලින් ඇතිකරගත්ත අර කිව්ව මහා agreement එක චුට්ට චුට්ට පළුදු කරන්න ගන්නවා.. කවුද? අනියම් සබදතාවයක පැටලෙන ගැහැණිය..මුලින් මුලින් frame එකකට කොටු වෙලා” ලොවට හොරෙන් තැනූ ලොවයි අපේ ආදරේ ” කිව්වට මොකද මේ දෙවනි ගැහැණියට අතිශය කුරිරු ආසවක් දැනෙන්න ගන්නවා මේ එකඟතාවය හිමින් හිමින් පළුදු කරලා අර පිරිමියා වටා ඇගේ ආදරය නැමති අඬු බඩු ටික දාලා ටික ටික ඔහුව නැට්ටටම තද කරන්න ..



දෙවනි ගෑනී ගාසා තීරේ කෙලවරටම ඇවිත් පලස්තීනෙට එරෙහිව අවි අමෝරාගෙන ඉවරයි.. ඒකීගෙ එකම ආතල් එක ” කොහොමින් කොහොම හරි තමුන්ලා දෙන්නගෙ හුටපටේ අරූගෙ කසාඳ ගෑනිගෙ කණේ ඇතිල්ලීම තමයි “
උපුටාගැනීම Chanya Herath