” ඔබේ විවාහය රැක ගැනීමට ඔබට ඇති උවමනාවම ඔබේ අනියම් බිරිඳටද ඒ ආකාරයෙන්ම ඇතැයි උපකල්පනය කිරීම ඔබේ විනාශයට මුලයි ” 😌

අද එතන ඉදන්—ආදරය විවාහයෙන් කෙලවර විය යුතුම නැත. ඕනෑම ගෑනියකට පිරිමියෙකුට ප්ලෙටෝනික ආදරයක් තිබිය හැක යනුවෙන් පණ්ඩිත ප්‍රබුද්ධ ටෝක් දෙසාබාමින් ඔබේ ජිවිතයේ හතරේ සීමාව ස්පර්ශ කරන අනියම් බිරිඳ ඊගාවට ඉව අල්ලන්නෙ සික්සර් එහෙකට තමයි😬..

ඔන්න ඔබේ සාමකාමී ජිවිතය ටික ටික අතුරුදහන් වෙන්න ගන්නවා.,

ඔබට සිද්ධ වෙන්නෙත් පරිප්පු හොද්ද ලිපේ තියලා ඇඳුම් අයන් කරන්න යන මිනිහෙක්ට වෙන වැඩේ😜හොද්ද නටයි කියලා බයේ හොද්ද බලන්නත් ඕනෙ… ඒ අස්සෙ පුච්චගන්නෙ නැතුව හරි රස්නෙට ඇඳුම් මැදගන්නත් ඕනෙ.. හොද්ද උතුරයිද කියලා කලබල වෙලා අයන් එක අත ඇරලා කුස්සියට දිව්වොත් ඇඳුම පිච්චෙනවා.. අයන් එක ශර්ට් එක උඩ කියලා මතක් වෙලා නටන හොද්ද දාලා දිව්වොත් හොද්දත් උතුරනවා😌මේක මාර annoying වැඩක් 🥴වැඩේ ගැස්සුනොත් සමහරවිට මේ දෙකම ඔබට ඉතුරු වෙන්නෙත් නෑ.. ඒ කොණ නවනකොට මේ කොණ පත්තු වෙලා .. අනියම් සබඳතාවයක ඉන්න ඔයත් මෙන්න මේ වගෙ.. සැනසීම හොයාගෙන ඇතුල් උන ජිවිතේ ටික දවසක් යද්දි තියෙන ලොකුම වෙහෙසකාරි වැඩේ වෙනවා…☺️ අනියම් සබඳතාවයක ඉන්න ඔබේ හිතෙන් අහන්න.. ඒ වෙහෙස ඔබේ ජිවිතේ නැද්ද??🙂

අනියම් ගැහැණිය මේ පීඩනය ටික ටික වැඩි කරන මොහොත වෙද්දි පිරිමියා ටිකක් සසල වෙනවා ..මුලින්ම ඇය කරන්නෙ ඉමෝශනලි බ්ලෑක්මේල් කිරීමක්.. අනියම් බිරිඳක් වීම නිසා සාමාන්‍ය පෙම්වතියකට වඩා ඇයට විඳින්න සිදුවි ඇති දුක් ගැහට කම්කටෝලු වලින් තමයි ඇය මේ බ්ලෑක්මේල් කිරීම පටන් ගන්නෙ.. හැබැයි එතනදි ඇය එක දෙයක් ගැන නොකියන්න පරිස්සම් වෙනවා😁ඒ තමයි මේ කියන දුශ්කර මාර්ගය — ” වෙන කාගෙවත් නෙමෙ ඇගේම තෝරාගැනීමක් කියන එක නොකියා ඉන්න”😌 එතනින් නිලය අල්ලන අනියම් බිරිඳ මීලගට අල්ලන්නෙ ඔබේ “” ඊරීසියාව ” කියන නිලය..”

මේ ඔයා දන්නෑනෙ අපේ අම්මලා මට කසාඳයක් හොයනවා.. අර අර අයියත් මගෙ පස්සෙන් එනවා හුම්!! හෙට අනිද්දම බඳිම්න වෙයි මට ” 🥺” අනේ ඉතින් ඔයා බඳින්නකො 😁 එතකොට තවත් ලේසීනෙ අපිට ” කියන්න පුළුවන් නම් අදාල පිරිමියා සාර්ථකයි..නමුත් ඒ අධියරට ඔබ එනකොට එහෙම කියන්න පුලුවන් තත්වයක ඔබ නෑ.. දැන් දැන් ඔබටත් සැකයි ඔබේම සිතුවිලි ගැන.. 🥴හැබැයි ඔබේ අනියම් බිරිඳ ඔබේ සැබෑම හැඟීම එලියට ගන්න මොහොත තමයි ඒක.. 😁එතනිනුත් ඇයට උත්තේජනයක් ලැබුනොත් ඇයව නවත්වන්න ඔබේ කසාඳ ගෑනිට තියා ඔබටවත් බෑ 😌මීලගට ඇය කරන කියන දේවල් වලට ඔබ විරුද්ධ උනත් එකයි නැතත් එකයි. ඇය දැන් දන්නවා ඔබේ නිලය හුස්ම හිරවෙන්නම අල්ලන හැටි..

ඉන් එහාට තවදුරටත් ඔබේ අනියම් සම්බන්ධය ලෝකයට රහසක් වෙන්නෙ නෑ ☺️දැන් අපි එන්නෙ කණින් කොණින් සිය ස්වාමිපුරුශයාගෙ අනියම් සම්බන්ධය කණ වැකෙන විවාහක බිරිඳක් හැසිරෙන අන්දම දිහාට..55% ක් විවාහක බිරින්දෑවරු සිය සැමියාගෙ අනියම් සම්බන්ධය අතටම අල්ලගන්නෙ අදාල ස්වාමිපුරුශයන්ගෙ හැසිරීමෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 😌 ඔව් ඒක එහෙම තමයි..අනියම් සම්බන්ධයක යෙදෙන බොහෝ සැමියන් නිරන්තරයෙන්ම පසුවෙන්නෙ මාර අනාරක්ෂිත හැඟීමක.. මෙන්න මේ අනාරක්ෂිත හැඟීම නිසාම ඔවුන් නිතරම පමණට වඩා ආරක්ශිත වෙන්න / හොඳ මිනිහා වෙන්න/ ආදරණීය වෙන්න යනවා .. සමහර විට ඔයා වැලිපීල්ලෙන් අකුරු ලියපු කාලේ ජංගි කොටේ ගහන් සෙල්ලම් බත් උයපු කාලේ ඉදන් හොඳාකාරවම දන්න කියන කාලා බලලා තියෙන ඔයාගෙ සුපුරුදු හෝහපුටු අමන ස්වාමි පුරුශයා එක පාරටම මේ හදිසියේ කවදාවත් නැතුවඅතිශය රෝමාන්තික වෙන්න එනවා නම් ප්‍රේමලිංගන දර්ශනෙ දාන්න එනවා නම් ඒ හෝහපුට්ටගෙ හැසිර්‍රිම මැරිලා ඉපදිලා වගේ හොඳ අතට හැරිලා නම් අන්න ඌව සැක කරන්න ඕනෙ පලවෙනි තැන 😁ඒ මොකද බහුතර මිනිස්සු තමුන්ගෙ ජන්ම ගති එහෙම ලේසියෙන් අත අරින්නෙ නෑ ලොකු හේතුවක් නැත්නම්.. 😌

බොහෝ වෙලාවට උබට දක්වන ඔය පමණට වැඩි ආදරය උගේ ගිල්ටියෙ කැඩපතක් වෙන්න පුලුවන් ගිල්ටියටත් වඩා ඒක තමයි උන්ට අනුව අනියම් සබඳතාවය රැකගන්න යොදන effort එකදෙක.. 35% ක් අනියන් සබඳතා ගෑනිට මාට්ටු කරලා දෙන්නෙ හෝ මාට්ටු වෙන තැනට වැඩ කරන්නෙ අදාල හොරගෑනි.. 😎තුන.ඉතුරු 10% ඉන්නවා උන්ගෙ ඒවා ගෑනි දැනගන්නෙ අවශේශ සමාජයෙ කාරුණික දැනුවත් කිරීම් වලින්😜මේවා ගැන පොත් ලියන්න පුලුවන් නමුත් අත රිදෙන නිසා කෙටියෙන් ලියන්නම්😁තමුන්ගෙ මිනිහට හොර මිනිහෙක් ඉන්නවා කියලා දැනගත්තම ගෑණු හැසිරෙන විදි දෙකක් තියෙනවා.. 1) පැනික් වීම2) පැනික් නොවී තවදුරටත් ඉවසීම ගොඩක් වෙලාවට ඔයා කියාවි.. ” පැනික් වීම ” තමයි මොංගල් වැඩේ කියලා.. 😬. නෑ අවස්ථාව යෙදෙන තැන අනුව පැනික් නොවීමත් සමහර විට අරට වඩා මොංගල්.. පැනික් වෙන ගැහැණු සහ පැනික් නොවන ගැහැණු කියන කොටස් දෙකම බොහෝ වෙලාවට මොංගල් වැඩ කරනවා..කසාඳ බිරිඳකට ටික වෙලාවක් / කාලයක් ගත වෙනවා තමුන්ගෙ මිනිහා ඒ වරද කරනවා කියලා පිලිගන්නත් 😌මොනවා කොහොම අහන්න දකින්න ලැබුනත් ඇය සැකයේ වාසිය මුලින්ම තමුන්ගෙ කසාඳ මිනිහට දීලා ඒ තරාදියෙත් කිරලා බලනවා..

ගොඩක් ගෑනු මුලින්ම කල්පනා කරන දේ ” එතකොට එයා මට දක්වන ආදරය බොරුද? නෑ වෙන්න බෑ.. එයා මටයි ආදරේ.. එයා කොහොමද වෙන කාටවත් ආදරේ කරන්නෙ?” නෑ මේක නම් කොහෙත්ම වෙන්න බෑ මේක බොරුවක් වැරදීමක් 🥺 මේ සාහිත්‍ය , කලාව , පඬි වදන් ඔක්කොගෙම බලපෑම නිසා මේ ලෝකෙ මිනිස්සු එල්බගෙන ඉන්න අන්තිම නරක වැරදි කල්පනාවක් තියෙනවාඒ තමයි ” එක් වරකදි ආදරය කල හැක්කෙ එක් අයෙකුට විතරයි ” 😁මේක තමයි ලෝකය පුරා මිනිස්සු සමූහ වශයෙන් අදහන ලොකුම බොරුව..එක පාරකට ආදරය කරන්න පුලුවන් එක්කෙනාට නම් එහෙනම් කොහොමද ලෝකය පුරා ආදරය ගැන සැක සහිත තැන් මතුවෙන්නෙ?පරස්පරයි නේද? යථාර්ථය .. 🙂ඒ නිසා ඒක නියතයක් නෙමෙ හැමවෙලේම..

ඒක නියතයක් නම් ඔබගෙන්ද ඔහුගෙන්ද මා හෙට දින සමුගන්නෙ කියලා ගෑනු / මිනිස්සු ඩිසපොයින්ට් වෙන්නෙ කොහොමද?ආදරය එක් වරකදි කිහිපදෙනෙක් අරබයා උනත් ඇති වෙන්න පුලුවන්.. මගෙ පෞද්ගලික අදහස ඒක..ඔයාගෙ මතය වෙනස් ඇතිමම මිට කලිනුත් කිව්වා.. ” එක් ගැහැණියක්/ පිරිමියෙක් ඔබට දෙන්නෙ එක් ආකාරයක වින්දනයක් , තවත් ගැහැණියක් ඔබට දෙන්නෙ තවත් ආකාරයක වින්දනයක්.. සමහරවිට කිසිම වින්දනයක් නොදෙන තුන්වෙනි ගැහැණිය ඔබට මාරම ලෙන්ගතුයි.. හතර පහ හය මීටත් වෙනස් “ඉතින් කොහොමද ඔබ තක්කෙටම කියන්නෙ ඔබේ මිනිහා අර ගෑනිටත් ආදරේ නෑ කියලා?කොහොමද ඔබ හරියටම ඔබට දක්වන ආදරය ගැන අධිතක්සේරුවක ඉන්නෙ?? 🙄ඒ නිසා මුලින්ම තමුන්ටම ඇක්සෙප්ට් කරගන්න ..”

ඌ එහෙම නෑ නෙමෙ ඌ එහෙම තමයි බන් ” 😁සමහර අනියම් සබඳතා නිසා දුක්විඳින ගෑනු අය මට කතාබහ කරද්දි එයාලා මාර විශ්වාසයෙන් කියන දෙයක් තියෙනවා” එයා පිට ගියා තමයි.. ඒක දැන් වෙලා ඉවරයි.. අඥී ඒ උනාට එයා ඒ මොනවා උනත් මට තමයි ආදරේ .. එයාගෙ මුළු ලෝකෙම මමයි අපේ දරුවොයි .. අනී චාන්නියා මොකක්ද මම කරන්න ඕනෙ?? මගෙ එකම උත්තරය ඒ වගේ අයට” මුකුත් කරන්නෙපා!😁ඔය මොංගල් තාලේටම හිතාගෙන උන්නා වගෙ ඉදිරියටත් ඉන්න.. ” මිනිහා පිට ගියා කියන එක ඇක්සෙප්ට් කලාට පස්සෙත්, ” ආදරේ” නියතියක් කියන එක තවමත් විශ්වාස කරන ගෑනුන්ට මට මොකක්ද දෙන්න ඉතිරිවෙලා තියෙන උපදේසේ?😬මන් එහෙම අය එක්ක කතා කරන්නෙත් හරි පරිස්සමින්.. මොකද පොඩ්ඩක් හරි අපි එයාලට පෙන්වලා දෙන්න හැදුවොත් තමුන්ගෙ මිනිහා ගැන එයාලා මවන් ඉන්න ෆැන්ටසිය බොරුය කියලා?එයාලට අපිව පේන්නෙත් පවුල කඩන්න ආපු යස්සනියක් වගෙ🤣🤣 මේක හරියට ” වටේ ගිහින් ආවත් මගේද ඇහුවම ? ඔයාගෙ කියනවා නම් ඇතිනෙ ” වගෙ මානසික තත්වයක්…😬

එයාලා දුක එක්ක දරාගැනිම එක්ක අසාධාරණය එක්ක සටන් වදින හැටි තේරුම් කරන්නවත් පුලුවන් අය නෙමෙ..දෙවනියට මන් හිතින් අත් අරින බිරින්දෑවරු වර්ගය තමයි” අඥී මගෙ මිනිහා පිට ගියා තමයි ඌ දැන් මට ආදලෙත් නෑ තමයි.. හැබැයි ඌ මට අඩුවක් කරම්නි ඥෑනි තාමත්.. හුම් මටයි දරු දෙන්නටයි හැමදේම දෙනවනෙ.. අනේ චාඥ්ඥියා මට මොකක් හරි විසඳුමක් කියන්න ඒත් 🥺?” හස්බන්ඩ් පිට ගියාට අඩුවක් කරන්නෙත් නැත්‍තම් මොන රෙද්දෙ විසඳුමක්ද හොයන්නෙ? කියලා අහලා හිත ඌවා කරන්න බැරි නිසා මන් මුවින් නොබැන ඉන්නවා ෆ්‍රෙන්😌ඒ කාණ්ඩයත් කවදාවත් දුකින් මුදවන්න පුලුවන් පිරිසක් නෙමෙ.. හස්බන්ඩ් පිට ගියාට එයාලාට අඩුවක් නෑ කියලා එයාලම කියනවා නම් අපිට එතන උන්ට දෙන්නත් කිසිම විසඳුමක් නෑ 😁බලාපොරොත්තු අත් හරින තුන්වෙනි බිරින්දෑවරු වර්ගය තමයි” තමුන්ගෙ මිනිහාගෙ හොර ගෑනිට පවා අනුකම්පාව දක්වන අඥී ඒ උනත් ඒකිත් පව්නෙ ” කියන උන් විශ්වාස කරන්න එහෙම උනුත් මට හම්බෙලා තියෙනවා.. උන්ට වෙන්නෙ අර දර මිටිය බඳින්න ගත්ත නයාට උන දේ තමයි😬 දුකයි..

නමුත් කරන්න දෙයක් නෑ හතරවෙනි වර්ගය තමයි ..” අඥී චාඥ්ඥියා මගෙ හස්බන්ඩ් පිට ගියා. ඌ මගෙ ඇස් දෙකට පේන්න බෑ.. දකිනකොට අප්පිරියයි.. වමනෙ යන්න තරම් .. මට තියා මගෙ බල්ලටවත් ඌව ඕනෙ නෑ. මං දැන් මොකද කරම්නෙ ? 🥺කියලා අහන බිරින්දෑවරු වර්ගය.. මේ වර්ගයේ බිරින්දෑවරුන්‍ට අපිට යෝජනා කරන්න හරිම ලේසී.. ” ඉතින් ඌව පේන්න බැයි ආයි ඌව එපා නම් ඩිවෝස් වෙන්නකො ” ඔන්න ලැබෙන උත්තරය” මට ඌව පේන්න බැරි එක ඇත්ත .. ඒත් මන් උගෙන් ඩිවෝස් උනොත් ලමයි එක්ක පාරට වැටෙනවනෙ චාඥ්ඥියා ..මන් කොහොමද ඊට පස්සෙ සර්වයිව් වෙන්නෙ? මට කියලා ස්ථාවරත්වයක් නෑඥී 🙄?? “අන්න තේරුනාද ඔබ කල පව් දුරදිග නොබල?😁ඔයා ඔයාගෙ මිනිහත් එක්ක දීග එද්දි ඔයාගෙ අධ්‍යාපනය , රස්සාව , ඔයා ආස කරන දේවල් බිමින් තියලා නම් ආවෙ ඔයාට දවසක අත් වෙන්නෙ අන්න ඒ ඉරණම..”

අපේ පෞලෙ ගෑනු කවදාවත් රස්සා කරන්නෑ”” ලැජ්ජ නැද්ද මගෙ ගෑනිව රස්සාවට ඇරලා ගෑනිගෙන් හම්බු කරන් කන්න??”කියලා බඳින්න කලින් ඔයාගෙ පෙම්වතා ඔයාව මැණික් මාලිගාවක් උඩ ඔයාව ඉන්දවලා තිබ්බත් කවදාවත් කසාදයක් නිසා තමුන්‍ගෙ අධ්‍යාපනය , රස්සාව, තමුන් කරන්න ආස දේ බිලි දෙන්න එපා..😁දවසක ඔයාට ලමයි එක්ක හෝ තනියම එලියට බහින්න උනොත් එදාට ඔයා ආර්ථිකව අස්ථාවරයි . ඔයාට යන එනමන් නෑ.. ඔයා මුලදිම ඔයාගෙම තටු කපාගෙන.. ඔයා ඔයාගෙ අනන්‍යතාව හස්බන්ඩ්ට පුදකරලා.. ඉතින් මන් හෝ කවුරු හෝ කොහොමද ඔයාට එලියට බැහලා ඩිවොස් වෙයන් කියන්නෙ?? 🙂 ඩිවෝස් වෙන්න කියලා යෝජනා කරන මම ඔයාට කන්න දේවිද? හස්බන්ඩ් අනියම් සබඳතා පවත්වන බිරින්දෑවරු තුන් දෙනෙක් ඇවිත් ඇහුවොත් ඒ තුන්දෙනාටම” දික්කසාද වෙන්න ” කියලා පොදු උත්තරයක් දෙන්න ඔයාට මට හෝ කාටවත් බෑ..

🙂ඒ මොකද එතන තියෙන්නෙ සිටුවේශන් තුනක් වෙන්න පුලුවන්.. අදාල ගැහැණු ඉන්න තැන එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්.. ඔවුන් වඩාත් කැමති විසඳුම් එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්.. අනියම් සබඳතා දැක දැකත් දික්කසාද නොවී ඉන්න කැමති ගැහැණු ඉන්නවා.. ඒක ඒ අයගේ තෝරාගැනිම.. ඒ තෝරාගැනීම අපේ මට්‍ටමෙන් විවේචනය කරන්න අපිට දුශ්කරයි..කෙනෙක් ලමයි නිසා දික්කසාද නොවී ඉන්නකොට තව ගෑණියෙක්” නෑ ලමයි හිටියත් ඒක මට මුගෙන් දික්කසාද වෙන්න ඒක බාධාවක් නෙමෙ ” කියලා හිතන්න පුලුවන්..එහෙම හිතන්න පුලුවන් ගෑනු ඇත්තටම ශක්තිමත් ස්ථාවරයක් හදාගත්තු මිනිහා මත පරපෝශිත නොවුන ස්වයං පෝශිත ගැහැණු..සමහරවිට ඔබ ආර්ථිකය අධ්‍යාපනය හා ආරක්ශාව අතින් ස්වයං පෝශිත නැති ගැහැණියක් නම් සැමියාගෙ අනියම් සබඳතාවයක් උසුලාගෙන් සිටීම හැර සමාජය යෝජනා කරන ” දික්කසාදය” ඔබට ප්‍රායෝගික නොවෙන්න පුලුවන්ආන්න ඒ නිසා කවදාවත් පරපෝශිත ගැහැනියක් වෙන්න එපා..

අද එලියට බැහලා යන්න උනත් විචිකිච්චාවක් නැති තරමට ඔලුව කෙලින් කරන් ඉන්න පුලුවන් මානසික ශක්තියක් ආර්ථික ශක්තියක් හදාගන්න මහන්සි වෙන්න.. ඒ වගේම පිරිමියෙක් උන ඔයා හිතනවද?ගෑනියෙක් ඔයාගෙ හොරගෑනි ගැන දැන දැනත් ඔයා එක්ක තාම පවුල් කන්නෙ ඔයාට ඇති ආදරය භක්තිය නිසා කියලා? 😁කිසිසේත්ම නෑ..🤣එක්කො ඒ ගෑනිට උබ වගෙ අපතයෙක්ව අත ඇරලා එලියට බහින්න තරම් ස්ථාවරත්වයක් නෑ.. ආත්ම ශක්තියක් නෑ. ඒකි අසරණයි ( එහෙම තිබ්බා නම් ඒකි යන්නෙ කොරහත් බිඳගෙන)එක්කො උබේ ගෑනි හැඟිම් දැනිම් නැති මල කඳක් වෙලා .. දීර්ඝ කාලිනව උබ වගෙ හෝහපුටුවෙක් එක්ක ඉදල ඉදලාම..එක්කො ඒකි උබේ ලමයින්ගෙ වහලෙක් වෙලා. උබ වෙනුවෙන් නෙමෙ ලමයි වෙනුවෙනුයි ජිවත් වෙන්නෙ..ඒ තුනම නෙමෙයි නම් ඒකි තාමත් උබ එක්ක ඉන්නෙ ගොම් බැඳපු කණුවක් නිසා 😁 ගොං ගහක් එක්ක කපටියෙක්ගෙ කම්බිනේශන් එක මරු.. අන්තිමට මට පොදුවෙ කියන්න තියෙන්නෙ..ඔයාගෙ කසාඳ ගෑනි ඔයාව කොච්චරවත් සැක කලත් දොස් කිව්වත් හැම කසාඳ ගෑනියෙක්ම තමුන්ගෙ මිනිහව 0.001 හරි විශ්වාසත් කරනවා.. එහෙම නැත්නම් උබේ පවුල කැඩිලා ගොඩක් කල්.. අන්න ඒ ගෑනියෙක්ගෙ බින්දුවයි දශම ගාණක හරි සොච්චම් විශ්වාසය නිසාමයි බොහොමයක් පවුල් අදටත් නොකැඩී ඉතිරිව තියෙන්නෙ.. ☺️නැතුව උබේ අප්පටසිරි වෙන දස්සතාවයකට නෙමෙ😁😁

උපුටාගැනීම Chanya Herath