Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා…

එයා තාත්තට කිව්වා..
“මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ” කියලා…

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු…

“ඕනේ කමක් වුනොත් බලන්න..”

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා…

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා….
මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා….
තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා….
ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා….
කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න….
කලබල ගතියක් දැනුනා…

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා…
Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා…

ඒකේ තිබුනේ…..

“පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා”
කියලා…

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ…
දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි….
දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ…
දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ…

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ…
දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි…

මතක තබා ගන්න…

” දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ…”