අපේ ලොකු අයියට මැකලම්ගේ සිතියම් පොත කියලා ලොකු පොතක් තිබ්බා .

ඒකෙ පිටු දෙකේ ලංකා සිතියං කීපයක් තිබුන . පොඩි අයියයි මායි ඕක පෙරලගන්නව . මං දෙකේ වෙනකොට එයා හතරේ .

සිතියමේ තැනක නමක් හොරෙම්ම බලාගන්නවා . තැන කියලා සීයට ගනංකරන්න ඉස්සෙල්ල කිවුවොත් එයා දිනුං.බැරිවුනොත් පැරදියි.

නම් මහ ගොඩක් අස්සෙ මේක හොයන්න නං ඉක්මනට කියවන්නයි ඒව තියෙන තැන් මතක තියෙන්නයි ඕනෙ .

මේකෙං පුදුම විදිහට අපිට සිතියං පොත කටපාඩං වුනා ….

මාසයක් දෙකක් යනකොට නම කියපු ගමං ඕනෙ තැනක් හොයාගන්න පුලුවං වුනා .

නාකියාදෙනිය
පොම්පරිප්පු වගේ නම් අහල අපිට හරි හිනා …

පස්සෙ ගංගා , කඳුවල උස , ලෝක සිතියමේ රටවල් , ප්‍රධාන නගර දක්වාම සෙල්ලම ගියා .

පොතක පිටුවක් පෙරලලා විසිපහට ගනං කරන්න ඉස්සෙල්ල වචනෙ පෙන්නිල්ල මුල් එකට වඩා පොඩි සෙල්ලමක් .

ගෑනු පිරිමි මල් පලතුරු කරන්න කට්ටියක්ම එකතුවුනා. ඒකෙං හරි හරි දේ කරන්න පුලුවං .

ලූඩො ….ස්නේක් ඇන් ලැඩර්ස් වාගෙ සෙල්ලං කරන්න….
ඒවට කොටු නයි ඉනිමං අපිම ඇඳගත්ත.

පංචි දැමිල්ල , කැට සෙල්ලං , දාං ඇදිල්ල , ඉඳිං පෙලීම වගෙ ඒවත් චුට්ටක් ඉතර කලා .

මේ වගෙ ක්‍රීඩා කප්පරක් අපටම නිර්මාණය කරගෙන ….
පොඩිවුන් එක්ක සෙල්ලං කරනවනං අදවුනත් උපකාරක පංති ඕනෙ නෑ පොඩි කාලෙ .

ගං කෙටිල්ලත් මේ සිතියං පොත හින්දම වැඩි දියුණු වුනා

කොටු දෙකක් දෙන්න එක්ක ගහගෙන කරන නැවුවලට බෝම්බ දාන සෙල්ලම ……
පස්සෙ කාලෙක ප්‍රස්ථාරවල ලක්ෂ්‍ය ලකුනුකිරීම ටොයිස් වැඩක් කලා .

තේරවිලි තරඟත් තිබුන .

අත හුරුවෙන්න ලොකුම දෙයක් වුනේ…
අපිම හදපු…
රේසර් කරත්ත
රබර් ඇට රෝද මහ ගොඩක් තිබුනු වාහන..
ඉටිපන්දං කට්ට කපපු නූල්‍ රෝද රබර් පටි ඉරටු ටැට්ටේරි
රබර් පටි දාපු පිස්තෝල වාගෙ
දුසිං ගානක සෙල්ලම් බඩු හින්ද…

මරදානෙ රේල් පීල්ලට කන තියල කෝච්චිය කොයි හරියෙද එන්නෙ…
සතේ පීල්ල උඩ තියල ආප්ප හැදීම…

රතිඤ්ඤා දාල ටින් ගැලවීම
භූමිතෙල් වෙඩි
බීරංක..

වාගෙ ඒවත් තිබුන…
ඔක්කොම ජාති ලියන්න පිටු තුන හතරක් යයිනේ.

අර උඩ කිව්ව එව්වා අද වුනත් වච්චයි…

ඕනඅ අමාරු විෂයයක් ලේසියෙන්ම හිතට දුන්නෑකි සෙල්ලමක් විදියට …

මේ හදිස්සියේ හම්බූනු නිවාඩුව ප්‍රයෝජනවත් එකක් කරගම්මු…

පාඩම් නොකර සෙල්ලං කරමු….
ඉබේම පාඩංවෙයි අමතක නොවෙන්නම….

උපුටගනීමක්